සිංහල අලූත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවේ ලක්ෂ 25කට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කරන බව කොවිඞ් මර්දනය පිළිබඳ ජාතික වැඩසටහනේ සභාපති සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
ඒ සඳහා අවශ්‍ය ඔක්ස්ෆර්ඞ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නත් ගෙන්වීමේ වැඩසටහන මේවනවිට ක්‍රියාත්මක බවද ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩි අවධානයක් යොමුකරන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර යන බස්නාහිර පළාතේ ප්‍රදේශවලට අයත් අවදානම් කලාප වල පදිංචිකරුවන් බව පැවසූ ඒ මහතා එම කලාපවල පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයනට මෙම එන්නත ලබාදීමට අවශ්‍ය පියවර ගනු ලබන බවද කීවේය. මේ වනවිට ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදීගත් කොවිෂීල්ඞ් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ලැබී ඇති අතර තවත් මාත්‍රා ලක්ෂ 10ක් මාර්තු 15 වැනිදා වනවිට ලැබීමට නියමිත බවත් ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක්ද ලැබීමට නියමිත බවත් ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
උපාලි ද සේරම්