Divaina - කොවිඩ් දෙවැනි රැල්ලෙන් දේශීය කර්මාන්ත රැසක්‌ කඩාවැටේ

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 
 
 2020 ඔක්තෝබර් මාසයේ දී සේවා නියුක්තිය පහත වැටීම සමග සියලූ නිෂ්පාදන අංශවල නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.
 
 කොවිඞ් 19 වෛරස රෝග වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම මාසය තුළ පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සිය කර්මාන්ත ශාලා මෙහෙයුම් සඳහා විශාල වශයෙන් බාධා ඇති වූ බව ආහාර සහ පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟලූම් නිෂ්පාදන අංශවල ප‍්‍රතිචාර දැක්වූවන් සඳහන් කර ඇත.
 
 මේ අනුව විශේෂයෙන් ඉකුත් ඔක්තෝබර් මාසයේ දී ඇඟලූම් නිෂ්පාදන සහ ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශවල නිෂ්පාදනය, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම්වල සැලකිය යුතු පහළ යෑමක් සිදුව තිබේ.
 
 මේ අංශවල සිදු වූ සැලකිය යුතු පහළ යාම හේතුවෙන් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඔක්තෝබර් මාසයේදී 40.3ක් දක්වා පහළ ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහා බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
 
 මේ අනුව ඔක්තෝබර් මස මුල සිට ආරම්භ වූ කොවිඞ් -19 වසංගතයේ දෙවන රැුල්ලේ අහිතකර බලපෑම් හේතුවෙන් 2020 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන කටයුතු වල ක‍්‍රියාකාරීත්වයේ පහළ යෑමක් පෙන්නුම් කර ඇත.
 
 කොවිඞ් -19 වසංගතයෙහි පළමු රැුල්ල තුළින් ආර්ථිකයෙහි සේවා අංශයට සිදු වූ බලපෑම පසුගිය සිව් මස තුළ ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද, කොවිඞ් -19 වසංගතයේ දෙවන රැුල්ලේ අහිතකර බලපෑම පිළිබිඹු කරමින්, 2020 ඔක්තෝබර් මාසයේ දී සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 41.8 දක්වා පහළ ගොස් ඇත. මෙම පහළ යෑම සඳහා නිමකිරීමට නියමිත කාර්යයන් හැර සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි අනෙකුත් සියලූම උපදර්ශකවල දක්නට ලැබුණු පහළ යෑම් හේතු වූ බව ද බව ද ශ‍්‍රී ලංකා මහා බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles