සිරිමන්ත රත්නසේකර
දුරස්ථ අධ්‍යාපනයේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු මගහරවා ගැනීමට චන්ද්‍රිකා.. විකාශනයක් මගින් සියලු පාසල් දරු දැරියන්ට අධ්‍යාපන දැනුම ලබාදීමට රජය සැලසුම් කර ඇත.
චන්ද්‍රිකාවක් මගින් මෙම අධ්‍යාපන කටයුතු විකාශනය කෙරෙන අතර ඊට අදාළ නෛතික අවසරය විදුලි සංදේශන නියාමන කොමිසම මගින් මෙම සතිය තුළ ලබා දීමට නියමිතය.
ඒ අනුව පාසල් දරු දැරියන්ට නිවස තුළ සිට බාධාවකින් තොරව රූපවාහිනී තිරය වෙත අධ්‍යාපනික වැඩසටහන් ගෙන ඒමට හැකි වනු ඇති බවත් පාසල් ශ්‍රේණි 13 සඳහා වෙන වෙනම නාලිකා දහතුනත් මෙම චන්ද්‍රිකා විකාශනය මගින් ප්‍රචාරය කෙරෙන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
මේ තුළින් දුරකථන සංඥා නොමැතිවීම, ඩේටා ගැටලුව, භාවිතා කරන මෙවලම්හි ගැටලු ඇතුළු අනෙකුත් ගැටලු පැන නොනඟින බවත් රටේ සිව්දිග සිසාරා දරුවන්ට පැහැදිලිව අධ්‍යාපනික පාඩම් මෙමගින් ලබා ගැනීමට හැකිවනු හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
- Hits: 351