Divaina - පාඩම් කරන එක අමාරුද ? පද්මාසනයට හුරුවන්න

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 padmasana


* එදිනෙදා ජීවිතයට යෝගා-1
 
 
උසස් පෙළ විභාගයට මුහුණ දීමට ගිය සරෝජිනී නිවසට පැමිණියේ කඳුළු සලමින. ඇගේ අනාගත සිහින බොඳවී අහසේ මහා කළු වලාකුළක තැන්පත් වූ පරිද්දෙන් ඇගේ දෑසින් කඳුළු රූ රා ඇද හැළෙන්නට විය.
 
 තම පුතු අශෝක් ගැන නිවසට පැමිණෙන ගුරුවරයා ලබා දෙන චරිත සහතිකය අශෝක්ගේ මව භීතියට පත් කළේය. තම එකම පුතු දෙමවුපියන්ගේ සියලූ සිහින මන්දිර කඩා හෙළන දිනය වැඩි ඈතක නොවනු ඇතැයි භීතියෙන් ඇය වෙව්ළා යය.
 
 තම දියණියගේ විභාග ජය පතා කරන ලද ශාන්තිකර්ම ගඟට කැපූ ඉනිසේ ව්‍යාර්ත වූවේ මන්ද?
 
padmasana2මේ අද දවසේ ගෙයින් ගෙය නැෙඟන” මුවින් මුව අසන පැනයන් වී හමාරය. මේ ගැටලූ අතික‍්‍රමණය කළ හැකි ක‍්‍රමවේදයක් යෝගා තුළ වේද?
 
 සත්තකින්ම තිබේ. යෝගා මෙබඳු පැනයන්ට දිව ඔසුවක.
 
 එහෙත් යෝගා තුළින් මේ පැන විසඳීමට නම් ඔබ ගතානුගතික ක‍්‍රමවේදයන්ගෙන් දුරස් විය යුත්තේ ය. ඔබ පාරම්පරික සම්ප‍්‍රදායන්ගෙන් මිදිය යුත්තේ ය.
 
 එසේ මිදිය යුතු වන එක් පාරම්පරික සම්මතයක් නම් කාලය ය. ඔරලෝසුවය. වේලාවය. නොඑසේනම් ඔබ පළමුවෙන්ම කාලය අභිභවමින් ඔබට හෝ ඔබගේ දූ දරුවන්ට දී ඇති ඉලක්කයන්ගෙන් මිදිය යුතු වන්නේ ය.
 
 2019 වර්ෂයේ අගෝස්තුවේ පැවැත්වෙන උසස් පෙළ විභාගයෙන් ඔබ හෝ ඔබගේ දූ පුතුන් ගොඩ යා යුතුය යන ඉලක්කය වෙනුවට ඔබ තෝරා ගත යුත්තේ හෝ ඔබේ දරුවන් මෙහෙය විය යුතු වන්නේ කාලයේ සීමාසහිත ඉලක්කය පසෙක තබා ලබා ගත යුතු වන නිපුණත්වයන් නිසි ලෙස ලබා ගැනීම කරාය.
 
 ඒ සඳහා සම්මතයන් මගින් ලබා දී ඇති කාල සීමාවන්ගෙන් හිත වියුක්ත කර ගැනීම සැබෑ නිපුණත්වය ලබා
 ගැනීමේ මූලික පදනම වන්නේය.
 
 ලෝකයට හැල්මේ උනුන් හඹා දිව යන්නට ඉඩ දෙන්න. ඔබ ඒ ගැන සිතන්නට යන්නට එපා. ඔබ පසු කර බොහෝ අය යාව. එසේම ඔබට පිටුපස ද බොහෝ අය සිටීව. එය ඔබට අදාළ දෙයක් නොවේ. ඒ ගැන සිතමින් උනුන් හා සන්සන්දනයේ නොයෙදෙන්න. අදාළ නිපුණත්වය ලබා ගැනීම සඳහා සිත සමාධි ගත කර ගන්න.
 
 මේ සඳහා සුදුසු ඉරියව්වක් වනු ඇත්තේ පද්මාසනයය. යෝගීන් බොහෝවිට වැඩ සිටිනා ..පද්මාසන” යනු සංස්කෘත වචනයක් වන අතර එය ..කමලාසන” යන නමින් ද හැඳින්වේ. ..කමල්” යනු හින්දි භාෂාවේ වචනයක් වන අතර එහි අර්ථය නෙළුම් මල යන්නය. බිම වාඩිවී කොන්ද කෙලින් තබා ගෙන දෙපා දණහිසින් දෙපසට නවා වම් විලූඹ දකුණු කලවා මතත්” දකුණු විලූඹ වම් කලවා මතත් තබා මෙම ඉරියව්වෙහි පිහිටය.
 
 පද්මාසනය යනු ශ‍්‍රී ලාංකිකයින්ට ඉතාම හුරුපුරුදු ආසනයක. දිවයිනේ ඕනෑම නගරයක පිහිටි බුදුරුවක් භාවනානුයෝගීව පිහිටුවා ඇත්ද එහි නෙළා ඇත්තේ මෙම ආසනයය. මෙය පද්මාසනය හෝ බුද්ධ පද්මාසනය යනුවෙන් හැඳින්වේ.
 
 යෝගා අභ්‍යාසයන් අතර ප‍්‍රධාන තැනක් හිමිවන්නාවූ ප‍්‍රාණයාම (ආනාපාන සතිය) සඳහා පිහිටුවා සිටීමට කදිම ආසනයක් වන්නේ පද්මාසනයය.
 
 මෙම ආසනයෙහි සිටිමින් හුස්ම ඉහළ පහළ ගැනීමේ රටාව හොඳින් ප‍්‍රගුණ කරන්න.
 
 කාලයේ සීමාවන් නම් යදම්වලින් මිදුණු ඔබ පෙරදාට වඩා මෙම අභ්‍යාසයන්ගෙන් මහත් ඵල ලබනු ඇත.
 
 නිපුණත්වයන් ලබා ගැනීමට සිත නිසි අරමුණක පිහිටුවීම අත්‍යවශ්‍ය වන්නේය.
 
padmasana3මෙම අභ්‍යාසයන්ගේ නිරතවීමට ඕනෑම ආගමිකයකුට හැකියාව ඇත. තැන්පත් වූ සිතක් තුළ සංකල්පයන් වටහා ගැනීමේ චෛතසිකයන් වඩ වඩා ජනිත වනු ඇත.
 
 ඔබගේ සිත නව සංකල්පනාවන් භාර ගැනීමට හීලෑ කර ගත යුතු වන්නේ ය. එසේ හීලෑ වූ පසු ඔබගේ සිත ඉතා සංකීර්ණ විෂය කරුණු පවා ක්ෂණයෙන් වටහා ගැනීමට සමත් වනු ඇත.
 
 අද කාලයේ සීමාවන්ගෙන් විණිර්මුක්ත කළ සිතට උදාවන උසස් පෙළ විභාගය මොන කජ්ජක් දැයි සිතෙනු ඇත. එය ලබන වසරේ අගෝස්තු තෙක් පමා කරන්නේ මන්දැයි සමාධියෙන් මිදුණු කිසියම් දිනක ඔබ ඔබගෙන් ම විමසාව.
 
 එතෙක් කාලය ගැන පසුතැවිලි නොවී සංකල්පයන් නිවැරදිව වටහා ගන්න. සංජානනය කර ගන්න.
 
 අනන්ත අපරිමාණ කාලයක් පෙරුම් පුරා බුද්ධත්වය සාක්සාත් කර ගන්නා තෙක් කාල සීමාව සිදුහත් කුුමරා පවා ගත කලේ අනාපාන සතිය වඩමින් බව අමතක කරන්න එපා.
 
 රත්න පතිරණ
 යෝගා සහ ස්වභාවික චිකිත්සාව පිළිබඳ සම්බන්ධීකාරක
 ජාතික ක‍්‍රීඩා විද්‍යා ආයතනය” 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles