Divaina - කොරෝනාව උගන්වන පාඩම

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

ආචාර්ය ගුණදාස අමරසේකර
 
 corsසිංහල මිනිසා පාඩම් ඉගෙන නොගන්නා එකෙකු බව කලක් වෙලේ සිට මට වැටහී තිබේ. කොරෝනා වෛරසය වත් අපිට පාඩමක් උගන්වනු ඇද් ද? එහෙත් මෙදා එ් පාඩම ඉගෙන ගත හැකිව ඇත්තේ අපට නොමැරී සිටින්නට හැකි වුවහොත් පමණි.
 
 අප නිදහස ලබාගැනීමෙන් පසු ගමන් කර ඇති මග මෙන්ම, 77 පසුව ගමන්කර ඇති මග ද සලකා බලන විට කොරෝනා නොආවද වැඩි කල් නොගොස් මෙවැනි ඉරණමකට අපට මුහුණ දෙන්නට තිබුණේ යැයි මට සිතේ.
 
 මෙවැනි ඉරණමකට අපට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි අපට වැටහෙන්නට තිබුණේ මීට අඩසියවසකට පෙරයි. එහි පළමු පෙරනිමිති අපට පෙන්වන ලද්දේ 71 ඇති වූ පළමු ජේවීපී කැරැල්ල විසින් හා 87 දී ඇතිවූ දෙවැනි කැරැල්ල විසිනුයි. එ් කැරලි දෙකට හේතුවුයේ කුමක්ද? නිදහසින් පසු ගෙන ආ ආර්ථිකය හා විශේෂයෙන්ම 77න් පසු ගෙන ආ විවෘත ආර්ථිකයයි. ඒ තරුණයන් ලේ හලන විප්ලවයකට යොමු කරන ලද්දේ ඔවුන් පෙළන ලද විරැකියාව, දරිද්‍රතාවය, ඉච්ඡුාභංගත්වය සහ ඇති-නැති පරතරයයි. මේ කරුණුමයි උතුරේ තරුණයන් ගේ ත‍්‍රස්තවාදයට හේතු වූයේ. ඊට තවත් අනුපානුවක් ද බලලෝභීි ජාතිවාදී දෙමළ නායකයන් විසින් එකතු කරන ලදී. එනම් දෙමළ තරුණයන් මුහුණ දෙන ඉරණමට හේතුව දකුණේ ඇති සිංහල ආණ්ඩුව බව එ් තරුණයන්ගේ මනසට ඇතුළු කිරීමයි.
 
 පළමු ජේවීපී කැරැුල්ලෙන් පසු බණ්ඩාරනායක මැතිණියගේ රජය කිසියම් පාඩම්ක් ඉගෙනගෙන ප‍්‍රතිකර්ම කීපයක් ඉදිරිපත් කළ ද එ්වා සාර්ථක වී යැයි කිවහැකි නොවේ. ඊට හේතුව මාක්ස්වාදී න්‍යායාචාර්යවරුන්ගේ උපදෙස් ක‍්‍රියාවට නැංවීමට යාම යැයි මම සිතමි. එතුමියට ජාතික ආර්ථිකයක් වෙත යාමට උවමනා වුවද මාක්ස්වාදීන්ට උවමනා වූයේ ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නැංවීමයි. ‘ලෙඩා මැරුණත් බඩ සුද්ද වී ඇති ය’ යන ඊනියා න්‍යායයි හාල් පොලූ, මිරිස් පොලූ ඇතිකර ජනතාව පීඩාවට පත් කරන ලද්දේ ඉන් සිදුවූයේ 77 පෙරළියට මගපාදා ජේ ආර් ජයවර්ධනට රට ජාතිය වනසන නව ලිබරල්වාදී හලාහලය ගෙන එ්මට අවස්ථාව සලසා දීමයි.
 
 1987 පමණ වනවිට දස වසකින් පසු ඒ හලාහලයේ විෂ පෙනෙන්නට පටන් ගනිත්ම එහි ආදීනව දක්වන නිබන්ධනයක් මම ලියා පළ කලෙමි. ‘ජාතික චින්තනය සහ ජාතික ආර්ථිකය’ යන එ් නිබන්ධනය මා පළ කළේ රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අභියෝගයට පිළිතුරක් වශයෙනුයි. පේ‍්‍රමදාස මහතාගේ සුබසාධන පැලැස්තර ප‍්‍රතිකාරය රෝගය සුව කරන්නත් නොවීය.
 
 ඉනික්බිතිව පහළ වූ සියලූ ආණ්ඩු විසින් කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධනගේ නව ලිබරල්වාදී ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. කුඹුරු ගොඩකර ගර්කින්ස් වගාකර පිටරට යවා බුලත් කොළයද පුවක් ගෙඩිය ද පිටරටින් ගෙන්වීමට තරම් එ් ආර්ථික න්‍යාය ප‍්‍රගුණ කරන ලදී.
 
 ඒ ධනවාදී විජාතික ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවූ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය විනාශ කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් අවශ්‍යව තිබූ ප‍්‍රතිකර්මය ඉදිරිපත් කරනු ඇතැයි මම උදෙක්ම බලා සිටියෙමි. අපි දැන් තිස් වසරක් පැවැති ත‍්‍රස්තවාදය ඉවර කළා. උතුරේ මෙන්ම දකුණේ තිබුණු මේ ත‍්‍රස්තවාදයට හේතු වූයේ මේ විෂම ආර්ථික යයි. දැන් අපි සියලූ දෙනාම එකතු වී එ් විෂම ආර්ථිකය පිටුදැක දුක්විඳ මේ රට ගොඩනැගීමට ලෑස්ති වෙමු’ මෙවැන්නකුයි මා එවෙලෙහි එතුමන්ගේ කටින් පිට වනු දැකීමට බලාපොරොත්තු වූයේ. අපගේ අදහස් දක්වන ‘ජාතික පුනර්ජීවන කොමිසමේ වාර්තාවක් ද අපි ඉදිරිපත් කෙළෙමු.
 
 එහෙත් සිදු වූයේ එවැන්නක් නොවේ. එතුමන්ට උපදෙස් දුන් ආර්ථික විද්‍යාඥයන් කියා සිටියේ නව ලිබරල්වාදී ‘අපනයන ආනයන’ මන්තරය තව තවත් වැඩියෙන් ජප කරන ලෙයසි.
 
 මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ මේ ඊනියා සංවර්ධනය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා මුළු ලෝකයටම ණය වීමයි. මේ වන විට බිලියන ගණනක් වන ණය කවදා ඉවර කළ හැකි ද? යන්න සිතා ගැනීමටත් නොහැක. ණයවලට හිලව් කිරීම සඳහා දැන් අපේ භූමියද පිටරැුටියන්ට විකිණීමට අපට සිදු වී තිබේ.
 
 කොරෝනා වසංගතය විසින් දැන් කර ඇත්තේ භූමිය පාවා දීමට අමතරව රටේ ජනතාවද නිරාහාරව මිය යෑමට සැලැස්වීම යි. ඒමගින් වත් අපේ ඇස් ඇරේ යැයි කොරෝනාව සිතන්නට ඇත.
 
 අප ඉහතින් දැක්වූ අපට මුහුණ දීමට සිදුවූ දුර්දාන්ත සිදුවීම් මගින් අප අවැසි පාඩම් ඉගෙන ගත්තේ නම් මේ වන විට මෙවැනි භයානක ඉරණමකට මුහුණ දීමට අපට සිදු නොවනු ඇති නොවේද? අපේ භූමියත් ජනතාවත් බේරා ගැනීමේ අවස්ථාව තිබුණා නොවේද?
 
 මේ රජය ගෙනයන අතිශය සාර්ථක ක‍්‍රියාමාර්ගය හමුෙවී කොරෝනා වසංගතය නම් ටික දිනකින් පහවී යනු ඇත. එමෙන්ම ඉන් සුව වන සංඛ්‍යාව සලකා බලන විට එය තවදුරටත් මාරාන්තික රෝගයක් නොවන බව ද පෙනේ. අපට මියයන්නට වන්නේ කොරෝනාවෙන් නොව අපට මුහුණ දීමට සිදුවන මහා ආර්ථික අවපාතයෙනුයි.
 
 1930න් පසු මෙවැනි දුර්දාන්ත ආර්ථික අවපාතයකට ලෝකයම බිලි වී නැති බව ලෝක බැංකුව විසින් පෙන්වාදී තිබේ. එය දැක ගැනීමට ලෝක බැංකුවේ නිරීක්ෂණ අවශ්‍ය නොවේ. මේ ඉරණමට ලෝක බැංකුව ද සෑහෙන දුරට වගකිව යුතුයි.
 
 මේ ආර්ථික අවපාතය හමුවේ අපට මුහුණද දීමට සිදුවන තත්ත්වය කෙබඳුද?
 
 ණය ගැනීමට අමතරව ඊනියා සංවර්ධන සදහා අවශ්‍ය වීනිමය අප විසින් ලබාගන්නා ලද්දේ අපගේ තේ ටිකට ඇඟලූමට අමතරව අපේ ගමේ උන් ගැහැනුන්ද පිටරටට අපනයනය කිරීම මගිනුයි. අපට විනිමය සැපයූ ප‍්‍රධාන මාර්ගය වූයේ මෙසේ මැදපෙරදිගට අපනයනය කරන ලද අපේ ගැමි ගැහැණුයි.
 
 මේ ලෝක ආර්ථික අවපාතය හමුවේ මොවුන්ට යන කලදසාව කුමක්ද? ඔවුන්ට තවදුරටත් එහි රැුඳී සිටින්නට හැකි වේද? අපට විනිමය සපයන්නට පුළුවන් වේද?
 
 මොවුන් තව දුරටත් රට තුළ රඳවා ගැනීමේ ආර්ථික ශක්තියක් එ් රටවලට තිබිය හැකිද? දැනට මැදපෙරදිග රටවල් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පාමින් සිටින බව පෙනේ. තායිලන්තය කර්මාන්තශාලා වසා දැමීමත් සමග එහි ගොස් සිටි බුරුම ශ‍්‍රමිකයන්ට ආපසු සිය රටට යාමට සිදු වූ සැටි අපි දුටිමු. අපේ ශ‍්‍රමිකයන්ටත් එවැනි ඉරණමක් අත් නොවනු ඇද්ද කොරෝනා එ්මට පෙර සිටම ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය ආරක්ෂණ මගක් වෙත එළඹ සිටි සැටි අපි දුටිමු. මැක්සිකෝවේ ශ‍්‍රමිකයන් එ්ම වළක්වන ලෙස ලොකු තාප්පයක් බැඳීමට ට‍්‍රම්ප් පටන් ගත්තේය. බි‍්‍රතානය අගමැති ජොන්ස්ටන් බ්‍රෙක්සිට් කි‍්‍රයාත්මක කළේය. කොරෝනා වසංගතය සමඟ මේ ප‍්‍රවණතාව සිය දහස් ගණන් වැඩි වනු ඇත. දැනටම ඇමරිකාවේ ශ‍්‍රමිකයන් බිලියන දෙකකට රැුකියා අහිමිවී තිබේ. ඉතාලියේ දකුණු කොරියාවේ තත්ත්වය ද එවැනිම වෙයි. සිය රටේ ශ‍්‍රමිකයන් එ් තත්වයට පත්වන විට පිටරටවලින් ආ ශ‍්‍රමිකයන්ගේ රස්සා ඉතුරු වෙයිද?
 
 අපිට විනිමය සැපයු ඊළ`ග මගවන ඇඟලූම් කර්මාන්තයට අත්වන ඉරණම කුමක් විය හැකිද? මේ ඇ`ගළුම් වලින් 60% යන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයටයි. ඇඟලූම් සපයන ලෙස එවන ලද ඕඩර් ක‍්‍රියාත්මක කිරීම අවුරුද්දකින් කල් දමන ලෙස ඔවුන් විසින් දැනටම දන්වා තිබේ. එ් අවුරුද්ද අවුරුදු ගනණක් වන්නට පුලූවන. මේ ඇඟලූම් කර්මාන්තයට උවමනා රෙදි ආම්පන්න සපයා ගන්නේ අපේ රටට තුළින් නොවේ. එය මසා දීමට ලැබෙන කුලියයි. අපට ලැබෙන්නේ එ් අමුද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය විනිමය අප ළඟ තිබේද? එ්වා  ගැනීමට අවශ්‍ය ශක්තිය මේ රටවලට තිබේද? එ් ශක්තිය මේ වෙන විට ඇත්තේ කොරෝනාව මැඩ පැවැත්වූ චිනයට පමණක් යැයි එක්තරා ව්‍යාපාරිකයකු පවසනු මම ඇසීමි.
 
 පසුගිය කාලය තුළ අපේ නායකයන් කට ඇරගෙන බලා සිටියේ පිටරට ව්‍යාපාරිකයන් මෙහි පැමිණ ආයෝජන කරන තුරු ය. FDI මගින් අපව සංවර්ධනය කරන තුරු ය. සිය රටේ ශ‍්‍රමිකයන්ට රස්සා දිය නොහැකි ව්‍යාපාරිකයෝ මෙහි පැමිණ අපේ මිනිස්සුන්ට රස්සා දෙන තුරු යි. මෙහි ආයෝජනය කිරීමට තබා සිය රටේ ආයෝජන කිරීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ඔවුන් සතු නොවෙනු ඇත.
 
 විනිමය ලබා ගැනීමේ අනෙක් උපාය මාර්ගය වූයේ සංචාරක කර්මාන්තයයි. පිටරැටියන් මෙහි පැමිණ ඩොලර් දි යන තුරු අපි බලා සිටියෙමු. දැන් මෙහි පැමිණ අපට දී යන්නට තරම් ඩොලර් ඔවුන් ලඟ මේ වනවිට තිබේද? ඩොලර් ධනවතුන් කෙසේ වුව ගන්ජා ගැහීීමට පුරුදු වූ හිපියෝ නම් මේ රටට එන්නට පුළුවන. කොරෝනාව ගෙන ආවේ මේ සංචාරකයන් නොවේද?
 
 මේ අයුරින් සලකා බලන විට අපගේ පැවැත්මට අවශ්‍ය විනිමය ගෙන දුන් සියලූ උල්පත් අද වනවිට සිඳී ඇත. අපට තවදුරටත් ඔවුන් මත යැපිය නොහැකිය. එපමණක් නොවේ අද අපට මුහුණදීමට ඇත්තේ සංවර්ධනය ගෙන යෑමේ ප‍්‍රශ්නයට නොව මේ රටේ ජනතාව බඩගින්නේ මිය යෑම වළක්වා ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයටයි.
 
 මේ අරභයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කරන ලද කතාවට මම සවන් දුනිමි.
 
 එහිදී එතුමා පවසා සිටියේ මෙතෙක් පවත්වාගෙන ආ ආර්ථික ප‍්‍රතිපත්තියේ විශාල වෙනසක් සිදු විය යුතු බවයි. ආනයනය සම්පූර්ණයෙන් ම පාහේ නවත්වා ආහාර සුරක්ෂිතතාවය මුල් කරගත් ස්වයං පෝෂිත ආර්ථිකයක් වෙත අප වහා ගමන් කළ යුතු බව ය. ගම මුල් කරගත් ආර්ථික අවශ්‍යතාවය එතුමා විසින් අවධාරණය කරන ලදී. එතුමාගේ එ් කතාව මැති ඇමැතිවරු සියලූ දෙනා විසින් ද පුනරුච්චාරණය කරනු මම දුටිමි.
 
 අගමැතිතුමා මෙසේ පැවසුවද රජයට උපදෙස් දෙන තවත් පිරිසක් මේ ස්වයං පෝෂණ මාර්ගයට අමතරව නව ලිබරල් වාදී මගද ප‍්‍රගුණ කළ යුතු යැයි උපදෙස් දෙන බව පෙනෙන්නට තිබේ. මේ මාර්ග ගවේෂකයන් විසින් මෙවන් උපදෙස් දීම ගැන අප පුදුම විය යුතු නොවේ. ටික කලකට පෙර නව ලිබරල්වාදී මගෙහි අනුසස් අපට කියා සිටියේ මේ පිරිසයි.
 
 මෙවේලෙහි මීට පනස් වසරකට පෙර (1973* මා කියැවූ මේ රටේ ආර්ථිකය මුල් කොට ලියන ලද නිබන්ධනයක් මට සිහි වෙයි. එය ලියන ලද්දේ පිලිප් ගුණවර්ධන මහතාගේ කුඹුරු පනත සම්පාදනය කළ පී.ජී. එස්. සිල්වා නමැති ආර්ථික විද්‍යාඥයා විසිනුයි. එවැන්නක් කිරීමට එතුමා පෙළඹෙන්නට ඇත්තේ එ් වේලේහි රටේ තිබූ තත්ත්වය විය යුතුය. ආනයනය සඳහා අවශ්‍ය විනිමය නොතිබූ අතර දේශීය කෘෂි නිෂ්පාදනය ද එ් වින විට කඩාවැටී තිබිණ.
 
 1970 දී බලයට පැමිණි බණ්ඩාරනායක මැතිනියගේ රජය පෙරළා දැමීමට ඇමරිකාව ප‍්‍රධාන බටහිර බලවතුන්ට උවමනා වී තිබිණි. එතුමිය ගෙනගිය ජනසතු කිරීම් ඇමරිකන් ඉන්ධන සමාගම් ජනසතු කිරීම බලවතුන් ගේ දැඩි අප‍්‍රසාදයටට හේතු විය. එ් රජය ඔවුන් දුටුවේ තමන්ට සතුරු රාජ්‍යයක්් ලෙයසි. ලෝක බැංකුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් කිසිදු ආධාරයක් නොදෙන ලදී.
 
 එදා මේ රටේ පැවති තත්වය අද පවතින තත්වයට තරමක් දුරට සමාන වුවද එය අද පවත්නා තර්ජනාත්මක බිය දනවන තත්වය වැන්නක් නොවීය.
 
 ජි.වී.එස්. ද සිල්වා මහතාගේ නිබන්දය පළ වූයේ මේ අවස්ථාවේදී යි.
 
 ඔහු විසින් එය හඳුන්වන ලද්දේ ‘ආර්ථික සංවර්ධනය සඳහා මිථ්‍යාදෘෂ්ටික අදහස් කිහිපයක් යනුවෙනුයි.
 
 ඔහු මේ දීර්ඝ නිබන්ධනයෙන් මූලික කරුණු තුනක් ඉදිරිපත් කර තිබේ.
 
 1. මෙතෙක් අප ගෙන ඇත්තේ නගරය මුල්කර ගත් සංවර්ධන මාර්ගයකුයි. ගම නගරයේ ආධිපත්‍යයට යටත් කර තිබේ. නගරය ගම මත යැපෙන පාරපෝෂිතයෙකි. කොළඹ යනු මේ රටේ අගනුවර නොව ලන්ඩනයේ සැටලයිටයකි.
 
 2. අද ඇති මේ තත්ත්වය වෙනස් විය යුතුයි. මෙතෙක් ගෙන ආ මේ සංවර්ධන මාර්ගය සම්පූර්ණයෙන් අනෙක් පැත්තට හැරවිය යුතුයි. එය නගරය මුල් කරගත්තක් නොව ගම මුල් කරගත්තක් විය යුතුයි. සියලූ නිෂ්පාදන මාර්ග ගම මුල්කර ගත් එ්වා විය යුතුය.
 
 3. ගම සහ නගරය යන දෙකම එකවර සංවර්ධනය කළ හැකි නොවේ. එ් දෙකම එකවර සංවර්ධනයට යාම අවසන් වන්නේ එ් දෙකම අසංවර්ධනය වීමෙනි.
 
 එතුමාගේ මේ නිබන්ධය එදාට වඩා අදට අදාළ වන අද දෙස බලා ලියන ලද අනාගත වාක්‍යයක් ලෙස මම දකිමි.
 
 නව ලිබරල්වාදී මනසින් ඉවත් විය නොහැකිව ගම ද ගැටගසාගෙන නව ලිබරල් වාදය ඔස්සේ යමින් රට බේරා ගැනීමට තැත් කරන උපදේශකයන් විසින් ඉහත සඳහන් කළ කරුණු වටහා ගැනීම යෙහෙකි.
 
 මේ රටේ ජනතාව සාගතයෙන් මිය යෑම වැළැක්වීමට නම් එ් සඳහා ඇති එකම මග අප වහ වහා ගම මුල් කරගත් ආර්ථිකයක් වෙත යෑමයි. මේ සඳහා ඊළඟ අවුරුද්ද සම්පූර්ණයෙන් කැප කළ යුතුයි. සියලූ නිෂ්පාදන මාර්ග ගම මුල් කරගත යුතුයි. කෘෂි නිෂ්පාදනය දියුණු කිරීමට අවශ්‍ය ඥානය ගොවි ජනතාවට ලබා දිය යුතුයි. කෘෂි නිෂ්පාදනය පහසු කරන ක‍්‍රම ගොවි ජනතාවට හිමි කළ යුතුයි. කෘෂි ආර්ථිකයට අවශ්‍ය කර්මාන්ත ගම තුළ ආරම්භ කළ යුතුයි. පිටරටින් අප ලබා ගන්නා සියලූ තාක්ෂණික ඥානය ගලා යා යුත්තේ ගමටයි.
 
 මේ මගින් ඊළඟ අවුරුද්ද අවසන් වන විට මෙරට ස්වයංපෝෂිත රටක් බවට පත් කර තිබිය යුතුයි. අප පාන්පිටි කන ජාතියක් නොව බත් කන ජාතියක් බවට පත්වී තිබිය යුතුයි. ගැමියා සමෘද්ධියට අතපාන නිවටයෙකු නොව සුබසාධන සමාජවාදී ආර්ථිකයක කොටස්කරුවෙකු බවට පත් ව තිබිය යුතුයි.
 
 ආනයනය සම්පූර්ණයෙන් ම පාහේ නැවැත්විය යුතු අතර ලැබෙන සීමිත විනිමය යොදාගත යුත්තේ අවශ්‍ය ඖෂධ වර්ග ගෙන්වීමට සහ දේශීය ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර පවත්වා ගැනීම සඳහා අතිශයින් අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ ආනයනය කිරීම සඳහා පමණි. මේ රටේ ඇති අමුද්‍රව්‍ය යොදා ගනු ලබන කර්මාන්ත බිහි කිරීම වෙත ඔවුන්ගේ අවධානය යොමු කළ යුතුයි. ආනයනය මත ස`දහා මුලින්ම යැපෙන අනවශ්‍ය සියලූ කර්මාන්ත අත්හිටුවිය යුතුයි. බෙන්ස් කාර් වලින් පියඹා යාම සහ තනා ඇති සීඝ‍්‍රගාමී මාර්ග තවදුරටත් අවශ්‍ය නොවේ. දැනට පටන්ගෙන ඇති කොළඹ වටා උඩින් යටින් යන පාරවල් තැනීම වහා අත්හිටුවිය යුතුයි. එ් සඳහා යන ධනස්කන්ධය අපගේ අගනුවර අනුරාධපුරයට ගෙනයෑම සඳහා යොදාගත යුතුයි. බණ්ඩාරනායක මහතා ප‍්‍රධාන ජාතිහිතෛෂින් විසින් කලකට පෙර ගෙන එන ලද ඒ යෝජනාව යළි සලකා බැලීමට කාලය උදාවී ඇති බව අපගේ වැටහීමයි. එය අප මුහුණ මුහුණ දෙන බොහෝ ප‍්‍රශ්න වලට විසඳුමක් වනු ඇත.
 
 ඉහතින් සඳහන් කළ වෙනස්කම් ආරම්භ කිරීම් මගින් කොරෝනාව විසින් කරනු ලබන්නේ අප යළි ගම මුල් කරගත් අප සතුව තිබූ සභ්‍යත්ව රාජ්‍යය වෙත කැඳවාගෙන යෑම නොවේද? එය වෙස්වලාගත් ආශිර්වාදයක් නොවේද? අපට උගන්වන පාඩම එය නොවේද?
 
 
 
 
 
 
 
 ජාතියේ ජනාධිපති, ජාතියේ හමුදාපති සහ ජාතියේ ඞී.අයි.ජී.
 
 මේ මොහොත වනවිට ඇමරිකාවේ සිටින කොරෝනා රෝගීන් ගණන දාහතර ලක්ෂ විසිදහසකි. මියගිය කොරෝනා රෝගීන් ගණන අසූපන්දහස් හත්සිය පහකි. රුසියාවේ සිටින කොරෝනා රෝගීන් ගණන දෙලක්ෂ පනස් දෙදහසකි. මියගිය රෝගීන් ගණන දෙදහස් දෙසිය දොළහකි. එංගලන්තයේ දෙලක්ෂ තිස්තුන්දහස් දෙසිය හතලිස් දෙකකට (එරට අගමැතිද ඇතුළුව* කොරෝනා වැළඳින. එයින් 33,614 මියගිය අතර පෙර වාසනා මහිමය නිසාදෝ
 
 අගමැතිතුමා බේරින. අදවන විට ස්පාඤ්ඤයේ සිටින කොරෝනා රෝගීන් ගණන දෙලක්ෂ විසිනව දහසකි. මියගිය කොරෝනා
 
 රෝගීන් ගණන විසිහත් දාහකි. කොරෝනාවෙන් විශාල හානි ලැබූ ඉතාලිය තුළ ආසාදිතයෝ තිස්එක්දහස් එකසියයක් මිය ගියහ. මේ භයානක වසංගතයේ ජන්ම භූමිය වූ චීනයේ මියගිය කොරෝනා රෝගීන් ගණන හාරදහස් හයසිය තිස් තුනකි. එම ජන්ම භූමියට මදක් පහලින් පිහිටි ඉන්දියාවේ සිටින කොරෝනා රෝගීන් ගණන ලක්ෂයකට කිට්ටුය. මියගිය ගණන දෙදහස් හයසියයකට ටිකක් වැඩිය. ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන සමග ලංකාවේ තත්ත්වය සසඳමු. අදටත් මේ රටේ කොරෝනා රෝගී සංඛ්‍යාව දහස පැන නැත. මිය ගිය ගණන දහය පැන නැත. ඒ අනුව ආණ්ඩුව විසින් කොරෝනාව ජයගනු ලැබ ඇති බව පෙනේ. මේ ජයග‍්‍රහණයේ පසුපස මේ රටේ විපක්ෂය සිටියේම නැත. මේ ළඟදී සජිත් පේ‍්‍රමදාසගේ පැත්තට ගොස් සිටින යූ.එන්.පී. හිටපු මන්ත‍්‍රී කෙනෙක් කීවේ මේ විදිහට අත් සෝදන්න ගියොත් අල්ලේ රේඛාත් මැකී යන බවය. සජිත් පේ‍්‍රමදාස මෙවැනි ගොන් චින්තකයන්ගෙන් ප‍්‍රවේශම් විය යුතු බව අමතර කාරණයක් ලෙස කිව යුතුය. රනිල් වික‍්‍රමසිංහව කා දැමූ මේ මැටි හරක් මේ වනවිට සජිත් පේ‍්‍රමදාසවද හප කරමින් සිටිති. කොරෝනාව මේ රටේ එළිපත්තට පැමිණි වහාම ආණ්ඩුව විසින් රට වසා දමන ලදී. ඉන් දින කිහිපයකට පසු ජනාධිපති
 
 ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට මෙසේ කීවේය. ”විශ‍්‍රාමිකයන්ට විශ‍්‍රාම වැටුප් වහාම දිය යුතුයි. ඇඳිරිනීතිය නිසා ඔවුන්ට විශ‍්‍රාම වැටුප් ගන්න යන්න බැහැ. ඒ නිසා මේ විශ‍්‍රාමිකයන් ආරක්‍ෂිත ලෙස නිවාස වලින් පිටතට අරගෙන අදාළ ස්ථාන වලට ගෙනගොස් විශ‍්‍රාම වැටුප් ලබා දී ඔවුන් ගෙවල් වලට ඇරලන්න”. මේ කොන්ත‍්‍රාත්තුව භාරදෙන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටය. ශ‍්‍රී ලංකාව තුළ විශ‍්‍රාම වැටුප් ලබන්නෝ හත් ලක්ෂයක් පමණ සිටිති. මේ අය ප‍්‍රවාහනය කිරීමට බස් පහළොස්දාහක් අවශ්‍ය විය. එහෙත් ලං.ග.ම. බස් තිබුනේ පන්දහස් පන්සියයක් පමණි. ශ‍්‍රී ලංකා යුධ හමුදාව ඒ බස් තොගයත් තවත් වාහන රැුසකුත් සොයාගෙන සියලූ‍ විශ‍්‍රාමිකයන් ඒවායෙහි පටවාගෙන ගොස් වැටුප් ලබාදී ඔවුන් ෆාමසි වලට යොමුකොට බෙහෙත් ගන්නටත් සලස්වා ගෙවල් වලට හැරලූවේය. මේ කර්තව්‍යයට ගතවුනේ පැය හැත්තෑ දෙකක් පමණි.
 
 කොරෝනාව යනු ජාතික ප‍්‍රශ්නයකි. එය මෙහි ආවේ ජාත්‍යන්තරයෙනි. මෙවැනි ජාතික ප‍්‍රශ්නයක් විසඳන විට ජාතික නායකත්වයක් හා ජාතික ප‍්‍රතිපත්තියක්ද, ජාතික ක‍්‍රියාන්විතයක්ද, එම ක‍්‍රියාන්විතය මහජනතාව වෙත සන්නිවේදනය කිරීමට හොඳ ජාතික කටක්ද අවශ්‍යය. මේ ජාතික ව්‍යසනය පැරදවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද ජාතික නායකත්වය මේ රටේ සියලූ‍ දෙනාගේ ගෞරවයට පාත‍්‍ර විය යුතුය. එය යුධ ජයග‍්‍රහණය සඳහා මහින්ද රාජපක්ෂ විසින් දෙන ලද දේශපාලන නායකත්වයට නොදෙවෙනි නායකත්වයකි. එම නායකත්වය යටතේ ඇරඹුණු කොරෝනා නාශක ක‍්‍රියාන්විතය සඳහා යටිතල පහසුකම් සපයන ලද්දේ ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රමුඛ ත‍්‍රිවිධ හමුදාවය. ඒ නිසා ඔහුද ජාතික තලයට පත්වෙයි. (මේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය විසින් කොරෝනාව නැසීම සඳහා කරන ලද මහඟු‍ සේවාව වෙනම කතු වැකියකින් සාකච්ඡුා කරනු ලැබේ* ඊළඟට මේ ක‍්‍රියාන්විතයට අදාළ නෛතික මෙහෙයුම පිළිබඳව ජනතාවට දැනුම්දීමේ කටයුතු භාරවී තිබුනේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණටය. රජයකට කලාතුරකින් පහළ විය හැකි තොරතුරු සම්පේ‍්‍රක්ෂකයකු වන ඞී.අයි.ජී. අජිත් රෝහණ ස්වකීය කාර්ය භාරය කොතරම් කාර්යක්ෂම ලෙස කළේද යත් ඔහු රූපවාහිනියේ පෙනී සිට කොරෝනාව ගැන අලූ‍ත් තොරතුරු කියන තුරු මිනිස්සු නොඉවසිල්ලෙන් බලා සිටින තත්ත්වයක් ඇතිවිය. මේ ජාතික නිවේදකයා කළ කාර්ය භාරය කිසිසේත්ම ලඝු කොට තැකිය යුතු නැත. සෞඛ්‍ය ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සහ වෛද්‍ය සංගමයද කළ මෙහෙවර ගැන ලබන සතියේ යමක් ලිවීමට අපි අපේක්ෂා කරමු. කෙසේ හෝ වේවා කොරෝනාවෙන් පසු ජාතියේ ජනාධිපති කෙනෙක්ද, ජාතියේ හමුදාපති කෙනෙක්ද, ජාතියේ ඞී.අයි.ජී. කෙනෙක්ද බිහිව තිබේ. ඒ ඞී.අයි.ජී. පොලිස්කාරයකුට අමතරව මුඛරි නීතීඥයෙකි. එය ප්ලස් පොයින්ට් එකක් ලෙස අපි සළකමු.

  

 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles