Divaina - පාර්ලිමේන්තුව රැස්වීම ගැන තීන්දුව හෙට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 parl
 
 කුෂාන් සුබසිංහ
 
පාර්ලිමේන්තුව මේ සතියේ රැස්වෙනවාද නැද්ද යන්න පක්ෂ නායකයන් හෙට (18 වැනිදා) රැස්වී තීරණය කිරීමට නියමිතය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් සහ කැබිනට් ඇමැති වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොවිඞ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වනවාද නැද්ද යන තීරණය පසුගිය 13 වැනිදා ගැනීමට නියමිතව තිබිණි.
 
 එහෙත් පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ සංවිධායකවරයාගේ ලේකම්වරයකුටත් කොවිඞ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වීම නිසා අදාළ පක්ෂ නායක හමුව කල්දැමිණි.
 
 පාර්ලිමේන්තුව අනිද්දා (19 වැනිදා) සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට මීට පෙර කටයුතු සංවිධානය කර තිබිණි.
 
 කෙසේ වෙතත් සැලසුම් කළ පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වනවාද නැතිද යන්න හෙට පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී තීරණය කෙරෙනු ඇත. 

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles