Divaina - බිඳීගිය බුදු පිළිම වහන්සේලාට ගෞරවණීය සමුදීමක්.... පාරවල් ගානේ, පන්සල් අයින්වල කැඞීගිය බුදුපිළිම දැමු යුගය අවසන්...

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

තරංග රත්නවීර

budpilima1
 
 විරල ගණයේ ආදාහන පූජෝත්සවයක් දැක බලාගැනීමට අවස්ථාව උදා විය. ඒ බොහෝ කාලයක් නිවෙස්වල වන්දනා මානයට පාත‍්‍ර කර, කැඞී බිඳී ඉවත ලූ බුද්ධ ප‍්‍රතිමා වහන්සේලාට ගෞරව බහුමාන දැක්වීම වස් සිද්ධ කරන ලද ආදාහන පූජෝත්සවයකි. මේ උතුම් පින්කම සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබුණේ ඇඹිලිපිටිය ශී‍්‍ර බෝධිරාජ ධර්මායතනය පිටුපස තණ පිටියේය.
 
 දැඩි හිරු රැුස් නිවී සැඳෑ කාලයට ළං වෙමින් තිබිණි. විඩාපත් මහ පොළව නිවෙමින් තිබිණි. හමා එන මද නල සමඟ සතුටු සාමිච්චියේ යෙදෙන තුරුපත්වල සිලි සිලියෙන් පරිසරයේ ඒකාත්මික බව බිදෙන්නට විය. අඳුරු වළා පට අතරින් වෙසක් සඳ එබෙන්නට හෝරාවකට වැඩි කාලයක් නැත. තණ පිටිය මැද අලංකාර ලෙස නිර්මාණය කළ චිතකය වටා කැඩි බිඳී වැදුම්, පිදුම් සඳහා නොසුදුසු බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා විශාල ප‍්‍රමාණයක් වැඩ සිටිති. ඒ බුද්ධ ප‍්‍රතිමා වහන්සේලාට ගෞරව බහුමාන දැක්වීම සඳහා පැමිණි භික්‍ෂූන් වහන්සේලා තිස්නමකට වැඩිය. සුදුවතින් සැරසුණු ගිහි බවතුන් ද තිහකට ආසන්නය. පැමිණ සිටි ගිහි, පැවිදි දෙපාර්ශවයම මුඛ ආවරණ පැළඳ සමාජ දුරස්ථ භාවය ආරක්‍ෂා කරමින් සිටි හෙයින් කතා බහා අඩු විය. එහෙත් මේ විරල ගණයේ ආදාහන පූජෝත්සවය සිද්ධ කිරීමට පාදක වූ කරුණු කාරණා විමසා බැලීමට මගේ සිත නොඉවසිලිමත් විය. එහෙත් කිසිවකු කතා නැත. සියල්ලෝ චිතකය දෙස බලා සිටිති. මේ ගෞරවණීය ආදාහන පූජෝත්සවය සිද්ධ කිරීමට නායකත්වය ලබා දෙමින්, ඒ මොහොතේ චිතකයට පූජෝපහාර පවත්වමින් සිටි ඇඹිලිපිටිය ශී‍්‍ර බෝධිරාජ ධර්මායතනාධිපති, ශ‍්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායේ දක්‍ෂිණ පළාත් ප‍්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් අසළට මම ගියෙමි. පූජෝපහාර අහවර කොට ශාන්ත විලාසයෙන් මා දෙසට හැරුණු ඕමල්පේ සෝභිත හාමුදුරුවො පින්කම සිද්ධ කිරීමට පාදක වූ තතු මෙසේ පැවසූහ.

 

budpilima444
 
 ‘‘ගෙදරක බුදු කුටියක තැන්පත් බුදු පිළිමයකට නිවැසියන් ගෞරවාන්විත විදිහට පුද පූජා පවත්වනවා. එහෙම කරලා බුද්ධ ප‍්‍රතිමාව කැඩිලා, බිඳිලා ගියාට පස්සේ අගෞරව විදිහට විසි කරලා දැම්මොත් කාලයක් වන්දනාමාන කරලා අත් කරගත් ප‍්‍රතිඵල නැති වෙලා යනවා. ඒත් තවම අපේ මිනිස්සු විකෘති බුද්ධ ප‍්‍රතිමාවක් ඉවත් කරන ක‍්‍රමවේදය දන්නේ නෑ. කවුරුවත් කියලා දෙන්නෙත් නෑ. බුදු පිළිමයක් අවසාන කළ යුත්තේ කෙසේද කියා පොත පතේ සඳහන් වෙලත් නෑ. ඒත් බුදු පිළිම ප‍්‍රචලිතව තියෙන බුරුමය, තායිලන්තය, තායිවානය, ජපානය, චීනය, කොරියාව වගේ රටවල විකෘති බුද්ධ ප‍්‍රතිමා ඉවත් කිරීමට ක‍්‍රමානුකූල වැඩපිළිවෙළක් අනුගමනය කරනවා. අපේ රටේ හැර අනෙක් සෑම රටකම බුද්ධ ප‍්‍රතිමා යහපත් ලෙස අවසන් කිරීමක් කරනවා. බුදු දහමට අනුව පරියෝසාන කල්යානයක් තියෙනවා. ඒ අනුව ඒ රටවල මිනිස්සු බුද්ධ ප‍්‍රතිමාවක් කැඩුණු, බිඳුණු පසු පන්සලට ගෙනත් භාර දෙනවා. ඒ භාරදීම සිද්ධ කරන්නෙත් ගෞරවාන්විත ආකාරයට. චීන සම්ප‍්‍රදායට අනුව නම් බුද්ධ ප‍්‍රතිමාව රතු රෙදි කඩක ඔතලා ගෙනත් පන්සලේ හාමුදුරුවන්ට භාර දීලා ඒ ඇත්තෝ ආධාරයකුත් පූජා කරලා තමයි යන්නේ. ඒ පන්සල්වලත් කැඩුණු, බි`දුණු ප‍්‍රතිමා තැන්පත් කිරීමට වෙනම ස්ථාන සකස් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා පිළියම් කරලා ගන්න පුළුවන් පිළිම හදලා ගන්නවා. ලෝහ පිළිම උණු කරලා අලූත් ප‍්‍රතිමා නිර්මාණය කරනවා. කිරිගරුඩ ප‍්‍රතිමාවක් නම් තැන්පත් කරලා තියනවා. කිරිගරුඩ ප‍්‍රතිමාවක් කැඞී, බිඳී යන්නේ ඉතාම කලාතුරකින්...’’
 
 ‘‘අපේ රටේ ප‍්‍රතිමා නිර්මාණය කරන්නේ ප‍්‍රමිතියෙන් අඩුම ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හෝ ෆයිබර් ග්ලාස්වලින්. මෙරට ප‍්‍රතිමාවලින් 75% ක් තියෙන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හදපු ප‍්‍රතිමා. ගලෙන් හෝ කිරිගරුඩවලින් නිර්මාණය වූ ප‍්‍රතිමා තියෙන්නේ ඉතාම සුළු ප‍්‍රමාණයක්. බෞද්ධ රටක් විදිහට මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. ඒ වගේම අපේ රටේ බුද්ධ ප‍්‍රතිමාවට තවම නියාමනයක් නෑ. වෙන ඕනෑම භාණ්ඩයකට නියාමනයක් තියෙනවා. එස්.එල්.එස්. සහතිකයක් තියෙනවා. බුද්ධ ප‍්‍රතිමාවට එහෙම නියාමනයක් නෑ. බෞද්ධයන්ටත් හදන්න පුළුවන්. අබෞද්ධයන්ටත් හදන්න පුළුවන්. හදාපු පිළිම බිම තියන්නත් පුළුවනි. පෙරලළා තියන්නත් පුළුවනි. සමහර කඩ සාප්පුවල බුදුපිළිම බිම. වෙනත් පිළිම උඩ. බුදුපිළිමයට නියාමනයක් නැතිකම ගැන බෞද්ධ රටක් විදිහට අපි ලැජ්ජාවට පත් විය යුතුයි. එහෙම නියාමනයක් තිබුණා නම් එක එක්කෙනාට ඕනෑ විදිහට බුදුපිළිම නිර්මාණය කරන්න බෑ. දැන් ශිල්පීන්, ව්‍යාපාරිකයන් මේක වෙළඳ භාණ්ඩයක් බවට පත් කරගෙන අඩු වියදමකින් පිළිම හදලා කුණු කොල්ලයට විකුණනවා. ඉතාම සුළු කාලයකින් මේ පිළිම කැඩිලා, බිඳිලා යනවා. එහෙම වුණාට පස්සේ මිනිස්සු කරන්නේ පන්සලේ බෝධිය යටින් ගෙනත් තියෙනවා. ළඟ පාත තියෙන බෝධියක් හෝ බුදු මැදුරක් ළඟ තියලා යනවා. ඒ තැන්පත් කිරීමක් නෙමෙයි. සැබැවින්ම ඉවත දැමීමක්. මේ බුදු පිළිමයට කරන අගෞරවයක්. මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති කමටයි එහෙම කරන්නේ. ඒ නිසා බුදුපිළිම ඉවත දැමීමේ ආදීනව අපේ මිනිස්සුන්ට ඉගැන්විය යුතුයි. ඒ වගේම බුදු පිළිමයකට ගෞරවාන්විත අවසානයක් ලබාදෙන ක‍්‍රමවේදය ගැන අපේ මිනිස්සුන්ට අවබෝධ කරදිය යුතුයි...’’
 
 ‘‘ඒ අනුව වන්දනාමාන කරලා කැඩුණු, බිඳුණු බුද්ධ ප‍්‍රතිමා අනිවාර්යෙන්ම ගමේ පන්සලට ගෙනත් දිය යුතුයි. පන්සලේ ස්වාමීන් වහන්සේත් ඉවසීමේ ගුණයෙන් යුතුව, අදි වාසනා ගුණයෙන් යුක්තව ‘මේ අපේ බුදු හාමුදුරුවො නේද... බුදු හාමුදුරුවො නියෝජනය කරන ප‍්‍රතිමා නේද...’ සිතා ගෞරවාන්විත ලෙස තම දායකයන් ගෙනත් දෙන ඒ පිළිම වහන්සේලා භාරගත යුතුයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා සාකච්ඡුා කරලා ඒ පිළිම වහන්සේලාට සුදුසු දෙයක් කරන්න පුළුවන්. ශ‍්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය හෙවත් නිකායේ උත්තරීතර මණ්ඩලය තුළ මේ ගැටලූව සාකච්ඡුා වුණා. ඒ සාකච්ඡුාවේදී මම යෝජනා කළා කැඩුණු, බි`දුණු පිළිම වහන්සේලා ගෞරවනීය ආදාහනයකට යොමු කළ යුතුයි කියලා. ඒ සාකච්ඡුාවට පැමිණ සිටි අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන්වහන්සේ ප‍්‍රධාන මහා ස්වාමීන් වහන්සේලාගෙන් සමන්විත වූ කමිටුව මගේ යෝජනාවට එකඟ වුණා. ඒ අනුව ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රාමක්‍ද්ක්‍ද මහා නිකාය විසින් කැඩුණු, බි`දුණු පිළිමවලට නියාමනයක් පෙන්නා දුන්නා. ඊට පස්සේ අපි කැඩුණු බිඳුණු ප‍්‍රතිමා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කි‍්‍රයාපිළිවෙත ගැන විහාරස්ථානවලට දැනුම් දුන්නා. එපමණක් නෙමෙයි මෙන්න මේ පන්සල් කැඩුණු, බි`දුණු පිළිම භාර ගන්නා බව බෞද්ධ පුවත්පතක් මාර්ගයෙන් ප‍්‍රසිද්ධ කළා. ලංකාව පුරා පන්සල් පනහක පමණ ලැයිස්තුවක් අපි ඒ දැන්වීමට ඇතුළත් කළා. ඒ දැනුවත් කිරීමට අනුව අදාළ විහාරස්ථානවලට කැඩුණු, බි`දුණු පිළිම වහන්සේලා එකතු වුණා. ඒ, ඒ විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලා සුළු වශයෙන් එම පිළිම වහන්සේලා ආදාහන කටයුතු සිද්ධ කරලා තිබුණා. අපේ විහාරස්ථානයටත් එකතු වෙච්ච පිළිම වහන්සේලා ප‍්‍රසිද්ධියේ අති මහත් ගෞරවාන්විත ලෙස ආදාහනය කිරීමට කටයුතු සංවිධානය කළා...’’
 
 ‘‘විශේෂයෙන්ම කිවයුතු කාරණයක් වන්නේ අපි මේ ගෞරවාන්විත විදිහට ආදාහනය කරන්නේ බුදු පිළිම නෙමෙයි. බුදු පිළිම වශයෙන් පැවති, දැනට කැඞී බිඳී ගොස් අබලි තත්ත්වයේ තියෙන ප‍්‍රතිමා කොටස්. මේ චිතකය මත බුදුපිළිම නෑ...’’ ඕමල්පේ සෝභිත හාමුදුරුවො අපේ කතාවට විරාමයක් තබා ආදාහන පූජෝත්සවය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්හ. එම අවස්ථාවට පැමිණි භික්‍ෂූන්වහන්සේලා, බුදුරදුන්ගේ ශ‍්‍රී දේහය ඉදිරිපිට දෙව්බවුන් සහ මහරහතුන් විසින් සජ්ජායනා කරන ලද අනිත්‍ය ප‍්‍රති සංයුත්ත ගථා සජ්ජායනා කරමින් චිතකය වටා සක්මන් කරන අතරේ ඕමල්පේ සෝභිත හාමුදුරුවො කැඩුණු බිඳුණු පිළිම වහන්සේලා තැන්පත් අලංකෘත චිතකයට ගිනි දැල්වූහ. චිතකය දැල් වී පිළිම කොටස් දැවී අළු වී යන විටත් භික්‍ෂූන් වහන්සේලා චිතකය වටා සක්මන් කරමින් පිරිත් සජ්ජායනා කළහ. ආදාහනා උත්සවය අවසාන වූ පසු නැවත ඕමල්පේ සෝභිත හාමුදුරුවො අපට කතා කළහ.
 
 ‘‘මේ චිතකය දැල් වුණේ සඳුන් දරවලින්. ඒ වගේම භෂ්ම වෙලා ඉතිරි වූ ශේෂ කොටස් මේ ස්ථානයේම වළක් හදලා භෂ්මවාශේෂ කොටස්, අළු සියල්ලම වළට දාලා පැරැුණි සිවුරුත් ඒ වළටම දාලා මිහිදන් කරනවා. ඊට පස්සේ ඒ ස්ථානය පෑගෙන්න නැති වෙන්න මල් ගස් හිටවනවා...’’ ගලා ගිය කතාවට නැවතීමේ තිත තබමින් ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ සක්මන් ගමනින් විහාරස්ථානය දෙසට වැඩම කළහ. ඇඳිරිය මැදින් වෙසක් සඳ එබී බලන විට ආදාහන පූජෝත්සවයේ සියලූ වැඩ කටයුතු අහවර විය. පෙළගැසෙන කතාවට මේ ටිකත් එකතු කළ යුතු යැයි මට හැඟණි.
 
 ‘‘බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ක‍්‍රමානුකූලව අංග සම්පත්තියෙන් යුතු විය යුතුය. එමෙන්ම බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය කරන විට ප‍්‍රතිමා කලාව පිළිබඳ විශිෂ්ට දැනුමක් සහ පාරම්පරික ඥානයක් තිබිය යුතුය. බුද්ධ ප‍්‍රතිමාවේ දේහය ලක්‍ෂණ, ආරෝහ පරිණාහ ලක්‍ෂණ, බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කිරීමේ ප‍්‍රමාණය, කඩවසම ඇතුළු සියල්ලම අනුගමනය කරමින් ප‍්‍රතිමාවක් නිර්මාණය කළ යුතුය. එසේ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ බුද්ධ ප‍්‍රතිමාව විකෘති නොවී, ප‍්‍රකෘති තත්ත්වයෙන් සකස් කරගැනීමය. එමෙන්ම ප‍්‍රධාන අරමුණ විය යුත්තේ බුද්ධ ප‍්‍රතිමාව දකින කෙනා තුළ ශ‍්‍රද්ධාව, භක්තිය දැනවීමය. එසේ නිර්මාණය වූ බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා භක්ති ආදරයෙන් වෙළෙඳපොළෙන් මිලදීගෙන හෝ වෙන කෙනෙක් පරිත්‍යාග කළ පිළිමයක් හෝ රැුගෙනැවිත් නිවස තුළ බුදු කුටියක හෝ එළිමහනේ බුදු කුටියක තමන්ගේ උරහිස ප‍්‍රමාණයෙන් තැන්පත් කළ යුතුය. නිවස තුළ බුදු කුටියක් සකස් කරගැනීමට හැකි නම් ඉතාම යහපත්ය. එසේ සකස් කර ගන්නා බුදු කුටිය තුළ කාල සටහනක් යටතේ දෛනිකව පුද පූජා පැවැත්විය යුතුය. කාලයාගේ ඇවෑමෙන් බුද්ධ ප‍්‍රතිමා වහන්සේ කැඞී, බිඳී විකෘති තත්ත්වයට පත් වූ විට එම ප‍්‍රතිමාවට පුද පූජා පැවැත්වීම අසුබය. එමෙන්ම විකෘති බුද්ධ ප‍්‍රතිමාවකට වැ`දුම් පිදුම් කිරීමෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනවශ්‍ය වැරැුදි හැඟීම් ඇති වීමට ඉඩ තිබේ. ඒ තුළින් අකුසල් රැුස් වේ. එහෙයින් විකෘති තත්ත්වයට පත් වූ බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා අනිවාර්යෙන්ම ඉවත් කළ යුතුය. කිසිදු කැඩුණු බි`දුණු පිළිමයක් පූජාසනයක් මත නොතිබිය යුතුමය. එමෙන්ම වැ`දුම් පිදුම් සිද්ධ කර විකෘති තත්ත්වයට පත් වූ බුද්ධ ප‍්‍රතිමාවක් ඉවත් කිරීමෙන් අකුසලයක් රැුස් නොවේ. එය හිතු මතේ තැන, තැන විසි කර දැමීම ප‍්‍රියමනාප නොවන ක‍්‍රියාවකි. එහෙයින් එම කාර්ය ගෞරවාන්විත ලෙස සිද්ධ කිරීමට අපේ බෞද්ධයන් වග බලා ගත යුතුය. එමෙන්ම බුද්ධ ප‍්‍රතිමා විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයන්, මරණයෙන් පසු නැවත මිනිස් ආත්මයක උප්පත්තිය ලැබුවද ඔහු මන්දබුද්ධික, අංගවිකල තත්ත්වයෙන් උපදින බව තර්කාණුකූලව නිගමනය කළ හැකි බව ද ඕමල්පේ සෝභිත හාමුදුරුවො අපට පැවසූහ.
 
 බුද්ධ රූපය යනු අපගේ ජීවිතයට අතිශය අදාළ වූ පූජනීය වස්තුවකි. ආධ්‍යාත්මක දියුණුව වඩවන පූජනීය වස්තුවකි. එමෙන්ම බුද්ධ ප‍්‍රතිමාව යනු සමස්ත ලෝකයේම දැකිය හැකිය කරුණාව, ප‍්‍රඥාව පිළිබිඹු වන අති ශාන්ත ප‍්‍රතිමාවකි. බෞද්ධයන් පමණක් නොව අබෞද්ධයන් ද බුදුපිළිමයට ගරු කරති. ඉන්දියාවේ නේරුතුමා මෙරටට පැමිණි අවස්ථාවක සමාධි බුදු පිළිමය දැක වශී කෘත වී අවසානයේ සමාධි පිළිමයේ අනුරුවක් ගෙන ගොස් ඔහුගේ කාර්යාලයේ සහ නිදන කාමරයේ තබා ඒ දෙස බලා භාවනා කර වැඩ ආරම්භ කළ බව එතුමාගේ ජීවන චරිතයේ ලියැ වී තිබේ. එහෙයින් ලෝක ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ බුදුපිළිම අපේ රටේ නිර්මාණය කිරීමේදී ආරම්භයේ සිට අවසානය දක්වා ප‍්‍රමිතියක් ඇති කළ යුතුය. පිළිම නිර්මාණය කිරීමට භාවිතා කරන අමුද්‍රව්‍යවලට, නිර්මාණය සිදු කිරීමට, පිළිම වහන්සේලා
 
 නිෂ්පාදනාගාරයේ තැබීමට, වෙළෙඳපොළේ තැන්පත් කිරීමට මේ සියලූ කටයුත්තකටම ප‍්‍රමිතියක් ලබාදිය යුතුය.
 
 එමෙන්ම තම දායකයන් රැුගෙන එන කැඞී, බිඳී ගිය බුද්ධ ප‍්‍රතිමා කරුණා, මෛත‍්‍රියෙන් යුක්තව භාරගෙන සුදුසු ගෞරවණීය අවසානයක් ලබාදීමට අපේ විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන්වහන්සේලා ඉදිරිපත් විය යුතු බව කරුණාවෙන් යුක්තව අපි සිහිපත් කර සිටිමු...


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles