Divaina - ඉන්දු ලංකා සංචාරක ගුවන් බුබුලක්‌

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ‘සංචාරක ගුවන් බුබුල’ ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
 
 ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුලක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවක් බව සංචාරක අමාත්‍යාංශය කියයි.
 
 මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡුාවකදී මෙම තීරණයට එළඹ ඇත.
 
 මෙම යෝජනාව ඉන්දියානු මහා කොමසාරිස්වරයා විසින් මෙරට විදේශ කටයුතු ඇමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා වන ඉදිරි පියවර ගැන සාකච්ඡුා කිරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා අතර මෙම සාකච්ජාව පවත්වා තිබේ.
 
 මෙම සංචාරක ගුවන් බුබුල යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමටත් දෙරටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීම පිළිබඳවත් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන තිබේ. කොවිඞ් නිසා නතර වූ පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය හා එහි මෙහෙයුම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles