Divaina - හිරු නොබසින රාජ්ජෙටත් ඇට සහ පැළ හිඟයක් !... කොරෝනා වයිරසය නිසා සිදාදියටත් ගොවිතැන් උණ හැදිලා !

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


hiru

* ලොකු නගරවල පියැසි වලට අතිරේක වගකීමක්

සනත් එම්. බණ්ඩාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


කොරෝනා වසංගතයෙන් වැඩිපුරම පහරකෑ භූමි භාගය වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අතරිනුත් නිව්යෝර්ක් ප‍්‍රාන්තයයි. දිනක් ඇතුළත එහි සිදුවෙතැයි කියවෙන මරණ සංඛ්‍යාව ගැන අසද්දී පවා ඇඟ කිලිපොලා යන්නේය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නමැති විශේෂිත උපකරණයකින් පමණක් දැක බලාගත හැකි තරමේ අතිශය කුඩා ජීවියෙකුගේ පහර කෑමට ලක්ව මේ මැරී වැටෙන්නේ මදුරුවන් කැරපොත්තන් නොව ලොවක් ජයගත් මනුස්සයින්ය. පිටතට යාමේ අවසරය රජය මගින්ම අහුරා තබන ලද පසුගිය දිනෙක නිවෙස තුලට ගාල්වී, වසංගතය පිබඳ ඕපාදූප කියවමින් සිටිනා විටෙක නිව්යෝර්ක් නුවර ගැන ලියවුනු වෙනත් ලියවිල්ලක්ද හදිසියේ ඇස ගැටුණි.

ගොවිතැන හා බැඳුනු එකක් නිසා කියවීමට තිබූ උනන්දුවද වැඩිවුනි.

එහි දක්වා තිබුනේ නිව්යෝර්ක් නගරයේ පිහිටන ගොඩනැගිලිවල තිබෙන හිස් වහල මත එළවලූ‍ වැවුවානම්, එම නගර වැසියන් මේ වනවිට පාරිභෝජනය කරන දෛනික එළවලූ‍ ප‍්‍රමාණය මෙන් දෙගුණයක් වුවද නිෂ්පාදනය කරන්නට හැකි බවයි. ඒ තරම් විශාල ඉඩ ප‍්‍රමාණයක් ගොඩනැගිලි වහල මත තිබේ. පියැසි උද්‍යානකරණය වැනි සංකල්පයන්ද මේ වනවිට ලොවපුරා උවමනාවටත් වඩා ජනනගත වී ඇති නිසා, මෙවැනි ගණන් හිලව් ඉදිරිපත් කිරීමද කාලෝචිතය. නාගරීකරණය හා ගෝලීයකරණය පසුපස අපටත් කලින් හඹාගිය කණ්ඩායම්, තරමක් ආපසු හැරී, මෙවන් ගණනයකිරීම් හරහා අලූ‍ත් ගමනක් යන්නට සුදානම් වෙනබව කලකට පෙර සිටම අපට දකින්නට ලැබුණු අතර ඔවුන් මේ කතාකරන්නේ නාගරික කෘෂිකර්මාන්තය ගැනය. මේ වෙනුවෙන් ඇතැම් විදේශික සරසවි තුල පාඨමාලා පවා අරඹා තිබේ.  

ඇමරිකාවේ වර්තමාන ජනපති ට‍්‍රම්ප් මහතා විටෙක පවසන්නේ කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර වශයෙන් මැලේරියා බෙහෙත් දෙන්නටය. තවත් විටෙක සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණය ඉහල නැංවීම සඳහා විෂබීජනාශක දියර එන්නත් කරන්නටද හෙතෙම යෝජනා කරයි. තවත් විටෙක නගරාධිපතිවරයෙක් පවසන්නේ සියලූ‍ මහල්ලන් කොවිඞ් වැළඳී මැරී ගොස් තරුණ පිරිස ඉතිරිවීම රටේ අනාගතයට ප‍්‍රමාණවත් බවකි. වියපත් තමා වුවද මරණයට සුදානම් බව පවසන ඔහු වීර චරිතයකටද පණ පොවන්නේය. ආරක්‍ෂිත පියවරක් වශයෙන් ප‍්‍රාන්ත කීපයක් ලොක්ඩවුන් කිරීම ඉවසාගත නොහැකි ජනතාවක් ඒ අස්සේ වීදි බැස, නිදහස ඉල්ලමින් ඇමරිකානු ජාතික කොඩි වනමින් දඟලනා අයුරු අපේ වැඩිහිටියන් රූපවාහිනියෙන් නැරඹුවේ අත්ල කම්මුලේ තබාගෙන හතර අතේ හූල්ලමිනි. ඒ ඇමරිකන් සිරිතයි. හෙට අනිද්දා කොවිඞ් ජයගත් රටවල් අතරට ඇමරිකාව යන්නේ මළමිනී ලක්ෂ ගණනක් මිහිදන් කල පොලොව මතින් වුවත්, එම සංඛ්‍යාවන්, ලිපිගොනු අතර හිරෙවෙන වාර්තා මිස මිනිස් ජීවිත ගැන ඉන් එහා වටිනාකමක්ද ඒවාට නැත. එවන් සංස්කෘතික පසුබිමක් යටතේ වුවද, මේ සංකර මිනිස්සුන්ට නගර මධ්‍යයේ ගොවිතැන් කරන්නට සිතිවිලි පහලවීම නම් ඇහි බැම ඉහළට එසවෙන පුදුමයක්මය. ඉතින් කෘෂිකාර්මික ඉතිහාසයකට උරුමකම් කියන අප වැන්නන් වෙතින් සෙයිලමේ ගොවිතැන’ට තැනක් නොලැබෙන්නේ ඇයි?

නිව්යෝර්ක් නගරයේ වහලවල් ගැන එසේ කියවෙත්දී මතකයට නැගෙන්නේ මීට වසර පහකට පෙරාතුව ප‍්‍රංශයේදී සම්මතවූ නීතියකි. ඒ එරට වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන්ය. අදාළ සැලැස්මට අනුමැතිය ලබාගැනීම සඳහා එක්කෝ ගොඩනැගිල්ලේ වහලය මත සූර්ය බලයෙන් විදුලිය නිපදවන තහඩු සවිකළ යුතුය. නැතහොත් වහලය මතිපියැසි උද්‍යානයක්’ (ඍදදඓදච ඨ්රාැබ) ඉදිකරන බවට සැලැස්මක් තිබිය යුතුය. මෙම නීතිය හරහා අව්වට වැස්සට පමණක් සෙවන දෙන්නට ඉදිකර තිබූ පියැස්සට ඔවුන් අලූ‍ත් වගකීමක් ආරෝපණය කර තිබේ. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අනුමැතිය ලැබෙන්නේ එවිටය. සපුරාලිය යුතු අවශ්‍යතා දෙකම රටෙහි ජාතික නිෂ්පාදනය දිරිගැන්වීම උදෙසා සකස් කල ඒවා බව පෙනෙන්නට ඇත.

කොවිඞ් වසංගතයට බියවුනු නාගරිකයාත්, ඉදිරි ආහාර අහේනියක ඉවවැටී ගොවිතැනට උනන්දු වූවායයි බැලූ බැල්මට පෙනෙන්නට ඇත. ඇමරිකාවේ මිසූරි හි ව්‍යාපාරිකයෙකු වන ජෙරී ගෙට්ල් සතු උද්‍යාන බීජ සමාගම සතු එළවලූ‍ බීජ සියල්ල මේ වනවිට විකිණී අවසන් බව ඔහු ප‍්‍රකාශ කරයි. වසර 22 ක ව්‍යාපාරික ඉතිහාසයක් ඇති තම සමාගමට, සාමාන්‍ය ඉල්ලූ‍මට වඩා දස ගුණයකින් වැඩි ඉල්ලූ‍මක් යටතේ බීජ ගබඩා හිස්කර දැමීමට සිදුවීම ගැන ඔහුට ඇත්තේ සතුටට වඩා පුදුමයකි. එංගලන්තයේ වුවද බීජ නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා වන, බීජ සමූපකාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඬේවිඞ් ප‍්‍රයිස් පවසන්නේ ඔවුන් සතු බීජ තොග අවසන් වූයේ වෙනදාට වඩා හය ගුණයකින් පමණ වැඩි ඉල්ලූ‍මක් සහිතව බවය. මහ දවාලේ වුවත් නින්දයන තරමට විවෘත ආර්ථිකයේ නැලවිලි ගී අසමින්  සිටි අපේ සිදාදි වැසියන්ට, වසංගත හදිස්සියක් හමුවේ ගොවිතැන මතක් වුවත්, දියුණු රටවල නාගරිකයින් නම් ශක්තිමත් සෙයිලමේ ගොවිතැනක පෙර සිටම නියැලූ‍ණු බවටද  සාක්‍ෂිද තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (ඹභෘඡු) මීට වසර 24 කට ඉහතදී, එනම් 1996 දී , පළකර ඇති වාර්තාවකින් කියවෙන්නේ ලෝකය පුරා වෙසෙනා නාගරික පවුල් 33% ක්, නගරයේ පරිභෝජනය කරන එළවලූ‍, බිත්තර, මස් ප‍්‍රමාණයෙන් තුනෙන් පංගුවක් පමණ නිපදවීමට දායක වෙන බවයි. එසේනම් නගරයට පිටතින් ගෙනෙන්නේ ඉතිරි තුනෙන් දෙක පමණය. මේ නිෂ්පාදකයින් වැඩිදෙනා අලූ‍තින් පැමිණි සරණාගතයින්, සංක‍්‍රමනිකයින්, රැකියා විරහිත පිරිස් හා වැඩිහිටියන් බවද එම වාර්තාව පෙන්වා දී තිබුණි. තවත් ඈතට යනවානම් පළමු ලෝක යුද්ධ සමයේදී ඇමරිකාවේ සිටි 28 වෙනි ජනාධිපතිවරයා වන තෝමස් විල්සන් (1913-1921) විසින් සියලූ‍ රටවාසීන්ට උපදෙස් දුන්නේ වවන්නට පුළුවන් හැම බිම් කොටසකම ආහාරයට ගතහැකි පැළයක් සිටුවන ලෙසයි. මෙහි ප‍්‍රතිපලයක් වශයෙන් 1919 වනවිට මිලියන පහකට වැඩි බිම්කැබලි තුලින් රාත්තල් මිලියන 500 කට (කිලෝග‍්‍රෑම් මිලියන 227) වැඩි අස්වැන්නක් එරට නිපදවා තිබේ.   

hiru2බටහිර ලෝකයේ සිට ආසියාකරය දෙසට හැරුණත් පෙනෙන්නේ සෙයිලමේ ගොවිතැනට තැනක් දෙන්නට නන්දෙසින් දරනා උත්සාහයයි. වැඩි ඈතකට යා යුතු නැත. ඉන්දියාවේ ජනාකීර්ණ නගරයක් වන මුම්බායි මීට හොඳ උදාහරණයකි. පසුගියදා කොරෝනා වසංගත තත්වය හමුවේ රූපවාහිනියෙන් අප දුටුවේ ලක්ෂ සංඛ්‍යාත කම්කරු ජනතාවක් ප‍්‍රවාහන පහසුකම් නැති නිසා සැතපුම් දහස් ගණන් මග ගෙවමින් හට්ටි මුට්ටි පවා කර තාබගෙන පාගමනින්ම මෙවැනි නගරවල සිට තම ගම්බිම් කරා යන බවකි. මේ සියලූ‍දෙනා ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිට රැකියා සඳහා නගරයට පැමිණියවුන්ය. පසුගිය සියවස තුලදී මේ හේතුවෙන් මුම්බායි ජනගහනය දොළොස් ගුණයකින් වැඩිවූ බව කියවේ. අදටත් ලංකාවේ ජනගහනයට සමාන ජනතාවක් එහි වෙසෙන්නේ වර්ග කිලෝමීටර 603 ක ප‍්‍රමාණයකයි . එහි ඇතැම් ස්ථානවල වර්ග කිලෝමීටරයක් තුල මිනිසුන් 48000 කට වඩා ජීවත්වේ. මුම්බායි නුවර ජනතාවට නාගරික කෘෂිකර්මාන්තය හඳුන්වාදෙන්නට මහත් කාර්යභාරයක් කල කෘෂි විද්‍යාඥයෙක් වන්නේ ආචාර්ය ආර්.ටී. දෝශි ය. පස් අහුරක් සොයාගන්නට නොහැකි තට්ටු නිවාසවාසීන් වෙනුවෙන්, උක්ගස් වලින් ඉවතලන රොඞ්ඩ, බඩඉරිඟු‍ කරලේ වහල්ල පවා පැල සිටුවීමේ මාධ්‍යයය ලෙස භාවිතාකරන ආකාරය ඔහු විසින් කියාදුනි. වගා බඳුන් වූයේද අවට පරිසරයේම තිබූ අබලි ද්‍රව්‍යයයි. ප්ලාස්ටික් කෑන්, පරණ ටයර්, හිස් බෝතල් පමණක් නොව පරණ සපත්තු තුල පවා තට්ටු නිවාස වැසියෝ පැල සිටවූහ. මේ සියලූ‍ වගාවන් කාබනික වීම හරහා තම වගා විප්ලවයට අතිරේක වටිනාකමක් ආරෝපණය කිරීමටද හෙතෙම සමත්විය. අදටත් ඉතා ජනාකීර්ණ නිවාස සංකීර්ණයන්හි ජීවත්වෙන මුම්බායි නගරවාසීන් ආචාර්ය දෝශි ගේ සංකල්පයන් හරහා සැලකිය යුතු තරමේ ආහාර සුරක්ෂිතතාවයක් අත්කරගෙන සිටී.

කුමක්ද මේ ආහාර සුරක්‍ෂිතතාවය? ආසන්නව පසුකල යුගයන්හිදී පෙනුන ආකාරයට නම්, මෙය වනාහී තම දේශපාලන විශ්වාසයන්ට එකඟවෙන අයුරින් එක එක තාලයට ගායනාකල ගීතයක් බවයි. එයට ප‍්‍රධාන හේතුව විය හැක්කේද මෙහි තේරුම ගැන ඇති අල්ප අවබෝධයමය. වර්තමාන වසංගතය නිසා ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයත්, දුරබැහැර තිබෙන ආහාරයකට වුවද ලඟාවීමේ ඇති අපහසුවත් නිසා මේ දිනවල නම් බොහෝ දෙනා කතා කරන්නේ හැකි දෙයක් අප අවටින්ම වගාකරගෙන ලබනා සුරක්ෂිතතාවයක් පිලිබඳව වුවත්, වගාබිම් ඩෝසර් කර ගොඩනැගිලි තනා කොන්ක‍්‍රීට් වනාන්තර තුල වෙසෙමින්, ලෝකයේ ලාභයට තිබෙන තැනකින් ගෙන්වාගෙන කෑමේ පුරුද්ද, ආහාර සුරක්ෂිතතාවයක් ලෙස සැලකූ යුගයන්ද අප පසුකර පැමිණ ඇති බව අමතක නොකළ යුතුය. ජාත්‍යන්තර පිළිගැනීමට අනුව නම් මේ පද යුගලය තුල මීට වඩා ගැඹුරු අර්ථයක් අන්තර්ගතවේ.

ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය යනු හදිස්සියට ආහාර ලබානොගන්නා ස්ථානයකින්, ජනතාවගේ සංස්කෘතියට ගැලපෙන පෝෂණීය ආහාරයක්, අඛණ්ඩවම, ප‍්‍රාද්ශීයව ලබාගැනීමේ හැකියාවයි.

