Divaina - ලියාපදිංචි නැති ආහාර තොග ගබඩා හෙට සිට වටලයි

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

riceසීනි, කිරිපිටි, සහල්, වී යන අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැුස්කර තිබෙන ස්ථාන හා භාණ්ඩ තොග පිළිබඳව පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකර පවත්වාගෙන යනු ලබන ආයතන සොයා සඳුදා (21දා* සිට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහයට පැවැසීය.

පාරිභෝගික අධිකාරියේ පනතකට අනුව පසුගිය 11 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග හා ගබඩා කර තිබෙන ස්ථාන අධිකාරියේ ලියාපදිංචි කළ යුතු බවට විධාන කර තිබූ අතර, එම ලබාදී තිබූ දින හතක කාලය 18 වැනිදා සිකුරාදා මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් බවත්, එම විධාන අනුව කටයුතු නොකිරීම නීති විරෝධී කටයුත්තක් වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ලියාපදිංචියකින් තොරව ඉහත සඳහන් භාණ්ඩ ආනයනකරුවකු, නිෂ්පාදකයකු, ගබඩාකරුවකු, රැුස්කරන්නකු, බෙදාහරින්නකු හෝ තොග වෙළෙන්දකු සන්තකයෙහි තබා නොගත යුතු බව එම ගැසට් නිවේදනයෙන් විධානය කර තිබුණි.

මෙසේ ලියාපදිංචි කිරීම පිළිබඳව ව්‍යාපාරිකයින් අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත්, මෙවැන්නක් සිදුකරනුයේ රජයේ දැනගැනීම මෙන්ම විශේෂයෙන් පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව උදෙසා බවත් පැවැසූ ඇමැතිවරයා මෙවැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග පිළිබඳව නිවැරදි තොරතුරු රජයට ලබාදීමෙන් ව්‍යාපාරිකයාට සිදුවිය හැකි පාඩුව මගහරවා ගත හැකි බවත් පැවැසීය.

අනුර බාලසූරිය

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles