Divaina - මහනුවර භූ කම්පනවලට හේතුව හඳුනාගනී

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  මහනුවර දිස්ත‍්‍රික්කයේ පසුගිය දිනවල වාර්තා වූ භූ කම්පනවලට හේතුව එම ප‍්‍රදේශවල පොළොව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථරයන්හි පීඩනය නිදහස් කිරීමේ ප‍්‍රතිඵලයක් යැයි ඒ සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනට සිදුකර ඇති විමර්ශන අනුව හෙළිවී ඇත.
 
 පසුගිය 18 වැනිදා ද පෙරවරු 09.28 අඹකොටේ, හාරගම සහ අනුරගම ප‍්‍රදේශවලින් නැවත වරක් වාර්තා වූ රිච්ටර් මාපක අංක 02 වැනි අගයක් සහිත භූ කම්පනයක් ඇතිවීම සම්බන්ධව මෙම විමර්ශන සිදුකරනු ලබයි.
 
 මෙම ප‍්‍රදේශයෙන් කෙටි කාල සීමාවක් තුළ භූ කම්පන තුනක් වාර්තා වී ඇති බැවින් එම භූ කම්පන මහනුවර දිස්ත‍්‍රික්කයට ආසන්නව පිහිටි විශාල ජලාශවල වේලි සඳහා බලපෑමක් එල්ල කරන්නේ ද යන්න හා එම කම්පන ඇතිවීමට හේතු කුමක් දැයි සොයා බැලීම මෙම විමර්ශනයේ අරමුණයි.
 
 මෙම විමර්ශනය සිදුකරනු ලබන්නේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසිනි.
 
 ඒ අනුව එම ආයතනයේ සභාපති අනුර වල්පොල මහතා විසින් තිදෙනකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් එම විමර්ශන කටයුතු සඳහා ඉකුත් 19වැනිදා පිටත් කර හරිනු ලැබීය.
 
 භූ විද්‍යාඥ මහසෙන් වික‍්‍රමසිංහ සහ භූ කම්පන විද්‍යාඥ ජයනාත් හේරත් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
 
 උපාලි ද සේරම්

 

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles