Divaina - රාජ්‍ය වෙසක්‌ උත්සවය උතුර නැගෙනහිරට

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
 
 ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙස අග‍්‍රාමාත්‍යතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහාතාට දැනුම් දී තිබේ.
 
 මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වනුයේ සාම්ප‍්‍රදායක වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමඟ එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමය.
 
 ඒ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති හින්දු, ක‍්‍රිස්ත‍්‍රියානි හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු එක් වේ.
 
 අනුර බාලසූරිය

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles