Divaina - ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් විසඳුම රාජ්‍ය ආයතනවලට අනිවාර්ය වේ

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය





කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුරවැසියන්ගේ සංචරණ කළමනාකරණය කිරීමේ අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් හඳුන්වාදුන් ‘‘සුවෙන් සිටිමු’’ ස්ටේ සේෆ් ඩිජිටල් විසඳුම සියලූම රාජ්‍යය ආයතනවල ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා විසින් චක‍්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

ඒ ඒ ආයතනවල කාර්යය මණ්ඩලවල හා සේවා ලබාගැනීමට පැමිණෙන පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා වූ මෙම ඩිජිටල් විසඳුම ක‍්‍රියාත්මක කිරීමේ වගකීම එම ආයතන ප‍්‍රධානීන්ට පැවරේ.ිජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ඩිජිටල් විසඳුම ක‍්‍රියාත්මක කෙරේ. මෙම චක‍්‍ර ලේඛය අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්, දිස්ත‍්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, රාජ්‍ය සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත නිකුත් කර තිබේ.

නව සාමාන්‍ය තත්ත්වයන් යටතේ කොවිඞ් 19 වෛරසය ආසාදනය වන්නන්ගේ සංචරණයන් හා ආශ‍්‍රිතයන් හඳුනා ගැනීමත් නීරෝගී පුද්ගලයන් හට නිදහස් සංචරණය සඳහා අවස්ථාව ලබා දීමත් යන මූලික කරුණු 2 ක් වෙත මෙහිදී අවධානය යොමුකර තිබේ. ”සුවෙන් සිටිමු’’ ස්ටේ සේෆ් ඩිජිටල් විසඳුම සරල සහ භාවිතයට පහසු විසඳුමක් වන අතර කොවිඞ් 19 නිවාරණය සඳහා සම්බන්ධ වන සියලූ පාර්ශ්වයන්ට මෙන්ම රාජ්‍ය හා වාණිජ ආයතන සඳහාත් සියලූම පුරවැසියන්ටත් ඵලදායී විසඳුමක් ලෙස භාවිත කළ හැකිය.

මෙම ඩිජිටල් විසඳුම ආයතන පරිශ‍්‍රයන්හි කියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයන් ද දන්වනු ලබා තිබේ. ඒ අනුව සෑම සෑම රාජ්‍යය ආයතනයක්ම ස්ටේ සේෆ් වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය යුතු අතර ආයතනයට අදාළ කිව්ආර් කේතය සහිත පෝස්ටරය ලියාපදිංචි වන අවස්ථාවේදීම භාගත කරගත හැකිය. බාගත කරගනු ලබන පෝස්ටරය මුද්‍රණය කර ආයතනයට ඇතුළු වන සියලූම ස්ථානයන්හි පැහැදිලිව පෙනෙන ලෙස ප‍්‍රදර්ශනය කළ යුතු වේ. අදාළ සෙසු මාර්ගෝපදේශ මෙසේය.

⋆ ආයතනයෙන් පිටවීම සඳහා වෙනත් දොරටු පවතීනම් එම සියලූම ස්ථානයන්හි ද ආයතනයට අදාළ ූඍ කේතය සහිත පෝස්ටරයෙහි පිටපතක් මුද්‍රණය කර ප‍්‍රදර්ශනය කළ යුතුය.

⋆ ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන ආයතනයේ සියලූ නිලධාරීන් සහ ආගන්තුකයන් ආයතන පරිශ‍්‍රයට පිවිසීමේදී ූඍ කේතය නිවැරදිව ස්කෑන් කර ඒ බව තහවුරු කිරීමෙන් පසුව ආයතනයට ඇතුළු විය යුතුය.

⋆ ස්මාර්ට් ජංගම දුරකථන භාවිත නොකරන සියලූ නිලධාරීන් සහ ආගන්තුකයන් හට ආයතන පරිශ‍්‍රයට පැමිණීමේදී කෙටි පණිවුඩ ක‍්‍රමවේදය භාවිත කළ හැක.

⋆ ආයතනයේ සියලූ නිලධාරීන් සහ ආගන්තුකයන් ආයතන පරිශ‍්‍රයෙන් පිට වීමේදී නැවත වරක් ූඍ කේතය නිවැරදිව ස්කෑන් කර ඒ බව තහවුරු කර ආයතනයෙන් පිට විය යුතුය. ස්මාර්ට් ජංගම දුරකථන භාවිත නොකරන සියලූ නිලධාරීන් සහ ආගන්තුකයන් ආයතන පරිශ‍්‍රයෙන් පිටවීමේදී නැවත වරක් 1919 අංකයට කෙටි පණිවිඩයක් යොමුකර ඒ බව තහවුරු කිරීමෙන් පසුව ආයතනයෙන් පිට විය යුතුය.

⋆ සියලූම සේවකයන් සහ ආගන්තුකයන් පැමිණි බව සහ පිටවූ බව නිවැරදිව සලකුණු කරන්නේද යන්න සෑම විටම තහවුරු කර ගත යුතුය.

මේ පිළිබඳ වැඩි විස්තර 0768254047, 0718327380, 0772954866 ඇමතීමෙන් ලබාගත හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles