Divaina - ලංකාවෙන් අලුත් ආක්‍රමණශීලී නිදිකුම්බා ශාකයක්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 nidikumba
 
 ජගත් කණහැරආරච්චි
 
මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගෙන නොතිබූ ආක‍්‍රමණික නිදිකුම්බා ශාකයක් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකින් හඳුනාගෙන ඇත. එම ශාකය විදේශයන්හි වැවෙන මිමෝසා ඩිප්ලොටි‍්‍රකා (Mimosa diplotricha) ලෙස හඳුනාගත් බව කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කරයි.
 
 ආණමඩුව, මදුරන්කුලිය, හලාවත වැනි ස්ථානයන්හි වැවෙන අලූත් නිදිකුම්බා විශේෂයක් පුත්තලම දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ තරංගිකා ශ්‍යාමලී මහත්මිය විසින් පෙන්වාදීමෙන් පසු අදාළ හඳුනාගැනීම සිදුකළ බව බණ්ඩාර මහතා පවසයි.
 
 සාමාන්‍ය නිදිකුම්බා මෙන් කම්පනයේදී හැකිලීමක් නොපෙන්වන මෙම ශාකය දැනට මෙරට තුළ ආක‍්‍රමණශීලී ශාකයක් ලෙස වැවෙන යෝධ නිදිකුම්බා ශාකය මෙන් ඍජුව නොවැඬේ.
 
 ඒ වෙනුවට උපස්තර මත වැතිරී පැතිරෙන මෙම ශාකය පුරා ඉතා ළඟින් තියුණු හා සිහින් කටු පිහිටා තිබීම විශේෂ ලක්ෂණයක් බවත් මෙතෙක් ලංකාවෙන් හමුවී නැති මෙම ශාකයේ පැතිරීම ආක‍්‍රමණශීලී නිසා දැන් සිටම මර්දන කටයුතුවලට යොමුවිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
 
 ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තාවන්නේ බෙහෙත් නිදිකුම්බා (Mimosa pudica)සහ යෝධ නිදිකුම්බා (Mimosa pigra)යන නිදිකුම්බා පවුලේ ශාක දෙකක් පමණි. 

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles