Divaina - සාම්ප‍්‍රදායික වී වලට නැවත ගියොත් කාලා හමාර බව මතක තබා ගන්න

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

සනත්එම්. බණ්ඩාර

veeeeees

කොවිඞ් 19 වෛරසයේ උත්පත්තිය පිළිබඳ විවිධ කතා පැතිර යන්නේය. එක මතයකට අනුව මෙය වනගත සතුන්ගේ සිට පැමිණ මිනිසාට ආසාදනය වූවකි. චීනයට ඉහළින් ඈත අහසේදී පුපුරා ගිය වල්ගා තරුවකින් නික්මී මෙහි පැමිණි බව කියවෙන පුවතක් ද කියවන්න ට ලැබුණි. මේ අතර විද්‍යාගාරයක් තුළදී, පැරණි වෛරසයක තිබූ ජාන වෙනස් කර මිනිසා විසින් නිපදවූ අංශුවක් බවට ද ඇතැම් පාර්ශ්වයන් විසින් සැක පළ කර සිටී. ජානය යනු කුමක්දැයි හෝ ජාන ඇත්තේ කොතැනක දැයි සාමාන්‍ය ජනතාව දන්නේ නැත. පාසල් දරුවන් අතරින් පවා එය හරියට දැන ගන්නට ලැබෙන්නේ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනීම ලැබුවහොත් පමණි. එසේ වුවත් ජාන ගැන නොදන්නා ඇත්තන් පිරිසක්, කෝවිඩයා එන්නටත් පෙරාතුව සිටම ජාන ගැන කතා කරමින් සිටින බව මෙරට ජනමාධ්‍යයන් ඔස්සේ අපට දැන ගන්නට ලැබෙමින් තිබේ. ඔවුන් කතා කරන්නේ ජාන ගැන පමණක්ම නොවන අතර ජාන වෙනස් කරමින් නව ජීවීන් බිහිකරන සංසිද්ධිය ගැන ද ඔවුහු කතා කරති. එසේ බිහි වෙන කෘෂිකාර්මික බෝග ගැනද කතා කරති. තම සම්ප‍්‍රපලාපවලට සමාජ පිළිගැනීමක් ද ලබාදිය යුතු නිසා, ජාන ගැන දන්නා උගතුන් කීප දෙනෙක්ද තම බයිලාවේ අත්වැල් ගායනයට ඔවුන් විසින්ම එකතු කරගෙන ඇත. තමා හොඳාකාරවම දන්නා විද්‍යාවේ සරල සත්‍යයන්ට පිටුපාමින් මේ ‘උගතුන්’ එතනට හේත්තු වී ඇත්තේ කුමක් හෝ කුට්ටියක් තමාගේ ඔඩොක්කුවට දා ගැනීමේ බලාපොරොත්තුවෙන් විය හැකිය. එසේ නොවන්නේ නම් විභාග පාස්කර උගතුන් බවට පත්වූවත්, නූල් බෝලයේ පැටලූම් ලිහා ගැනීමට තරමේ ඉවසීමක් නැති නිසාම, බුද්ධිමතුන් යන කාණ්ඩයට ඔවුන් අයත් නොවන නිසා විය හැකිය. වඩාත් අවාසනාවන්ත තත්ත්වය නම් පිටරටින් එන සහල් නැවට කෙළහලන්නේ නැතිව අපේම කියා බතක් කන්නට පින පහල කර දුන් වැඩි දියුණු කළ වී ප‍්‍රභේදයන්ටද, කාලකන්නි කෝවිඩයාට ඇලවූ ‘ජාන වෙනස් කළ’ ලේබලයම අලවන්නට, මේ මෝඩ රැල කටයුතු කරමින් සිටීමයි.

ජාන වෙනස් කරමින් ලෝකය පුරා මේ වනවිට නව ජීවීන් උපදිමින් සිටී. ජානයේ හැඩරුව නවීන ලෝකයට මුල් වරට විස්තරාත්මකව ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකානු ජාතික ජේම්ස් වොට්සන් හා බි‍්‍රතාන්‍ය ජාතික ෆ‍්‍රැන්සිස්ක‍්‍රික් යන විද්වත් දෙපල විසිනි. ඒ 1953 වසරේදීය. ඔවුන් හෙළි කළ ජානයේ ව්‍යුහ සැලැස්ම ‘ක‍්‍රික්වොට්සන්ගේ ඞී.එන්.ඒ. අණුව’ ලෙස අද දවසේ පාසල් ළමෝ පවා හදාරති. ලාංකික විද්වතුන් වැඩි දියුණු කළ වී වර්ග බිහි කරන්නට අඩිතාලම් දැමුවේ ක‍්‍රික් වොට්සන්ලා ජාන සොයාගන්නටත් කලින් බව, බොහෝ දෙනෙක් නොදන්නවා ඇත. වැඩ පටන්ගෙන ඇත්තේ 1952 දී මහාචාර්ය එම්. එෆ්. චන්ද්‍රරත්න මහතාගේ සහභාගිත්වයෙනි. ඔහු එකල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි උද්භිද විද්‍යාඥයා විය. (දැනට එවන් තනතුරක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ නැත.* මෙම කටයුතුවලට සමකාලීනව ආචාර්ය හෙක්ටර් වීරරත්නගේ ප‍්‍රධානත්වයෙන් බතලේගොඩ වී අභිජනන ස්ථානය ද ආරම්භ කරන ලදී. මුලදී ‘්‍ය’ සංකේතය සහිත වී වර්ගත්, පසුව ඊට, ඊටල ඛා හා ්එ යනාදී සංකේත රැුගත් නව වී ප‍්‍රභේදත් බිහිවූයේ මෙසේ ඇරඹුණු වී අභිජනන වැඩපිළිවෙළ හරහාය. ජාන වෙනස් කිරීම කෙසේ වෙතත්, 1973 දී ඞී.එන්.ඒ. සොයා ගත්තාට ක‍්‍රික් වොට්සන්ට නොබෙල් ත්‍යාගය හිමි වෙන විටත්, බතලගොඩ කණ්ඩායම විසින් වැඩි දියුණු කළ වී වර්ග දහහතරක්ම නිපදවා අවසන් කර තිබුණි. එච්. සංකේතය යටතේ අටක්ද, බී.ජී. සංකේතය යටතේ හතරක්ද, එල්.ඞී. යටතේ එකක් හා එම්.අයි. යටතේ එකක් ද ඒ අතර විය. ඒවා හැදුවේ ස්වභාවික පරපරාගන මූලධර්මයන්ට අවනත වෙමින් මිස, සිහිනෙන්වත් දැක නොතිබුණු ජාන වෙනස් කිරීමේ හුටපටයක් පටලවාගෙන නොවේ. එම මූලධර්මයන් ඔස්සේම යමින්, මේ වන විට වැඩි දියුණු කළ වී ප‍්‍රභේද අසූවක් බිහි කර අවසන්ය. ළදරු අවධියේ සිටම මෙවන් සහලකින් කුස පුරවා ගෙන කර දඬු උස් මහත් කර ගත් මෙම ඊනියා ‘උගතුන්’ කෙලෙස කැලෑ පත්තර ගැසුවත්, චන්ද්‍රරත්නලාට හා වීරරත්නලාට බත් කන ජනතාව වෙතින් හිමි වෙන පුණ්‍යානුමෝදනා වලින් නම් අදටත් අඩුවක් නැත. ඒ මිල්චාඞ් සංස්කෘතියෙන් රට මුදවාගෙන දේශීය සහලෙන් ස්වයංපෝෂිත කිරීම වෙනුවෙනි. සාරවත් ගෝල පරපුරක් ද මේ දෙපල විසින් රටට දායාද කර තිබේ. සේනාධීර, සන්දනායක, විග්නරාජා, තිස්ස රාජපක්ෂ වැනි චරිත ඒ අතර විය. මේ සියලූ දෙනා අද වන විට අප හැර ගොස් සිටියත්, එම කණ්ඩායමේ තවත් යෝධයෙක් වූ ආචාර්ය ධනපාල විද්වතාණන් තවමත් අප අතර සිටීම

යුගයේ වාසනාවකි. එහෙත් මේ අලකලංචිය හමුවේ එතුමානන් ද වික්ෂිප්තව සිටී.

”වී අභිජනනය කරමින් නව ප‍්‍රභේද නිපදවීමේ ඉතිහාසය ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තරමටම පැරණි කතාවක්නේ. අද වැඩි වෙලා තියෙන වී අස්වැන්න කැපවීමෙන් වැඩ කළ අභිජනන විද්වතුන්ගේ මහන්සියේ ප‍්‍රතිපලයක්. ඉස්සර කාලේ ගොවීන් වගා කළ අඩු අස්වැන්නක් ලබා දුන් වී ප‍්‍රභේද පරද්දන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වැඬේ කෙරුවේ ඇයි? දිවයිනේ පළවෙන පැරණිතම කෘෂිකර්ම සඟරාව වන ඔරදචසජ්ක ්ටරසජමකඑමරසිඑ පොතේ වෙළුම් අංක 3 (ජූලි-සැප්තැම්බර්,1945* හි පිටු අංක 191 හි ලියවිලා තියෙනදේ කියවලා බලන්න. උත්තරේ හිතාගන්න පුළුවන් වෙයි. එතැන ලියලා තියෙනවා 1940 දී ලංකාවේ සහල් අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක්ම පිටරටින් ගෙන්නුවා කියලා. ඒ කාලේ කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වෙලා හිටියේ ඞී.රින්ඞ් (ෘග ඍයසබා* කියල කෙනෙක්. ඔය කියන සඟරාවේම, වෙළුම් අංක 2, (අපේ‍්‍රල්-ජුනි, 1945* හි පිටු අංක 64-68 දක්වා පළ කරල තියෙනවා ”ලංකාවේ වී අස්වැන්නේ අභිවෘද්ධිය” (ෂපචරදඩැපැබඑ දෙ ඡු්ාාහ ශසැකාි සබ ක්‍ැහකදබ* කියල ලිපියක්. මෙහෙයවපු වී වර්ගවල සාමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් 13ක් (හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 0.65ක්* වගේ ඉතා අඩු අගයක පැවති බව එතන ලියලා තියෙනවා. ඔන්න ඔය තත්ත්වයෙන් ගොඩ එන්න තමයි අපි අලූත් වී ජාති හැදුවේ. ඕවා හැම එකක්ම ස්වභාවික අභිජනනයෙන් උපන් ඒවා මිසක්, ලෝකයේ අද හැදෙන ජාන වෙනස් කළ බෝග ගණයට වැටෙන ඒවා නෙවෙයි.”

දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම සහල් අභිජනන විද්‍යාඥයා වන ආචාර්ය එම්. පී. ධනපාල මහතා නව වී වර්ග සෑදීමට පදනම් වූ අතීත හේතු ගෙන හැර පෑවේ එලෙසිනි.

කුමක්ද මේ ජාන වෙනස් කිරීම කියන්නේ? විද්‍යාවේ බල මහිමය හරහා කිසියම් ක‍්‍රමවේදයක් හරහා ජීවියෙකුට අදාළ ජාන සැලසුම වෙනස් කිරීම මින් අදහස් කෙරේ. මෙවන් ජීවියෙකුට උත්පත්තිය දුනහොත්, ඔහු ප‍්‍රකාශ කරනුයේ අමුතුම ආකාරයේ ලක්ෂණ සංයෝජනයකි. එය තම ‘වරිගයට‘ හෝ පරම්පරාවට අයත් ගති ගුණ හෝ ලක්ෂණ නොවෙනු ඇත. මිනිසා එවැනි දෑ කරන්නේද තම අවශ්‍යතා වෙනුවෙන් ඔහුගේ වාසියටය. බඩඉරිඟු ශාකයේ ජාන වෙනස් කිරීම එක උදාහරණයකි. ඒ හරහා විද්වතුන් විසින් ග්ලයිෆොසෙට් වැනි වල්නාශක සමග ගැටුණාට නොමැරෙන බඩඉරිඟු නිපදවා තිබේ. දැන් මහා පරිමාණයෙන් බඩඉරිඟු වවන විදේශික වගාකරුවන් හිතේ හැටියට, කිසිදු පරිස්සමකින් තොරව වල් මර්දනය සඳහා වගාවන්ට ග්ලයිෆොසෙට් යොදනු ලබන අතර, වගාවේ ඇති සියලූම පැලෑටි ග්ලයිෆොසෙට් වැදී මැරුණත්, බඩඉරිඟු මැරෙන්නේ නැත. මේ හරහා වගාකරු වඩාත් පහසුවෙන් හා අඩු වියදමකින් තම වගාවේ වල් පැල මර්දනය කරගනී. එහෙත් වැඩිවැඩියෙන් ඉසිනු ලබන ග්ලයිෆොසෙට් බඩඉරිඟු ශාක හා රැුඳී තිබී අස්වැන්නට එකතුවීමෙන් සිදුවෙන අවදානම ගැන ඔහු සිතන්නේ නැත. ගණන් හිලව් අතරට අයත් නොවෙන එවැනි දෑ ගැන ආත්මාර්ථකාමී ගොවියා කිසිදු තැකීමක් නොකරයි. ඔහු නොසලකා හැරියත්, එම අවදානම භාරගන්නට වෙන්නේ, ජාන වෙනස් කළ බඩඉරිඟු යොදා සාදන සත්ව ආහාර අනුභව කරන සතුන්ටත්, එම සතුන් මරා මස් කන මිනිසුන්ටත්ය. මේ නිසාම ඇතැම් රටවල් ජාන වෙනස් කර නිපදවන ලද බෝග අස්වැන්න ප‍්‍රතික්ෂේප කිරීමට නීති මගින් කටයුතු කර තිබේ. ශ‍්‍රී ලංකාව ද ඉන් එක රටකි.

ජාන වෙනස් කළ ආහාර නොහොත් ජී.එම්. ආහාර (ඨැබැඑසජ්කකහ ඵදාසසෙැා ත්‍දදා* මෙරටට ද ගොඩබෑම තහනම්ය. තහනම ඉවත් කරගැනීමට අවශ්‍යවන්නේ ආහාර තොගය ජී.එම්. නොවන බවට නිෂ්පාදකයාගෙන් ලබාගත් සහතිකයක් පමණි. ඉන් ඔබ්බට සොයා බැලීමක් ඇතැම් විට මෙහිදී සිදු නොවිය හැකිය. කුඩා ප‍්‍රමාණයේ ඇසුරුම්වලින් පවා අප වෙතට එන සැකසූ ආහාර පැකට්වල ජාන වෙනස් කළ දෑ අන්තර්ගත නොවේ යන්න සඳහන් වන්නේද, ප‍්‍රධාන වශයෙන්ම මෙරටදී ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා සනාථ කරගත් කරුණු මත නොව, ආනයනික තොගය සමග ලැබුණු ඉහත දැක්වූ සහතිකය කෙරෙහි තැබූ විශ්වාසය මතය. ආහාර ඇසුරුමක යමක් සඳහන් කළ යුතු ආකාරය දැක්වෙන නීතිරීති මෙන්ම ආචාර ධර්ම ද තිබේ. ඒවා අපේ රටේ භාවිතා වෙන ආකාරය ගැන කතා කිරීම පවා නිෂ්ඵල කරුණකි. පාරම්පරික සහල් වශයෙන් ලේබල් ගසා ගිනි ගණනට අලෙවි කරන ඇතැම් හාල් පැකට්වල සඳහන් වෙන තොරතුරු සනාථ කරගත්තේ කුමන විද්‍යාගාරයකදී, කිනම් පර්යේෂණ හරහා දැයි විමසන්නට කෙනෙක් පාරිභෝගිකයින් අතර නැත. අරකට මේකට හොඳයි යනුවෙන් සඳහන් වෙන තොරතුරු වැඩි ප‍්‍රමාණයක් කටකතා මත පදනම්වූ ඒවා මිස පර්යේෂණ මගින් සනාථ කරගත් ඒවා නොවේ. මේ සහල් මිලට ගන්නේත්, සාමාන්‍ය පාරිභෝගිකයින් නොවන නිසා එතරම් සිත නරක් කරගන්නට ද උවමනා නැත. සිල්ලරට හාල් විකුණන ගෝනි දෙස බලා මිල ගණන් විමසනවා මිස, රාක්කවල අසුරා ඇති කිලෝව රුපියල් දෙසීයත් පන්න වන මේ සහල් පැකට් දෙස සාමාන්‍ය ජනතාව බලන්නේවත් නැත. කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහල් පැකට්වල ලියා ඇති ගුණාගුණ ඉස්මුදුනින් පිළිගන්නා පාරිභෝගික පැලැන්තියක්, ‘ජාන වෙනස් කළ ද්‍රව්‍ය අඩංගු නොවේ’ යන ලේබලය ඇස් වසා ගෙන විශ්වාස කිරීම ගැන ද පුදුම විය යුතු නොවේ.

ජාන වෙනස්වීම යනු ජීවීන්ගේ ප‍්‍රජනනයෙදී අනිවාර්යයෙන්ම පාහේ සිදුවන්නෙකි. ඒක ෙසෙලික ඇමීබා වැනි සතෙක් හෝ ගැඩවිල් පණුවෙක් වැන්නෙක් දෙකඩ කැඞී අලූත් සතුන් දෙදෙනෙක් බිහිවෙත්දී නම් දරුවන් දෙදෙනාගේ ජාන වෙනස් වී නැත. එසේ වුවත් ගැහැණු පිරිමි පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සිදුවෙන ලිංගික ප‍්‍රජනනයේදී නම්, බිහිවෙන දරුවන්ගේ ජාන අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ ජානවලට වඩා වෙනස් වන අතර දරුවන්ගේ ඇත්තේ එම ගොනු දෙකෙහි සංකලනයකි. එනම් මෙම දරුවන් ‘පොතේ හැටියට’ කියනවා නම් ජාන වෙනස්වූ ජීවීන්ය. තවද ඒවා සිදුවන්නේද ස්වාභාවිකවය. කළ යුතු හෝ සිදුවෙන වෙනස දන්නේද ස්වභාවධර්මය පමණි.

සොබා දහමේ මෙම ලක්ෂණ මිශ‍්‍රවීමට ‘ඇඟිලි ගසන’ කෘෂි විද්වතුන් විසින් ද තම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගනිමින් අලූත් බෝග මාදිලි නිපදවීම සිදු කරයි. එතනදී පළමුවෙන් ඔවුහු තමාට කැමති ගතිලක්ෂණ සහිත මව් හා පිය ශාක තෝරා ගනී. අනතුරුව ඒවා එකිනෙක මුහුම් කරවනුයේ පරපරාගනය නමැති සංසිද්ධිය ඔස්සේය. මේ හරහා සුවිශාල දරු පරම්පරාවක් බිහි කරගන්නා ඔවුහු එම දරුවන් අතර තමාට රුචිලක්ෂණ එකට ගාල්කර ගත් දරුවන් ඇති දැයි පරිස්සමින් සොයා බලති. විශාල දරු පරම්පරාවක් බිහිකර ඒවා පිරික්සීමේදී කීපදෙනෙක් හෝ සොයාගැනීමත් එතරම් අපහසු නොවේ. මුහුම සිදුකරන විද්වතාගේ ‘අත්ගුණය’ හොඳ නම් බොහෝ විට වැඬේ ඉක්මනටම හරියයි. එසේ තෝරාගන්නා දරුවන්වත් පරම්පරා ගණනාවක් තිස්සේ වගා කරමින්, අදාළ ලක්ෂණ ගොනුව මගදී හැලෙන්නේ නැතිව විශ්වාසදායී ලෙස පරම්පරා හරහා ඉදිරියට යන්නේ යයි තහවුරු කර ගත හැකි නම් පමණක් ‘නව ප‍්‍රභේදයක්’ ලෙස එය හඳුන්වා දෙනු ලැබේ. බෝගයටවත්, මිනිසාටවත්, පරිසරයටවත් මෙම ඇඟිලි ගැසීම හරහා කිසිදු අවැඩක් සිදුවී නැති බව දැන් පැහැදිලිය. වර්තමානයේදී මෙරට වගාකරන, ඉහත දැක්වූ වැඩිදියුණු කළ වී ප‍්‍රභේදයන් සියල්ල මේ ආකාරයට බිහි කළ ඒවාවේ. මිනිසාගේ සහභාගිත්වයෙන් සිදුව ඇත්තේ රටෙහි ආහාර සුරක්ෂිතතාවයට උරදිය හැකි දරුවා තෝරාගෙන ඉදිරියට බෝ කිරීම පමණි.

නවීන විද්‍යාවේ කියවෙන ජාන වෙනස් කළ ජීවීන් යනු මේවා නොවේ. ශාකයක, සතෙකු තුළ පමණක් නොව අඩුතරමින් බැක්ටීරියා වෛරස් වැනි ක්ෂුද්‍ර ජීවියෙකු තුළ හෝ පවතින ජාන සැලැස්ම හෝ සංයුතිය, විද්‍යාගාරයක් තුළදී කෘතිමව වෙනස් කර අලූත් ජාන සැලැස්මක් සහිත ජීවියෙකු තැනුවේ නම්, එම ජීවියා ජාන වෙනස් කළ

ගණයට වැටේ. මොවුන් දරන ජාන රටාව සොබාදහමේ පවතින්නක් නොවේ. අඩු තරමින් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන් සෑදෙන දරු පරපුරක හෝ තිබෙන සංයුතියක් ද නොවේ. විද්‍යාඥයින්ගේ මැදිහත්වීමෙන් කරන මෙම විපර්යාසය ජාන ඉංජිනේරු විද්‍යාව ලෙස ද හඳුන්වන අතර ලෝකයේ මුලින්ම මේ හරහා නිපදවූයේ කැනමයිසින් නමැති ප‍්‍රතිජීවක ඖෂධයට ඔරොත්තු දෙන බැක්ටීරියාවක්ය. ඒ 1973 දීය. පළමු සත්වයා ලෙස බිහිවූයේ 1974දී ජාන වෙනස්වූ මීයෙකි. පළමු ශාකය ප‍්‍රසූතිය ලැබුවේ 1982දීය. එය වනාහී ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දෙන දුම්කොළ ශාකයකි. ඒ වන විට අප වැඩි දියුණු කළ වී ප‍්‍රභේද විසිනවයක් ක් සාදා අවසන්ය!!. අපේ විද්වතුන් ඒවා හැදුවේ ජාන වෙනස් කිරීමෙන් යයි කියන කණ්ඩායමට දැන් ඉතින් ඉතිරිව ඇත්තේ ලෝක ඉතිහාසය අලූතින් ලියන්නටයි. එයටත් යම් කිසි සුදුසුකමක් අවශ්‍ය නිසා, ජාන වෙනස්කිරීමේ බාලාංශ පාඩම් උගන්වන නයිට් ක්ලාස් එකකටවත් ගොහින් එන්නේ නම් වඩාත් හොඳය.

කිසියම් ප‍්‍රාණියෙකු ජාන වෙනස් කළ තත්ත්වයට පත්වන්නේ ඔහුට අයත් නොවන පිටස්තරයෙන් හඳුන්වාදෙන ආගන්තුක ජාන මගින් මූලික ජාන සංයුතිය වෙනස් කළ විටදීය. මීට කදිම උදාහරණයක් වන්නේ හියුමුලීන් (්‍යමපමකසබ* නමැති නිෂ්පාදනය ලබාගැනීම උදෙසා ජාන වෙනස් කළ බැක්ටීරියා වර්ගයක් නිපදවීමයි. මිනිසාගේ රුධිරගත සීනි ප‍්‍රමාණය යාමනය කරනු ලබන්නේ අග්න්‍යාශය නමැති අවයවය මගින් නිපදවන්නා ඉන්සියුලින නම් හෝර්මෝනය මගිනි. ඉන්සියුලින් නිපදවීමට අදාළ සංඥා සලකුණ සහිත ජාන මිනිස් සිරුරේ තිබේ. එම ජාන වෙන් කරගෙන එස්චරෙචියාකෝලයි නොහොත් ඊකෝලයි නමැති බැක්ටීරියාවේ ජානවලට බද්ධ කරගන්නට මිනිසා සමත් වී තිබේ. දැන් මෙය ජාන වෙනස් කළ බැක්ටීරියාවකි. මන්ද යත් එය දරන ජානවලින් කොටසක් ඔවුනට අයිති නැති, මිනිසාට අයත් ඒවා වීමයි. අදාළ සංඥාජාන දරන නිසා මෙම බැක්ටීරියාවට ද දැන් ඉන්සියුලින් නිපදවන්නට පුළුවන. බැක්ටීරියා වේගයෙන් ගුණනය වේ. ඔවුන් වේගයෙන් ගුණනය වෙනවා යනු මෙම ජාන ද වැඩි වැඩියෙන් නිපදවීමකි. යම් වර්ධක මාධ්‍යයක මෙම බැක්ටීරියා වගා කරමින් අස්වැන්න ලෙස ඉන්සියුලින් ලබාගැනීම සිදුකරන අතර පිටතින් ඉන්සියුලින් හෝර්මෝනය දිය යුතු දියවැඩියා රෝගීන්ට ලබාදෙන්නේ හියුමුලීන් වශයෙන් වාණිජව අලෙවි කරන, බැක්ටීරියා

මගින් නිපදවන මෙම ද්‍රව්‍යයයි.

පුදුමය වන්නේ ජාන වෙනස් කළ ජීවීන්ගේ අගුණ දකින කිසිම කෙනෙක් මේ දක්වා මෙම සංසිද්ධිය විවේචනය කිරීමට වෛද්‍ය ක්ෂේත‍්‍රය තුළින් හෝ ඉන් පරිබාහිරව හෝ ඉදිරිපත් නොවීමයි. ඔවුහු නෑසූකන්ව සිටී. එසේ සිටිමින් වී පර්යේෂකයින්ගේ සුජාත දරුවන් වූ වැඩිදියුණු කළ වී ප‍්‍රභේදයන්ට කැලෑ පත්තර ගසති. ආචාර්ය ධනපාල මහතා පෙන්වා දෙන පරිදි, සුද්දාගේ සමයේදී මෙරට වැවූ අක්කරයකට බුසල් දහතුනක පමණ අඩු අස්වැන්නක් ලබා දුන් වී වර්ග ‘ඔරිජිනල්බඩු’ ලෙස ඔසවා තබන්නට මෙම කැලෑ පත්තර හරහා ඔවුහු උත්සාහ දරති. ඒවායින් අක්කරයකට බුසල් අසූවක් පමණ අස්වැන්න ලැබිය හැකි බවට සංඛ්‍යාලේඛන දත්තයන් පෙන්වති. තත්ත්වය එසේ නම් හතලිහ දශකයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ධුරයේ සිටි රින්ඞ් නමැති සුදු මහත්මයා ට්‍රොපිකල් ඇග්රිකල්චරිස්ට් සඟරාවට ලියා ඇත්තේ ගල් පැලෙන කෙප්පයක්ය. ඒ මත ක‍්‍රියාත්මක වෙමින් වීරරත්නලා, සේනාධීරලා හා ධනපාලලා ඇතුළු වී අභිජනන විද්වත් කණ්ඩායම අව්වට කර වෙන කුඹුරු ලියැදිවලට බැස, මඩ නා ගෙන සරඹ කර ඇත්තේ පෙර කළ කරුමයකටය. රටේ කරුමය වන්නට ඇත්තේ සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද වගා කර රට සහලින් ස්වයංපෝෂණය කරන්නටත්, ආහාර සුරක්ෂිතතාවය රඳාගන්නටත් හැකියයි විශ්වාස කරන කණ්ඩායම, රින්ඞ් අධ්‍යක්ෂවරයාගේ සමයේ මෙරට ඉපදී නොසිටීමයි. කාලය දේශය දීපය බලමින් මේ යුගයේදී ඔවුන් මෙහි පහළවී ඇත්තේ, ජාන වෙනස් කළ සහලින් ස්වයංපෝෂණය වී ඇති මෙරට ජනතාව විපතින් මුදාගෙන, ඔරිජිනල් ජාන තිබෙන මිල්චාඞ් හාල් පිටරටවලින් ගෙනැවිත් කවන්නට විය හැකිය.

ඔබට ටික දෙනෙක් රැුවටිය හැකිය. සෑම දෙනාම ටික කලකට රැුවටිය හැකිය. එහෙත් සෑම දෙනාම හැමදාමත් රැුවටිය නොහැකිය. ප‍්‍රස්ථා පිරුළක එසේ ලියා තිබුණි.




 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles