Divaina - නාපාන පේමසිරි මහනාහිමි ආදාහන පූජෝත්සවය අද

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක, මැණික්හින්න හුරීකඩුව ශ‍්‍රී විද්‍යාසාගර පිරිවෙණ් මහ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහනාහිමිපණන් වහන්සේගේ ශ‍්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හමුදා ආචාර වෙඩිමුර 17 ක් සහිතව පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ කුණ්ඩසාලේ වරාපිටිය බණ්ඩාරනායක මහ විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී අද (22* සිදු කිරීමට නියමිතය.
 
 උන්වහන්සේට ගෞරව පිණිස නිවෙස් ඉදිරිපිට කහ ධජයක් ප‍්‍රදර්ශනය කරන මෙන් එම පාර්ශ්වයේ ලේඛකාධිකාරී අත්තන්ගනේ ශාසනරතන නාහිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
 
 මහනාහිමිගේ ශ‍්‍රී දේහයට ගෞරව දැක්වීම පිණිස අති විශාල ජනතාවක් හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙණ් මූල මහා විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිති. කොවිඞ් අවදානමත් සමඟ රටේ ඇතිව තිබෙන අවදානම සැලකිල්ලට ගෙන සෞඛ්‍ය උපදෙස් උපරිම ලෙස ගරුකරමින් ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු සිදුකරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය.
 
 හුරීකඩුව විද්‍යාසාගර මූල මහ විහාරස්ථානයේ සිට වැඩම කරන දේහය පල්ලේකැලේදී යුද හමුදාව විසින් පිළිගෙන බණ්ඩාරනායක ජාතික පාසල් ක‍්‍රීඩාංගණය දක්වා වැඩම කරවීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පැවසුවේය.
 
 මහනාහිමි ආදාහන පූජෝත්සවය සිදු කෙරෙන බණ්ඩාරනායක ජාතික පාසල් ක‍්‍රීඩාංගණයේ රැුඳී සිටීමට අවකාශ සලසා තිබෙන්නේ ආසන පනවා තිබෙන ප‍්‍රමාණයට පමණක් බවත් දුරස්ථ භාවය පවත්වා ගැනීම පිණිස ආදාහන කමිටුව මෙම තීරණය ගත් බවත් හෙතෙම අවධාරණය කළේය.
 
 
සිරිල් විමලසුරේන්ද්‍ර සහ සමන්තී වීරසේකර

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles