visheshanga_innerpage
දොරේඅප්පා මැරූ ත්රස්තවාදයට ආයෙත් දොර අරින යාපනයේ දැන් නගරාධිපති.... පොලිස් බලතලත් නැතුව පොලීසියක් පිහිටුවේ කොහොමද?
පළාත් සභාවට ඉඩම් බලතල පොලිස් බලතල ලබානොදීමට කටයුතු කිරීම ජාතියේ වාසනාවක් බව කිවයුතුය. ඒවා කි‍්‍රයාත්මක වූයේනැත. අප දිය කොරහේ කිඹුලන් දකින්නේද නැත. සූදානම් ශරීරයෙන් සිටීම කාගෙ කාගෙත් ඇඟට ගුණය. යාපනයේ ‘‘පොලිස් බළකායේ’’ කතාව හුදෙකලා සිදුවීමක් ලෙස අපි විශ්වාස නොකරමු.
Apr 18 2021 00:00
185

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි....! මාගේ තාත්තා මළත් එයා මා ළඟ තවමත් ඉන්නවා
රෙද්දක් හැට්ටයක් ඇඳ රබර් යායක මේ හැඟුම්බර ගීය ගයමින් ‘වාසනා’ චිත්‍රපටයේ සුන්දර නැටුමක් පෑ ඒ යුවතිය ඔබට මතකද? දඟකාර යෞවනයෙන් සපිරි ඒ කාලේ (1970 දශකයේ) ‘ළසඳා’ චිත්‍රපටයේ ඇය කුඩයක් කරකවමින් ‘කං කං බූරු හා හා හා සිං සිං නෝරු’ යැයි ගයමින් නැටුවාය. එදා ඒ සුන්දරිය නීටා ප්‍රනාන්දු අපේ මතකයේ රැඳුණේ එලෙසිනි.
...
Apr 18 2021 00:00
230

ප්‍රමිති ආයතනය තොරතුරු දෙන තෙක් අපි වස කමු... සිද්ධිකා ඉවත්කිරීමෙන් ප්රශ්නය විසදේද?
පියයුරු පිළිකා සඳහා සාර්ථකව අත්හදා බැලූ පළමු එන්නත සොයා ගත් සිද්ධිකා සේනාරත්න වර්තමානහෙ රටේ ප්‍රකට වන්නේ ජනතාවට පිළිකා කාරක වසවිස ‘මද පමණින්’ කවන්නට උත්සාහ කළ තැනැත්තියක ලෙසයි. දැන් රටේ ජනතාව සිතන්නේ සිද්ධිකා සේනාරත්න පමණක් නොව ප්‍රමිති ආයතනයේ බොහෝ දෙනෙක් මහා පරිමාණයේ සමාගම් සමග එක්ව තමන්ට වසවිස කවන බවය. සිදුවෙමින් පවතින...
Apr 18 2021 00:00
183

සූර් පිට තරුණියකට බලෙන් පෙම් කරන්න ගිහින් බිංදුවට දැවී ගිය ක්‍රිකටර්... තරුණියගේ කණ්ඩායමෙන් ජනප්‍රිය ක්‍රීඩකයාට ගුටි පූජාවක්...
‘ඕගොල්ලෝ දන්නවනේ මම කවුද කියලා. මට කරන්න බැරි දෙයක් නැහැ. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මම මේකිව එළියට එක්කරගෙන යනවා. පුළුවන් දෙයක් ඕගොල්ලො කරන්න....' එලෙස පැවසූ ක්‍රිකට් ක්‍රීඩකයා එම තරුණියගේ අතින් අල්ලා එළියට ඇදගෙන යෑමට සැරසුණේය. ඔහුට මතක එපමණකි. එතන සිටි තරුණියගේ ඥාතීන් පිරිස එම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයාට විනාඩි කිහිපයක් පහර දුන්නේ...
Apr 18 2021 00:00
404

ඊයේ පෙරේදා ඌවෙන් මතුවුණේ නිට්ටෑවන්ද?... ලංකාවේ නිට්ටෑව්න් ඉන්නවාමයි... මෙතෙක් හෙළි නොවූ සම්පූර්ණ කතාව මෙන්න...
නිට්ටෑවන් යනු අඩි 3 ක් උස අර්ධ මනුෂ්‍යයෙකි. නිට්ටෑ ගැහැනිය අඩි දෙකහමාරක් උසය. මේ සත්ත්වයන් ජීවත් වන්නේ නිරුවතිනි. දිග ශක්තිමත් බාහු, ශක්තිමත් ඇඟිලිවල හටගත් දිගු ඝනකම් උල් නියපොතු, විශාල පතුල් සහිත පාද, ඇඟ පුරා වැඩුණු රතු පැහැති ලෝම විශාල ඇහි බැම සහ ඇතුළට නෙරා ගිය ඇස් කුහර නිට්ටෑවන්ගේ බාහිර පෙනුමය....
Apr 18 2021 00:00
234

ගුණරතන හාමුදුරුවෝ ගමන් කරන ගුවන්යානය ගිනි ගනී... ‘අම්මට ආසාධ්යයයි ඉක්මනට එන්න’ ගුණරතන හාමුදුරුවන්ට නංගිගෙන් ලිපියක්...
එදත් එළිය බලාගෙන යනකොට ගුවන් යානයේ දකුණු පැත්තෙ එංජිමෙන් දුම් දානවා මම දැක්කා. ගුවන් යානය වේගයෙන් පියාසර කරනකොට එහෙම වෙනවා ඇති කියලා හිතාගෙන ඒ දිහා හොඳට බලාගෙන හිටියා. ඉඳ, හිට ගිනි දැල් මතු වෙනවත් මම දැක්කා. ගිනි දැල් මතු වෙනවා දැකලා විනාඩි දෙකක්වත් ගියේ නෑ. ‘ගුවන් යානයේ ඇන්ජිම ගිනි ඇවිළෙනවා......
Apr 18 2021 00:00
210

දොස්තර මෝචරියට යවපු මළ සිරුරට පණ එයි!...හොල්මන් කතාවක් නොවේ...ඒත් ඇත්තටම හොල්මන් වෙනවා..
මියගිය ඇලෙක් සැන්ඩර්ව යළි බාහිර රෝගී අංශයට ඇතුළත් කළේය. එහිදී නැවත වරක් ඇලෙක්සැන්ඩර්ව පරීක්ෂා කළේ ඔහු මියගිය බව පැවසූ වෛද්‍යවරයා විසින්මය. පරීක්ෂා කරන අතරතුරදී ඇලෙක්සැන්ඩර් අතපයද සෙලවූයේය. වෛද්‍යවරයාට උන්හිටි තැන් අමතක විය. තම අතින් ලොකු වරදක් වී ඇති බව අවබෝධ විය. එහෙත් ඒ බව ඔහු රෝගියාට සහ එම ඥාතීන්ට පෙන්නුවේ...
Apr 18 2021 00:00
236

පාස්කු ප්‍රහාරයේ න්‍යාය සහ ව්‍යවහාරය... ප්‍රහාරයේ මහ මොළකරු සහ මහ අරමුදල්කරු මෙන්න
සහරාන් විසින් සංවිධානය කරන සියලූම පුහුණු කඳවුරුවලට නවුෆර් සහභාගිවී ඇති අතර එහිදී ඔහු අයි.එස්. දෘෂ්ටිවාදය සහ ක්‍රියාකාරකම් පිළිබඳව දේශන පවත්වා තිබේ. නවුෆර් මවුලවීගේ ඉරණම තීරණය කළ ඉස්ලාමීය අන්තවාදයට ඔහුව නිරාවරණය වී ඇත්තේ මාදම්පෙ ඉස්ලාමියා අරාබි විද්‍යාලයේදීය. එහිදී ඔහුට ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව උගන්වා ඇති අතර විඩියෝ දර්ශන මාර්ගයෙන් ඇෆ්ගනිස්තානය, බොස්නියාව...
Apr 18 2021 00:00
168

ඩයනා ඝාතනය වූයේ පිලිප්ගේ නියෝගයකින්ද?
ඩයනාගේ අවමංගල්‍ය පෙරහැර පසුපසින් ඇවිදයෑම සම්බන්ධයෙන් විලියම් හා හැරී දෙදෙනා දෙගිඩියාවකින් පසුවන විට පිලිප් විලියම් කුමරු අමතා ප්‍රකාශ කර ඇත්තේ ”ඔබ ඔබගේ මවගේ දේහය පසුපසින් ඇවිද නොගියහොත් මතු දිනෙක පසුතැවිලි වීමට ඔබට සිදුවනු ඇත. මා ඒ පසු පසින් ඇවිද යන විට ඔබ දෙදෙනාද මා සමග එන්නට් යනුවෙනි.
Apr 18 2021 00:00
281

හොරුත් එක්ක හිඳ රහසේ ඩීල් දමා පේරාදෙණිය ගොඩගන්නේ කෙලෙස ළමා...
කොල්ලය සිදුවූ අයුරු... නියෝජ්‍ය උපකුලපති වරයාට කොකා පෙන්වූ හැටි... මහාචාර්ය අනෝමාට සිදුකළ නින්දාව... මහාචාර්ය රාජපක්ෂ කපා දැමූ අයුරු... ජනාධිපතිවරයාටත් කොකා පෙන්වූ උපකුලපති... .මිල අධික විදේශීය මත්පැන් වර්ග වලින් සහ රසමසවුළු වලින් අඩුවක් නොතිබුණ එහිදී වර්තමාන උපකුලපති උපුල් දිසානායක මහත් ප්‍රීතියෙන් සිටින බව දකින්නට ලැබුණි.
Apr 18 2021 00:00
212

දෙපාරක්ම ෆේල් වෙලා යළි නැඟිටින තෝර පරිප්පු... රජරට පැත්තෙන් හමනා සුළෙඟ් තෝර පරිප්පු මල් සුවඳ......
ලංකාවේ ප්‍රභූ පැලැන්තියට තෝර මාළු සීමාවී ඇති ආකාරයෙන් ඉන්දියාවේ අතමිට සරු උදවිය වැඩිපුර අනුභවයට ගන්නේ තෝර පරිප්පුය. කරල් මෙරටට ගෙනැවිත් පියළිකර කෑමට ගන්නා මයිසූර් පරිප්පු නොහොත් රතු පරිප්පු ඉන්දියාවේදී නම් වැඩිපුර ගැවසෙන්නේ සල්ලිය බාගේ නැති පිරිස් අතර බව එරට වාර්තා පෙන්වාදෙයි.
Apr 18 2021 00:00
206

හඳුනුම්පතට වසට පනහයි... මැතිනියට පළමු හැඳුනුම්පත දුන් ගුණවර්ධන කියන කතාව
අපේ‍්‍රල් මාසයට වසර පනහක් සපිරෙන හැඳුනුම්පතේ උපත එතරම් රසවත් සහ පුද්ගලයන් දෙදෙනකුගේ සැලසුම මත මූලික වශයෙන් ඇති වූවක් බව කිව හැකිය. ඒ සඳහා නායකත්වය ලබා දුන් ටී. බී. එම්. ඒකනායක මහතා අද දැයෙන් සමුගෙන ගොසිනි. ජාතියට අද ඒ මතකය ගෙන හැර දැක්වීම සඳහා ඉතිරිව ඇත්තේ ඩබ්ලිව්. ඞී. ගුණවර්ධන මහතා පමණය....
Apr 18 2021 00:00
150

වසර පහක් තිස්සේ පිරිවෙනකට දිවයින පුවත්පත පූජා කරන ඉංග්‍රීසි ගුරුවරයා
මම මුලදී එතරම් ඉගෙනීමට දස්කම් නොදැක්වුවත් මාගේ දැනුම වර්ධනය වුණේ ‘දිවයින’ පුවත්පත නිසා. එය දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ ඇතුළු සියලූ දැනුම් ලබාදෙන තක්සලාවක්. ඒ නිසා මගේ දැනුම දියුණු කර ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීමට පැමිණි මගට ‘දිවයින’ පුවත්පත මට ලොකු පිටුවහලක් වුණා. මා අමතර දැනුම ලබාගත්තේ ‘දිවයින’ පුවත්පතින්.
Apr 18 2021 00:00
163

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකයි...පාස්කු ප්‍රහාරයෙන් දෙවසරකට පසු කටුවපිටිය දේවස්ථානයට ගියෙමු....
සර්වබලධාරි දෙවියන් වහන්සේ කෙරෙහි බැතියෙන් සැදැහැතියෝ පිරිසක් ඒකාත්මිකවැ සවන්පත් යොමාගෙන දේව පණිවුඩය අසමින් නිසොල්මන්ව නිහඬවම සිටියහ. දේශකතුමාණන්ගේ ආකර්ෂණීය කටහඬ වා ගැබ සිසාරා රැව් පිළිරැව් දෙමින් තිබුණි. ඒ අපූරු උදාසනේ සියල්ල හොඳින් සිදුකෙරෙමින් පැවතුණි.
Apr 18 2021 00:00
65

වන විනාශය සහ ඉඩම් කොල්ලය... චෝදනාවල ඇත්ත සහ බොරුව
මහවැලි අධිකාරියේ ඉඩම් මහා පරිමාණයෙන් මහා සමාගම්වලට ලබා දීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ වී ඇත. ඊට අමතරව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම්ද මහා පරිමාණයෙන් අන්සතු කිරීම ආරම්භ කොට ඇත. එම ක්‍රියාවලිය ඉතා පැහැදිලිවම ඉඩම් කොල්ලයක් ලෙස හැ`දින්විය හැකි අතර ඒ තුළ වන විනාශය දිරිමත්වේ. එම ඉඩම් මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර මගින්...
Apr 18 2021 00:00
179

දැනුම සකස්වන්නේ අතීත සංස්කාරයන්ට අනුවය
රාත්‍රිය ගෙවිලා උදෑසන හිරු එළිය වැටෙන්නට දැන් හුඟාක් ළඟයි. කුසගින්න දැනිලදෝ හිරු එළිය වැටෙන්නටත් පෙරාතුව කොවුලෙක් තොරතෝංචියක් නැතිව කෑගසනවා. ඒත් ඒ කොවුල් නාදයේ මිහිරකුත් තිබෙනවා. පක්ෂි ලෝකයේ ජීවත්වෙන පක්ෂීන්ගේ තෘෂ්ණාවේ තරම ධර්මානුකූලව දකින්න පුළුවන් හොඳම අවස්ථාව තමයි උදෑසන.
Apr 18 2021 00:00
86

ධනවත් වෙන්න ඔබත් කැමතිද?
දවසට තුන්වරක්වත් පන්සිල් ගෙන ජය පිරිත හා සීවලී පිරිත සජ්ඣායනා කරන්න. මෙම පිරිත් දෙකම නිතර භාවිතා කිරීම තුළින් ඔබට නිරෝගී සම්පත මෙන්ම ධන සම්පත ද නොඅඩුව ලැබීමේ භාග්‍යය උදා වේ. බොහෝ අය මේවා ගැන වටිනාකම් නොදනී. පිරිත් හඬ පට දැමීමට වඩා ඔබේ මුවින් එම පිරිත් සජ්ඣායනා කිරීමම ඔබට මහත් විශ්ව...
Apr 18 2021 00:00
197

නූතන නිර්වස්ත්‍ර වස්තුව - ද්විතීය භාගය
ඉක්බිති, චූලෞෂධයෝ එසේ තුමූ ශ්‍රාවක ජන සමූහයාට ප්‍රමිති, පරස්ථිති හා වාණිජ ඇමැටි ආදී වූ ත්‍රිත්ව නිර්වස්ත්‍ර පේ‍්‍රතයින් දක්වනුයේ ඉන් තුෂ්ණිම්භූතගතවැ හිඳිනා උන් කැටිවැ තවත් නූතන නිර්වස්ත්‍ර පේ‍්‍රතයින් දක්වනු වස් එකී වෘක්ෂයන්ගෙන් සෙවණවැ සිසිල වූ මාවතෙහි පෙරට ගමන් ආරම්භ කරනුයේ ලෝහිත,...
Apr 18 2021 00:00
64

විෂමතා බිල්ල එළියට ගෙන විශ්‍රාමිකයන් එක් ලක්ෂ අටසිය හැට නව ලක්ෂයක් බිල්ලට...
3/2016 චක්‍රලේඛයේ මෙසේ දැක්වේ. ‘2006.4.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 සහ ඊට සංශෝධන වශයෙන් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිධාන යටතේ රාජ්‍ය සේවයේ තනතුරු සඳහා ක්‍රියාත්මක වන වැටුප් පරිමාණයන් වෙනුවට මෙම චක්‍රලේඛයේ උපලේඛන 1 හි සඳහන් නව වැටුප් පරිමාණයන් 2016.1.1 දින සිට අදියර 05කින් උපලේඛන 11 හි සඳහන්...
Apr 18 2021 00:00
64

බලය බෙදා ගැනීමේ ආණ්ඩුවල යථාර්ථය! - 2
වාර්ගික වශයෙන් බෙදුණු සමාජ වල දීර්ඝකාලීන සාමය සහ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමේ ප්රයත්නයට එරෙහිව, බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයේ ඇති නෛසර්ගික දුර්වලතා කල් යත්ම මතුවන බව ඩොනල්ඞ් රොත්චයිල්ඞ් සහ ෆිලිප් ජී. රෝඩර් යන මහාචාර්යවරු ලොව පුරා සිදු කළ ප්‍රායෝගික නිරීක්ෂණ ඇසුරින් නිගමනය කරති.
Apr 18 2021 00:00
53

වඳුරා සහ රේඩියෝ පැටියා!
උපන්දා පටන් මේ වෙන තුරුම වනාන්තරයෙන් එළියට පය ගහලා නැති වඳුරු නාම්බෙක් දවසක් පොඩි චේන්ජ් එකකටත් එක්ක තදාසන්න ජනපදයක් පැත්තේ ටුවර් එකක් දාලා එන්න කල්පනා කළා. ගස් අතු රිකිලි අතරින් පනිමින් පැයක දෙකක ගමනකින් හේ විශාල ජනපදිකයන් ප්‍රමාණයක් ටැග් ගැහිලා ඉන්න මහා මන්දිර වලින්ද...
Apr 18 2021 00:00
75

බෝනික්කන් වනාන්තරය
බෝනික්කෙක් කී විට ඔබේ මතකයට නැගෙන්නේ පුංචි දැරියක් මුල් කර ගත් සුන්දර දර්ශනයක් විය හැකියි. මෙම බෝනික්කන් වනාන්තරය ගැන මතුපිටින් ඔබේ හිතට එවැනි අදහසක් ඇති වුණත් ලිපිය අවසානයේදී ඔබේ හිතේ මැවුන ඒ සුන්දර සිතුවිල්ල නොදැනීම නැති වී යාවි.
Apr 18 2021 00:00
61
