Divaina - පන්දහස වෙනුවට බඩු මල්ලක්‌

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් හුදකලා කර තිබෙන ප‍්‍රදේශවල හා නිරෝධායනය කර තිබෙන අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් 5000 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ මල්ලක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
 
 කොවිඞ් වසංගතය නිසා සංචරණ සීමා පැනවීමෙන් පසු මෙයට පෙර අවස්ථා කීපයකදී රජය විසින් රුපියල් 5000 දීමනාවක් ලබාදුන් අතර, ඒ වෙනුවට රුපියල් 5000 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20 ක් අඩංගු භාණ්ඩ මල්ලක් ලබාදෙනු ඇත.
 
 දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සතොස මගින් නිකුත් කෙරෙන මෙම සහන මල්ල ග‍්‍රාම නිලධාරී හා සමෘද්ධි නිලධාරීන් මාර්ගයෙන් අදාළ පවුල් වෙත බෙදා හැරේ.
 
 මෙම භාණ්ඩ මල්ලට සුදු නාඩු සහල් කිලෝ 10 ක්, රතු කැකුළු සහල් කිලෝ 5ක්, හාල්මැස්සන් (තායිවාන්* ග‍්‍රෑම් 500 ක්, බී ලූනු කිලෝ 3ක්, පාන්පිටි කිලෝ 3ක්, නූඞ්ල්ස් කිලෝ 1 ක්, දෙවෙනි බැත ග‍්‍රෑම් 350 පැකට් එකක්, තේ කොළ ග‍්‍රෑම් 200 ක්, දේශීය අල කිලෝ 3ක්, රතු පරිප්පු කිලෝ 2ක්, සුදු සීනි කිලෝ 1ක්, දුඹුරු සීනි කිලෝ 1ක්, ක‍්‍රීම් කැකර් බිස්කට් ග‍්‍රෑම් 500 පැකට් එකක්, මාරි බිස්කට් ග‍්‍රෑම් 300 පැකට් එකක්, ගම්මිරිස් ග‍්‍රෑම් 100 ක්, මිරිස් කුඩු ග‍්‍රෑම් 200 පැකට් 1ක්, ලූණු කැට කිලෝ 1ක්, සෝයා මීට් ග‍්‍රෑම් 90 පැකට් 2 ක්, මුහුණු ආවරණ 10 ක්, විෂබීජ නාශක දියර මිලි ලීටර් 100 බෝතලයක්.
 
 සංචරණ සීමා පැනවීමට රජය ගත් ක‍්‍රියා මාර්ගයත් සමග අපහසුතාවට පත්වන ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබාදීමේ යාන්ත‍්‍රණයක් සැකසීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡුාවේදී ගත් මෙම තීරණය අනුව සතොස හරහා මෙම සහන මල්ල ලබාදීමට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට මෙම උපදෙස් දී ඇත.

 අනුර බාලසූරිය

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles