Divaina - බුර්කාව යළි කළ එළි බසී

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
jana
පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයත් සමග මුස්ලිම් කාන්තාවන් පැළඳි බුර්කාව පිළිබඳ ඇතිවූ මහජන විරෝධය නිසා එය තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වූ අයුරු කාගේත් මතකයේ ඇත.
 
 සම්පූර්ණ මුහුණතම ආවරණය වන බුර්කාව නිසා ත‍්‍රස්තවාදියකු වුවද හඳුනා ගැනීමට නොහැකි වීම රටේ ආරක්‍ෂාවට තර්ජනයක් බව කාගේත් පිළිගැනීම විය.
 
 නමුත්” මේ වනවිට නැවතත් බුර්කාව පැළඳි කාන්තාවන් කිසිදු බිය සැකෙන් තොරව නිදහසේ ප‍්‍රසිද්ධ සමාජයේ
 
 ගැවසෙන අයුරු දැක ගැනීමට ඇත. යතුරුපැදිකරුවන්ට නීතිමය අවශ්‍යතාවක් ලෙස අනිවාර්යයෙන් පැළඳිය යුතු හෙල්මට්වල මුහුණ ආවරණය වන ‘වයිරසය. ද මෙසේම තහනමට ලක්විණ. එම තහනම් නියෝගය කඩකළහොත් පොලිස් නිලධාරීන්ට ඒ පිළිිබඳව නීතිමය පියවර ගත හැකි වුවත්” බුර්කාව පැළඳ සමාජයේ නිදහසේ ගැවසෙන කෙනකු නීතිය ඉදිරිපිටට ගෙන ඒමට ඉදිරිපත් වී ඇද්ද යන්න අපි නොදනිමු.
 
 පාස්කු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් ජීවිත අහිමිවූ 300 කට ආසන්න ප‍්‍රමාණයකට හා තුවාල වූ 500 කට ආසන්න ජනතාවට තවමත් සාධාරණය ඉටුවී නැත. වන්දි නොලැබුණෝ බොහෝය. ඒනිසා ජාතික ආරක්‍ෂාව වැදගත්ය.
 
 එල්. වී. ද එල්. ඩබ්. සමරසිංහ මිරිස්වත්ත” පුවක්පිටිය.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles