Divaina - පාස්‌කු ප්‍රහාරය ගැන ඉන්දීය ඔත්තු සේවය දුන් රහසක්‌ හෙළිවෙයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පාස්කු ප‍්‍රහාරයට පෙර ඒ සම්බන්ධව රාජ්‍ය බුද්ධි අංශයට ඉන්දීය ඔත්තුකරුවන් මගින් තොරතුරු ලැබී ඇතැයි පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සඳහන් කර ඇත.
 
 මෙම තොරතුරු 2019 අපේ‍්‍රල් මස 04 වැනිදා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා වෙත වට්ස්ඇප් පණිවුඩයක් මගින් එවා තිබේ.
 
 ශ‍්‍රී ලංකාවේ තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයන් මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයක් හෝ ආයුධ ප‍්‍රහාර, පිහි ප‍්‍රහාර හෝ ට‍්‍රක්රථ ප‍්‍රහාරයක් ලෙසින් මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට සැළසුම්කර ඇති බව ද එම තොරතුරු මගින් දැනුම්දී ඇතැයිද කොමිසන් සභා වාර්තාවේ දැක්වේ.
 
 මෙම තොරතුරු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතිචාර දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද එම ඉන්දීය තොරතුරෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත.
 
 ඒ අනුව 2019 අපේ‍්‍රල් 21 සිදුවූ පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට තිබූවක් බවද රාජ්‍ය බුද්ධි අංශයේ නොසැලකිලිමත් බව නිසා මෙම ප‍්‍රහාරය සිදුව ඇති බව ද කොමිසමේ අවසන් වාර්තාව මගින් පවසා තිබේ.
 
 එරික් ගාමිණී ජිනප‍්‍රිය

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles