නෝමන් පලිහවඩන
ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට තමා සහභාගි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට කොරෝනා වැළඳීම හේතුවෙන් එහි පැවැත්වෙන රැස්වීම්වලට යෑමෙන් වැළකී සිටීමට තමාට අවශ්‍ය නැති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා විෂබීජහරණය සිදුකර තිබූ පාර්ලිමේන්තුවට කොරෝනා විෂබීජය පිටතින් ගෙනත් තිබූ නමුත් මෙම සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල මෙන්ම භූමිය යළිත් විෂබිජහරණය සිදුකර ඇතැයි ද අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
- Hits: 370