Divaina - ඔන්ලයින් විධිමත් කරන්න අධ්‍යාපන අමාත්‍යංශයෙන් නව සැලසුමක්

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පවතින කොවිඞ් වසංගතය හමුවේ පාසල් වසා දමා තිබීම නිසා ගුරුවරුන් මාර්ගගත ක‍්‍රමයට (ඔන් ලයින්* දරුවන්ට ලබාදෙන... 02 - පිටුවට අධ්‍යාපනයේ පවතින අවිධිමත් බවට විසඳුම් ලබාදීමට නව සැලසුමක් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් හේමන්ත පේ‍්‍රමතිලක මහතා සඳහන් කරයි.
 
 විශේෂයෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට අලූයම් කාලයේදී සහ රාත‍්‍රී කාලයේදී අධ්‍යාපන කටයුතු ලබාදීමට ඇතැම් ගුරුවරුන් කටයුතු කිරීම නිසා දරුවන් මානසිකව පීඩාවට පත්ව ඇතැයි දෙමාපියන්් පැමිණිලි කර ඇතැයිද එසේම ඔන් ලයින් කටයුතු සඳහා වැයවන දුරකථන ඬේටා ගාස්තු දරාගත නොහැකි යැයිද සඳහන් කරන බවත් මේ සියලූ ගැටලූවලට විසඳුම් නව සැලසුම මගින් ලබාදිය හැකි බවට විශ්වාසයක් ඇති බවත් ඒ මහතා කීවේය.
 
 අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට දෙවැනි වාරයේදී මුද්‍රිත අධ්‍යාපන කට්ටලයක් ලබාදීමට ද පියවර ගන්නා බවද පැවසීය.
 
 අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම නව සැලසුම් සකස් කරන බවද හේමන්ත පේ‍්‍රමතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 උපාලි ද සේරම්

 


 

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles