Divaina - චීනයේ ආර්ථික වර්ධනය 7.9%ක් තෙක් ඉහළට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021 වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය 4%ක ප්‍රතිශතයකින් වර්ධනය වෙද්දී, චීනයේ ආර්ථික වර්ධනය 7.9%ක ප්‍රතිශතයක් ගනු ඇති බවට ලෝක බැංකු සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
 
 කොරෝනා වසංගත තත්ත්වයේ වුවද චීනයේ දළ ජාතික නිෂ්පාදිතය සියයට 2.3 වර්ධනයක් ලබා තිබීම ඊට හේතුවී ඇතැයි එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව 2020 වසර තුළදී යුආන් ටි්‍රලියන 100ක් එනම් එක්සත් ජනපද ඩොලර් ටි්‍රලියන 15.42ක් (ඇ.ඩො කෝටි 3,084,000) ඉක්ම වූ බවද එම කාර්යාංශය පවසයි.
 
 පසුගිය වසරේදී චීනයේ දළ ජාතික නිෂ්පාදිතය යුආන් ටි්‍රලියන 101.5986ක් ඉක්මවා තිබේ. නව කොරෝනා වසංගතයෙන් පීඩා විඳි පසුගිය වසර තුළදී මෙවැනි ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් ලොව ප්‍රධාන ආර්ථිකයක් බවට ද මේ අනුව චීනය පත්ව ඇත.
 
 2019 වසරේදී චීනයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඉතිහාසයේ පළමුවරට එක්සත් ජනපද ඩොලර් 10,000ක් බවට වාර්තා කිරීමෙන් අනතුරුව චීන ආර්ථිකය ළඟා කරගත් කැපී පෙනෙන සන්ධිස්ථානයක් බවටද මෙය පත්ව ඇතැයිද කාර්යාංශයේ දත්ත උපුටා දක්වන චීන මාධ්‍ය සඳහන් කරයි. එසේම ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස පසුගිය වසරේදී රටක් ලෙස දුප්පත්කම තුරන් කිරීමේ ජයග්‍රහණය ද හිමි කරගැනීමට චීනය සමත් විය. ඒ හරහා සෑම අතින්ම සෞභාග්‍යය ළඟා කරගත් සමාජයක් බිහි කිරීම සඳහා වන ඓතිහාසික සාර්ථකත්වයකට පත් වීමට ද චීනයට හැකියාව ලැබී තිබේ. චීනයේ මෙම ආර්ථික ජයග්‍රහණයන් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානී නින්ග් ජිස්හේ, මේ සාර්ථකත්වයන් මගින් චීනයේ ආර්ථික, විද්‍යාත්මක මෙන්ම තවත් දැවැන්ත පියවර සඳහා වන සුවිශේෂී ශක්තිමත් බවත් පෙන්නුම් කරන බව පවසා සිටියි. දැනට වසර 20කට පෙරාතුව යුආන් ටි්‍රලියන 10කින් වර්ධනය වුණු චීනයේ මෙම ආර්ථිකය අද වනවිට සමස්ත ගෝලීය ආර්ථිකයෙන් 17% ක ප්‍රතිශතයකට හිමිකම් කියන බවද ප්‍රධානියා පවසයි. එහිදී විශේෂයෙන්ම ධාන්‍ය නිෂ්පාදනය, කාර්මික නිෂ්පාදනය, අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීම මෙන්ම 5ඨ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක්ම මෙම ආර්ථිකයේ සෞභාග්‍ය සඳහා දායකත්වය ලබා දුන් බවද හෙතෙම අවධාරණය කර තිබේ.
 
 මේ අතර 2020 වසරේදී චීනයේ ඒක පුද්ගල ආදායම යුආන් 32,189 කින් එනම් පෙර වසරට සාපේක්ෂව 2.1%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. එය මූලිකවම දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනයත් සමගම සිදුව තිබෙන බව කාර්යාංශයේ දත්ත පවසයි. එසේම 2020 වසර තුළදී චීනය තුළ අලුතින් නාගරික රැකියා අවස්ථා මිලියන 11.86ක්ද බිහි වී තිබේ. එය 2019 වසරේදී බිහි වූ රැකියා ප්‍රමාණයට සාපේක්ෂව 131.8%ක ප්‍රතිශතයක වර්ධනයකි.
 
 ඒ අනුව චීනය අදටත් ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට බවට පත්ව තිබෙන බවත්, රටෙහි ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ගෝලීය සාමාන්‍ය අගයට වඩා පහළ මට්ටමකින් පවතින බවත් ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානියා පවසයි. එසේම ලෝකයේ ප්‍රධාන සංවර්ධිත රාජ්‍යයන් හි ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය හා සාපේක්ෂවද චීනයේ අගයන් අතර යම් පරතරයක් පවතී. ඒ අනුව මෙහි ඉදිරි අනාගතය ලෙස චීනය සිය දළ ජාතික නිෂ්පාදිතය වසර 2035 වන විට ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන්ගේ මට්ටමට පත් වීම අපේක්ෂාව වී තිබෙන බවත් චීනයේ කොමියුනිස්ට් පක්ෂය මගින් 2021-2025 වසර සඳහා ඉදිරිපත් කර ඇති 14 වැනි පස් අවුරුදු යාන්ත්‍රණයේ සහ දිගුකාලීන ඉලක්ක අතර වන බවත් පැවසෙයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles