Divaina - රසායනික පොහොර තහනම මහකන්නයේදී

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 අරුණ බෝගහවත්ත
 
 රසායනික පොහොර තහනම ක‍්‍රියාත්මක වන්නේ එළඹෙන මහ කන්නයේ සිට බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. යල කන්නයට වී ගොවියාට අවශ්‍ය රසායනික පොහොර මෙටි‍්‍රක් ටොන් තුන් ලක්ෂ අසූ පන්දාහක් සියලූම ගොවිජන මධ්‍යස්ථානවලට මේ වන විට යවා ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. එහෙත් මේ වන විට අනෙකුත් භෝග සඳහා අවශ්‍ය රසායන පොහොරවල හිඟයක් ඇතිවී තිබෙන්නේ පොහොර අලෙවි වෙළෙඳ සල් හිමියන් පොහොර වැඩි මිලට විකිණීම සඳහා සිය ගබඩාවල සඟවා තබා ගෙන ඇති නිසා බවද ඇමැතිවරයා කීවේය.
 
 වැඩි මිලට පොහොර විකිණීම හා ගබඩාවල සඟවා තබාගෙන සිටින වෙළෙඳුන් පිළිබඳව සොයා බැලීම සඳහා තමා පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දී තිබෙන බවත් එවැනි වෙළෙඳුන් දස දෙනකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය.
 
 මේ වන විට ලංකාවේ සියලූම පොහොර අලෙවි සල් පරීක්ෂා කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් එහිදී වැඩි මිලට පොහොර විකුණන වෙළෙඳුන් සහ පොහොර ගබඩා කර සිටින වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව ද කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles