පෞද්ගලික අංශය විසින් සිදුකරන පී. සී. ආර්. පරීක්ෂණ ගාස්තු නියාමනය කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව අදාළ රෝහල්වලින් සිදුකරන පී. සී. ආර්. පරීක්ෂණවල ගාස්තු එක හා සමානව ගෙන ඒමට පියවර ගැනීමට නියමිතය.
රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන පෞද්ගලික අංශයේ රෝහල් මෙන්ම රසායනාගාර සේවාවන්ද පොදු වැඩපිළිවෙළට දායකත්වය ලබාදිය යුතු බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එසේම පී. සී. ආර්. පරීක්ෂණ කටයුතු පෞද්ගලික මට්ටමින් ගෙවීමේ පදනමක් මත සිදුකර ගැනීමට අවශ්‍ය නම් ප්‍රමුඛතාව හඳුනාගෙන එවැනි පරීක්ෂණ සිදුකිරීමට ඉඩ ලබාදිය හැකි බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලසිත දුමින්ද
ලසිත දුමින්ද