එය එසේ නම් මෙතෙක් ආහාර සුරක්‍ෂිතතාවය යනුවෙන් අප ඇදහූ ධර්මය වැරදිය. රජයක් වශයෙන් හදිස්සියකට හාල් නැවක් ගෙන්වා ජනතාවගේ බඩ පිරවීමත්, අතේ මිටේ තිබෙන හැටියට හැන්දෑවට ගෙදර එන ගමන් ජංගම වෑන් එකෙන් හිතේ හැටියට ? කෑම වේල ඔතාගෙන ඒම හෝ ගෙදර ඇවිත් ඔන්ලයින් ක‍්‍රමයට හෝම් ඩිලිවරි ඕඩර් කිරීමත්, ඇතැමුන්ට ආහාර සුරක්ෂිතතාවයක් ලෙස පෙනුනත්, ඒ සියල්ල වැරදිය. ප‍්‍රාදේශීයව ලබාගැනීමේ හැකියාව මේ හා ගැටගැසී ඇති නිසා, නගරවාසීන් වෙනුවෙන් වූ සුරක්ෂිතතාවයක් ගැන කතා කරද්දී  නාගරික ගොවිතැනට ඉහල ස්ථානයක් හිමිවේ. ඉතා විශේෂිත පරිසර තත්වයන් අවශ්‍යවෙන සීමිත උඩරට බෝග කීපයක් හැරුණුවිට අප සුලභව කෑමට ගන්නා එළවලූ‍ වර්ග බොහොමයක්ම ලංකාවේ සියලූ‍ පලාත්වල වැවිය හැකිවේ. එයට නගරයද ගමද කියා භේදයක් නැත. අතේ දුරින් වගාකිරීම හරහා අඩුකරගත යුත්තේ ආහාර සැතපුම්’ ගණනයි. මින් හැඳින්වෙන්නේ ගොවිපොළේ සිට බත්පත දක්වා පැමිණීමේදී, ව්‍යාංජන සෑදීමට එකතුවෙන බෝග අස්වැන්න ගෙවා දමනා දුර ප‍්‍රමාණය වේ. ගමනේ දුර නොහොත්ිආහාර සැතපුම්’ ගණන වැඩිවෙන නිසාම සමස්ත එළවලූ‍ අස්වැන්නෙන් 40% ක් දක්වා ප‍්‍රමාණයක්, ගොවිපොලත් පාරිභෝගිකයාත් අතර මැදදී විනාශවී යන බව මේ වනවිට සැවොම දන්නා කතාවකි. වෙළඳපොළෙහි ඇති දෑ නැවුම් නොවීම හේතුවෙන්, මිලදී ගත් පසුව වුවද පිසීමට පෙර ඉවත දැමීමට සිදුවේ. මෙයද එකතු කළහොත් අපතේ යන සීමාව තවත් ඉහළය.  ගෝලීයකරණය හරහා මෙම දුර බෙහෙවින් වැඩිවී තිබේ. ගෝලීයකරණ සංකල්ප කරපින්නාගත් අයවලූ‍න් විසින් දුර වැඩිවීම හරහා බෝගයෙන් ඉවත්වෙන නැවුම්බව, පෝෂණගුණය වැනි ගුණාංග වෙනුවෙන්, හිලව්වට ආරුඪ කරගෙන ඇත්තේ කල් තබාගත හැකි ලෙස ඇසිරීම, කෘතිම ද්‍රව්‍යයන් යොදා සැකසීම හා බඳුන්ගත කිරීම, ශීතකිරීම වැනි ක‍්‍රමෝපායයන්ය. ගොවියා විසින්  ගමේ කඬේ එළවලූ‍ බක්කියට ගෙනැවිත් දමනා තම කොරටුවේ අස්වැන්න දෙස නොබලනා, සුපිරි වෙළඳසැල් සංස්කෘතියට වහ වැටුණු අර්ධ නාගරික වැසියා පවා, එහිගොස් මහත් ආඩම්බරයෙන් මිලදී ගන්නේ, උහුලන්නේ නැති තරමේිආහාර සැතපුම්’ ගණනක් ගෙවාදැමූ, ලේබලයට පමණක් නැවුම් වූ  මෙවැනි ආහාරයි. නැතහොත් සැකසූ ආහාරයි. දියවැඩියාව, ස්ථුලභාවය, අධි රුධිර පීඩනය වැනි සෞඛ්‍යය අසමානතා රැසකට තම කල්ක‍්‍රියාවන් හේතුවෙන බව මෙපිරිස කල්පනා කරන්නේ නැත.

ප‍්‍රවාහනය හමුවේ බෝග අස්වැන්නේ තත්වය එලෙස බාලවෙද්දී   පරිසරයට සිදුවන හානියද නොසලකා හැරිය හැකි නොවේ. පිට පළාත්වලින් නගරයට රැගෙන එන ආහාර සඳහා හතර ගුණයක සිට පහළොස් ගුණයක් දක්වා වූ ඉන්ධන වැයවීමක් සිදුවෙන බව ගණන් බලා ඇති අතර, පරිසරයට සිදුවන කාබන්ඩයොක්සයිඞ් වායු මුක්තවීම 17 ගුණයක් දක්වා වුවත් වැඩිවිය හැකි බව පෙන්වාදී තිබේ. නගරාශ‍්‍රිතව වගා පිහිටුවීම නිසා වාතය දූෂණයවීමේ ගැටලූ‍වෙන් මිදෙනවා පමණක් නොව, තිබෙන වාතය පිරිසිදු කර ගැනීමටද ඒ හරහා මග සැලසේ. ආහාර නිපදවීමේ ක‍්‍රියාවලිය සඳහා ශාක මගින් කාබන්ඩයොක්සයිඞ් උරා ගන්නා අතර, කාබන් අංශූන්ද ගහකොළ අතර රැඳේ. වර්ග මීටරයක තණකොළ වැස්මක් වහලයක් මත තිබේ නම්, වාර්ෂිකව මෝටර් රථයකින් වාතයට මුක්ත කෙරෙන අංශුමය ද්‍රව්‍ය ප‍්‍රමාණය, ඒ මගින් රඳවා ගන්නා බව පෙන්වා දී තිබේ.

වායුගෝලයට කෙරෙන සාත්තුව එසේ වෙත්දී, නාගරික හිස් ඉඩම්වල වගාවක් පිහිටුවීමේ ක‍්‍රියාන්විතය බලගැන්වීමට දියුණු රටවල් කටයුතු කරන්නේ පස පිරිසිදුකිරීමේ ක‍්‍රමෝපායක්ද අරමුණු කරගෙනය. මෙය ගොවිතැනක් වෙනුවෙන් භූමිය සැකසීමේ ආරම්භක පියවරක් සේද සැලකිය හැකිවේ. ඇතැම් නාගරික හිස් ඉඩම් අපද්‍රව්‍ය බැහැරකිරීමේ ස්ථාන ලෙස අවිධිමත්ව භාවිතා කරනු ලබයි. නගරයේ ජනගහනය අඩු අගයක පැවති යුගයකදී අනවධානයෙන් කෙරුණු මෙම කර්තව්‍යයේ බැ?රුම්කම පෙනෙන්නේ භූමියේ අවශ්‍යතාවය තදින් දැනෙන වර්තමානයේදීය. විවිධ ක‍්‍රියාකාරකම් ඔස්සේ පස පිරිසිදු කිරීමට උත්සාහ දැරීමේදී, පසේ සාන්ද්‍රවී ඇති අහිතකර ද්‍රව්‍යයන් පරිසරයට කාන්දුවී, වාතයට හා ජලයට මුසුවීමෙන් ඇතිකරන පරිසර තර්ජනය සුළුපටු නොවේ. මෙවැනි පසක වවන ශාක මගින් පස සේදීයාම වලකා පස් අංශු බැඳ තබා ගන්නා බැවින් අවට පරිසරයට යම්කිසි ආරක්ෂාවක් සැලසෙන්නේය. මීට අමතරව බැරලෝහ වැනි දෑ වැඩිපුර උරාගන්නා ආහාර බෝග නොවන ශාක වර්ග වැවීමෙන්, පසෙහි ඇති විෂ සංඝටක ශාක දේහය තුල සංචිත කරවීම හරහාද පරිසරය ආරක්ෂා කිරීමට නාගරික බලධාරීන් කටයුතු කරමින් සිටී. මෙවැනි ක‍්‍රමවේදයන් ඉතා ලාභාදායකය. පරිසර මිත‍්‍රශීලීය. පස් ටොන් එකක් පිරිසිදු කරනට යන වියදම රුපියල් 1500 ක් වැනි පහත් අගයක් වුවද විය හැකිය.

නාගරික ගොවිතැනේ හැඩරුව මෙලෙස ඔපමට්ටම් කෙරෙන අතරතුරදී මට හමුවුයේ මේ ගැන වෙනත් මානයක් ඔස්සේ අදහස් දැක්වූ කෘෂි විද්වතෙකි. හෙතෙම හිරු නොබසින අධිරාජ්‍යයයෙන් පමණක් නොව කිසිදා හිරු නොපායන දරිද්‍ර රාජ්‍යයන් තුලින්ද ඇති පදමට අත්දැකීම් ලැබූවෙකි. රජයේ කෘෂි අංශයේ ලොකු පුටුවකද කලක් අසුන්ගෙන සිටි ඔහු දේශීය ගොවියාට ලැබිය යුතු සමාජයීය පිළිගැනීම වෙනුවෙන් කලක පටන් කතාකරනවාද මා හට මතක තිබේ. නාගරික ගොවිතැන මේ ශක්තිමත්ව මේ මොහොතේ කලඑළි බැසීම හරහා ගමේ ගොවියාට සිදුවෙන සමාජ සාධාරණත්වයක් ගැන අදහස් දක්වීමට ඔහු පසුබට වූයේ නැත. විදෙස් රටවලට කෙසේ වෙතත් මෙය අපේ රටට නම් තදින් බලපාන කරුණකි.

”නාගරික ගොවිතැන කලකට එනවා, ආයිත් යනවා. ටවුමේ මිනිස්සු ඇට හා පැළ  හොයාගෙන අතට අහුවෙන හැම තැනකම හිටවනවා. හොඳ ප‍්‍රවනතාවයක්. මේ හැම පැළයක්ම සාර්ථක වෙන්නේ නෑ. වැඬේට අතගහන නාගරිකයෝ තේරුම් ගනීවී ඇටයක්‌ පසතුල යටකරපු මොහොතේ සිට අස්වැන්නක් ගන්න තෙක් එය රැකබලාගැනීමේ අමාරුව.

ගහකොළ ඉබේම පසෙන් උඩට ඇවිත්, මල් පිපිලා, ගෙඩි හැදිලා අපිට සලකන්නේ නැති බව සමාජයට තේරුම් යාවි. ගොවිතැන කොච්චර අමාරුද කියල අවබෝධ වේවි. ඔය ටික කරන්න මහපොලොව එක්ක ඔට්ටුවෙන ගොවියයි, ඒ අයට උපදෙස් දීල නිසිමග ගෙනියන කෘෂි විද්වතුනුයි කරන සටන මොනතරම් බරපතලද කියලා, මේ මොහොතේ ගොවිතැනට අතගහන නාගරිකයෝ තේරුම් ගනීවි. ඒ හරහා තමාට ආහාර වේල සපයන ගොවියා කෙරෙහි අදට වඩා සමාජ පිළිගැනීමක් බිහිවෙනවානම්, ගොවියා වනාහී වන්දනීය පුද්ගලයෙක් බව සමාජය තේරුම් ගන්නවානම්, එය නාගරික ගොවිතැන හරහා ලබන විශාල ජයග‍්‍රහණයක්”ආහාර සුරක්ෂිතතාවය, ස්වයංපෝෂණය, ඉහල අස්වැන්න දෙන බෝග මාදිලි යනාදිය ගැන අප කෙතරම් ලිපි ලියා ඇත්ද? එහෙත් ඔහුගේ චෝදනාව වන්නේ ගොවියාගේ අනන්‍යතාවය හා අභිමානය වෙනුවෙන් නිසි ආමන්ත‍්‍රණයක් සමාජය තුලින් සිදුවී නැති බවයි. ඒ අතරිනුත් වී ගොවියාගේ තත්වය වඩාත් බරපතලය. ලංකාවේ වගාබිම් අතරින් අමාරුම තැන වන්නේ කුඹුරයි. නියර කපන දා සිට ගොයම් කපනා තෙක් මඩ තැවරුමෙන් අඩුවක් නැත. අස්වැන්න සකසා වී මල්ල ගෙට ගන්නා තෙක් දුහුවිල්ලද උවමනාවටත් වැඩියෙන්ය. රටට බත සපයනා එවන් උත්තම පුරුෂයෙක් ඇතැම්විට සිත සනහා ගන්නේ, වෙළෙන්දාගේ ගසාකෑම හෝ පොලී මුදලාලිගේ ගෝරනාඩුව ඉවසාගත නොහැකිව වස කුප්පියක් කටේ හලා ගැනීමෙන් නම්, අප ලබනා ආහාර සුරක්ෂිතතාවයේ අරුත කුමක්දැයි විමසීමටද, මේ මොහොතේ ගොවිතැනේ අමාරුව තේරුම්ගන්නා නාගරිකයා සිතට ගත යුතුය. සෙයිලමේ ගොවිතැන හරහා ලෝකයම නොලබන, අප පමණක් ලබනා අතිරේක ප‍්‍රතිලාභයක් වන්නේද එයයි.

 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles