Divaina - සංචරණ සීමා 21 දා සිට ලිහිල් වේ

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

police sdමාසයක කාලයක් දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා මෙම මස 21 වැනිදා සිට ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.

එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

23 වැනිදා රාතී‍්‍ර 10.00ට නැවත වරක් දිවයින පුරා සංචරණ සීමා පනවන අතර එය 25 වැනිදා උදෑසන 4.00 දක්වා පැවැත්වේ. ජනතාව ඒකරාශි වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් එලෙසම කි‍්‍රයාත්මක වේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල සේවා කටයුතු සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමටත්, සියලූ වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග පොදු ප‍්‍රවාහන සේවාවන් ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කි‍්‍රයාත්මක කළ හැකිය.

සමන් ගමගේ
 

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles