Divaina - අන්තර්ජාල මූල්‍ය වංචා ගැන මහබැංකුව අනතුරු අගවයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
ජනතාවගේ රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඹවමින්.. විවිධ මූල්‍ය වංචා සිදු කිරීමට වංචනික පිරිස් ක්‍රියා කරමින් තිබේ.
 
 මේ අනුව සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකථන යෙදවුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදු කෙරෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත.
 
 මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි ණය අයැදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සඳහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඹවයි.
 
 එනම් හර / ණය කාඩ්පත්වල කාඩ්පත් අංකය, පුද්ගලික හැඳුනුම්පත් අංක, කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක, කාඩ්පත් කල් ඉකුත් වන දිනය, ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද මෙන්ම අන්තර්ජාල බැංකුකරණයේ දී පරිශීලක නාමය, රහස් පදය, එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද සහ ජංගම බැංකුකරණයේ දී පරිශීලක නාමය, රහස් පදය සහ එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද යනාදිය මෙලෙස ලබා ගැනීමට පොළඹවන රහස්‍ය පාරිභෝගික තොරතුරු වේ.
 
 මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස දැනුම් දෙනු ලැබේ. එනම් මුදල් ණයට දීමේ ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ මුවාවෙන් සිදු කෙරෙන වංචාවන්ට ගොදුරු නොවී සිටීමට නිසි උත්සාහයක් හා සැලකිල්ලක් දැක්වීම, මූල්‍ය ගනුදෙනුව සඳහා ගිවිසුමකට එළඹීමට පෙර මහජනතාව මූල්‍ය ගනුදෙනුව සහ ණය දෙන පාර්ශ්වයේ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීම, සෑම විටම මුදල් ගනුදෙනුවකට එළඹීමේ දී යම් නියාමන අධිකාරියක් මගින් නියාමනයකට ලක්කෙරෙන ආයතන කෙරෙහි විශ්වාසය තැබීම, පහසු/ක්ෂණික ණය යෝජනා ක්‍රම සමඟ කටයුතු කිරීමේදී අතිශයින්ම සුපරීක්ෂාකාරී වීම සහ ගිවිසුම්වල නියමයන් සහ කොන්දේසි වල අන්තර්ගතයන් සම්පූර්ණයෙන් වටහා ගැනීම අපහසු නම් එවැනි ගිවිසුම්වලට එළඹීමෙන් වැළකීම යනාදිය එම උපදෙස් වේ.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles