Divaina - යහපාලන රජයෙන් ගම්මිරිස් ගොවියාට වන්දි ඕනෑ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 jana
 
 
අපනයන භෝගයක් ලෙස ලංකා ගම්මිරිස් වලට ලෝකයේ හොඳ නමක් තිබිණි. ‘‘යහපාලන’’ රජය ඒ නාමය විනාශ කර අවසන්ය. ලංකා ගම්මිරිස් යයි නම්කර, බාල ගම්මිරිස් දී ලෝකයා හැමදාම රවටන්ට හැකිවේ යැයි සිතීම මුලාවකි. බාල ගම්මිරිස් අවශ්‍ය නම් ඒවා නිපදවන රටවල් වලින්ම ගෙන්වා ගන්නට ලෝකයේ අයට පුළුවනි. ලංකා ගම්මිරිස් ඉල්ලන්නේ ඒවා ගුණාත්මකව උසස් නිසයි. ප‍්‍රතිඅපනයනකරුවන් සිතාගෙන සිටින්නේ ලෝකයේ ඉන්නේ මෝඩයන් කියා බව පෙනේ.
 
 මීට වර්ෂ 3 කට පෙර රු.1500 පමණ වූ ගම්මිරිස් කිලෝවට ගොවියාට දැන් ලැබෙන්නේ රු.400 ටත් අඩුවෙනි. අස්වනු නෙළීම, වගා නඩත්තුව, ප‍්‍රවාහනය සඳහා වැයකළ පසු ගොවියාට පාඩු විඳින්නට සිදුව ඇත. මෙනිසා බොහෝ ගොවීන් අස්වනු නෙළීම අතහැර දමා ඇත.
 
 මිල බැසීමට එකම හේතුව ගම්මිරිස් ප‍්‍රතිඅපනයනයයි. වියට්නාමයෙන් බාල ගම්මිරිස් ගෙන්වා, ලංකා ගම්මිරිස් වලට මිශ‍්‍ර කර, ප‍්‍රතිඅපනයනය කරනුයේ රජයේ දේශපාලකයන් හා ඔවුන්ගේ නෑයන් හා හෙන්චයියලා බවට චෝදනා එල්ලවී ඇත.
 
 පසුගිය ඡුන්දය කිට්ටුවදී ප‍්‍රධාන පුරවැසියා කීවේ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය වහා තහනම් කරන බවයි. ඒක කියා වර්ෂ 4 යි. ඡුන්දය ගත්තා. දැන් නිහඬයි.
 
 ගම්මිරිස් ප‍්‍රතිඅපනයන මගඩිය ඇල්ලීමට සී අයි ඞී එකට භාරදුන් බවත්, ඔවුන්ට විරුද්ධව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට මුදල් ඇමැති රේගු අධ්‍යක්‍ෂකට නියෝග කළ බවත් 2019/02/10 පත‍්‍රවල පළවිය. නමුත් එය වුණේ නැත. පාස්කු ප‍්‍රහාරය සිදුවී පැය හතරක් යන්ටත් පෙර සියල්ල හෙළිකරගත් සීඅයිඞී එකටත් ඒ වැඬේ කරන්ට බැරි වුණේ ඇයි?
 
 ප‍්‍රතිඅපනයනය අත්හිටවූ බව 2019.02.14 දින මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන ලදී.
 
 පසුගිය කාලේ ගම්මිරිස් ගොවි උද්ඝෝෂණ වලදී ගම්මිරිස් ඇමැති කී බොරු මෙසේය.
 
 බඩල්කුඹුර උද්ඝෝෂකයන්ට කීවේ කිලෝවට රු.900 ක සහතික මිලක් දෙන බවය.
 
 කිලෝව රු.1000 බැගින් ගන්නට බදුල්ල දිස්ත‍්‍රික්කයේ මධ්‍යස්ථාන 2 ක් අරින බවය.
 
 මුදල් ඇමති මාධ්‍යට කියන්නේ 2002 දී රාජපක්‍ෂලා ප‍්‍රතිඅපනයනය පටන් ගත් බවය. ඒත් වර්ෂ තුනකට පෙර රු.1500 වූ කිලෝව රු.400 ට බැස්සුවේ ‘‘යහපාලනය’‘ බව ජනතාව දනිති. දැන් ගම්මිරිස් ගොවියා හෙම්බත් වී ඇත.
 
 ගම්මිරිස් කිලෝවට රු.1100 බැගින් වන්දි දීමට යහපාලනය පියවර ගත යුතුය.
 
 
 (සමස්ත ගම්මිරිස් ගොවීන් වෙනුවෙනි)
 අසංක බණ්ඩාර,සූරියගොඩ,මුරුතලාව,මහනුවර.
 

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles