හේමන්ත රන්දුණු
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියමින් පොලිස් නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබා දීමට ගෙන ඇති තීරණය වහාම නතර කරන ලෙස ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පොලිස්පති සී. ටී. වික්‍රමරත්න මහතා වෙත පෙත්සමක් භාරදී ඇත. මෙම උසස්වීම් පිරිනැමීම ක්‍රියාත්මක කළහොත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි පරිපාලනමය අර්බුදයක් උද්ගත වන බවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
මෙම පෙත්සම භාරදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පොලිස්පතිවරයාට පවසා ඇත්තේ විධිමත් මණ්ඩලයක් හරහා සාධාරණ පරීක්ෂණයක් පවත්වා අසාධාරණයට ලක් වූ සියලු නිලධාරීන්ගෙන් කරුණු විමසා බලා උසස් වීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙසයි.
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියමින් උසස් වීම් ලබා දීමට සුදුසුකම් ලබා සිටින ඇතැම් නිලධාරීන් කිසිම ආකාරයක පළිගැනීමකට ලක්වූවන් නොවන බව පැහැදිලි වී ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති.
මෙසේ උසස්වීම් ලබාදීමට යෝජිත නිලධාරීන් අතරින් උපපොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන්, සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියමින් උසස් පොලිස් නිලධාරීන් 75 දෙනෙකුට උසස්වීම් ලබාදීමට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
- Hits: 276