ශ්‍යාම් නුවන් ගනේවත්ත
මේ වසරේ (2021) මේ දක්වා කාලපරිච්ෙඡ්දය තුළ ලොව ඉහළ කාර්යසාධනයක් වාර්තා කර තිබෙන කොටස් වෙළෙඳපොළ අතර දෙවැනි තැනට කොළඹ කොටස් වෙළෙඳපොළ පත්ව තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලූ කොටස් මිල දර්ශකය 2020 දෙසැම්බර් 31 සහ 2021 ජනවාරි 13 දක්වා කාලපරිච්ෙඡ්දය තුළ දී සියයට 9.88 වර්ධනයක් වාර්තා කර ඇත.
බ්ලූම්බර්ග් වාර්තාවක් උපුටා දක්වමින් මේ සම්බන්ධයෙන් මෙරට මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසන්නේ ලොව ඉහළ කාර්යසාධනයක් වාර්තා කර තිබෙන කොටස් වෙළෙඳපොළ අතර දෙවැනි තැනට කොළඹ කොටස් වෙළෙඳපොළ පත්ව වීම තුළින් ආයෝජකයන් අපේ ආර්ථිකය පිළිබඳ තබා ඇති විශ්වාසය ගැන තමා සතුටට පත්වන බවයි.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම ගනුදෙනු ප්‍රමාණය ද පසුගිය ජනවාරි 13 දින වාර්තා වූ අතර එදින වාර්තා වූ සමස්ත ගනුදෙනු ප්‍රමාණය 51,862 කි. කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ ගනුදෙනු ප්‍රමාණය පනස්දහසේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වේ. තනි දිනක් තුළ මීට පෙර වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා වී තිබුණේ 2011 අගෝස්තු 18 වන දිනයි. එදින සිදුව පැවති ගනුදෙනු සංඛ්‍යාව 49,921 ක් බව වාර්තා වේ.
- Hits: 362