අනුර බාලසූරිය
රජයේ ඉඩම් අනවසර පරිහරණය වැළැක්වීමට ඉඩම් අමාත්‍යාංශයට අනුබද්ධිතව විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් ආරම්භ කළ.. බව ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් අයථා ලෙස පරිහරණය කෙරෙන බවත්, එවැනි ඉඩම් පිළිබඳව විමර්ශනයක් කර නැවත අත්පත් කරගෙන සංවර්ධනය කිරීමට හා ඉඩම් නොමැති ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේය.
පසුගිය කාලවල දේශපාලන අවශ්‍යතා මත රජයේ ඉඩම් අයථා ලෙස පරිහරණය කිරීම ඉතා බරපතළ ලෙස සිදුව ඇති බවත් වර්තමානයේ රජයේ ඉඩම් සංවිධානාත්මක හා පුද්ගලික වශයෙන් අයථා ලෙස අත්පත් කරගැනීම් නිරන්තරයෙන් වාර්තා වන බව පැවැසූ ඇමැතිවරයා මින් ඉදිරියට එවැනි සිදුවීම් වැළැක්වීමත්, අනවසර පරිහරණයට ලක්ව තිබෙන ඉඩම් පිළිබඳව විමර්ශනය කර අවශ්‍ය පියවර ගැනීම මෙම විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැවැරෙන බවත් පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොලිස් විමර්ශන ඒකකය පිහිටුවා ඇති අතර රජයේ ඉඩම් පිළිබඳ අයථා කටයුතු මෙම විමර්ශන ඒකකයට දැනුම් දීම සඳහා 1931 ක්ෂණික ඇමතුම් අංකයක්ද හඳුන්වා දී ඇත.
මෙම විශේෂ පොලිස් ඒකකයේ විමර්ශන හා ව්‍යාපෘති අධ්යක්ෂ ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා පත්කර ඇති අතර ඊට අමතරව සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම විමර්ශන ඒකකයට අනුයුක්ත කර තිබේ.
- Hits: 311