Divaina - ශ‍්‍රී ලංකාවටත් විශේෂ අවස්ථාවක්

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඊළඟ ‘ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ‘ විශේෂ නියෝජිතයා (Special Guest) වීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිකර දීමට කටයුතු කරන බව රුසියානු රජයේ නියෝජිත, එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ යුරේසියානු මහජන සමුළුවේ නියෝජ්‍ය මහලේකම්, රුසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ස්වභාවික කළමනාකරණය සහ පරිසර විද්‍යාව පිළිබඳ කමිටුවේ නියෝජ්‍ය සභාපති ස්ටැනිස්ලව් කොරොලෙව් මහතා පවසයි.
 
 මේ වන විට රුසියාවේ දී පැවැත්වෙන 24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් ආර්ථික සමුළුවට සහභාගී වී සිටින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස සහ රුසියානු රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අතර පැවැති විශේෂ සාකච්ඡුාවකදී ඒ මහතා මෙසේ පවසා තිබේ.
 
 මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවේ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාව ලදහොත් ශ‍්‍රී ලංකාව කෙරෙහි රුසියානු මෙන්ම මෙවර සමුළුවට සහභාගි වූ බොහෝ රටවල ආයෝජකයන්ගේ අවධානය යොමු වන බැවින් එය මෙරට කර්මාන්ත හා ආයෝජන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට විශාල පිටිවහලක් වනු ඇත.
 
 ශ‍්‍රී ලංකාව තුළ ඉදිරියේ දී අරඹනු ලබන කර්මාන්තපුර මෙන්ම දැනට පවත්වාගෙන යන කර්මාන්තපුර ද හරිත සංකල්පය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යෑමට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පියවර ගනිමින් සිටින බව මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දී ඇති අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටද මෙම සාකච්ඡුාවේදී රුසියානු රජයේ නියෝජිතවරයා එකඟ වී තිබේ.
 
 එසේම ‘ස්පුට්නික් V‘ එන්නත ප‍්‍රමුඛතා පදනම මත ශ‍්‍රී ලංකාව වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස මෙම සාකච්ඡාවේදී රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්. ඞී. ළමාවංශ මහතා කළ විශේෂ ඉල්ලීම තම රජයේ අවධානයට කඩිනමින් යොමු කරවන බව ද රුසියානු රජයේ නියෝජිත ස්ටැනිස්ලව් කොරොලොව් මහතා පවසා ඇත.
 
 මෙම සාකච්ඡාව සඳහා මුදල් හා රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් එක්ව සිටියහ.

ප‍්‍රභාත් විතාන
 

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles