ඇමරිකාවේ ඉන්දියානා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පූජෝත්සවය විහාරාධිපති තලංගම දේවානන්ද හිමිපාණන්ගේ අනුශාසනා පරිදි දෙස් විදෙස් දායක කාරකාදීන්ගේ ආධාර උපකාර මෙන්ම සහභාගිත්වයෙන් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
බුදුදහම පිළිබඳවත් දේවානන්ද හිමියන්ගේ ආගමික කටයුතු පිළිබඳවත් පැහැදී එරට බොහෝ ජනතාව බෞද්ධාගම වැළඳගෙන ඇති අතර ඇමරිකානු ජාතික නික් සහ ඩැනියල් නමැති තරුණ පෙම්වතුන් යුවලද උන්වහන්සේගේ මගපෙන්වීම යටතේ බෞද්ධාගම වැළඳගත් දෙදෙනෙකි.
නිතර නිතර විහාරස්ථානයේ සිදුවන සියලූම කටයුතුවලට සම්බන්ධ වෙමින් ඉතා සැඳැහැවත් දිවියක් ගෙවමින් සිටි නික් සහ ඩැනියෙල් යුවල ඒ අසිරිමත් කඨින පූජෝත්සවයට සමගාමීව තම ජීවිතයේ බොහෝ වැදගත් තීරණයක් ගෙන තිබීම විශේෂත්වයකි. එනම් ඒ පිංකම අතරතුර සිංහල බොදු සිරිත් විරිත්වලට අනුව විවාහ දිවියට ඇතුළත් වීමය.
එලෙස විවාහ දිවියට ඇතුළත් වූ නෙක් ඩැනියෙල් යුවල විසින් විහාරස්ථානය තුළ ආසන හතරක් සාදා ඒ ආසන මත බුදුපිළිම වහන්සේ තැන්පත් කර සෙත් පිරිත් සජ්`ඣායනා මැද එම පිළිම වහන්සේ විහාරස්ථානයට පූජා කර ආශිර්වාදය ලබා ගැනීම ද විශේෂත්වයකි.
* නෙළුවේ නාගිත හිමි
- Hits: 363