Divaina - සතොස ටෙන්ඩර් මණ්‌ඩලය අහෝසි කරයි

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ලංකා සතොස ආයතනයට භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවී ඇති ¥ෂණ අක‍්‍රමිකතා හේතුවෙන් ටෙන්ඩර් මණ්ඩලය අහෝසිකර ඒ සඳහා ස්ථාවර අමාත්‍ය මණ්ඩල ප‍්‍රසම්පාදන කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර ඇත.
 
 වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව පසුගිය සඳුදා රැුස්වූ කැබිනට් මණ්ඩලය මේ සඳහා අනුමැතිය දී තිබේ.
 
 මෙම අමාත්‍ය මණ්ඩල ප‍්‍රසම්පාදන කමිටුව සති දෙකක් ඇතුළත පිහිටුවීමටත්, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පත්කෙරෙන එම ප‍්‍රසම්පාදන කමිටුවට මුදල් අමාත්‍යාංශයේ, පාරිභෝගික සේවා අධිකාරියේ හා ලංකා සතොස ආයතනයේ නියෝජිතයා බැගින් අයත් වේ.
 
 ස්ථාවර අමාත්‍ය මණ්ඩල ප‍්‍රසම්පාදන කමිටුවට අමතරව තාක්ෂණ ඇගයීම් කමිටුවක්ද පත්කෙරෙනු ඇත.
 
 ඒ අනුව ලංකා සතොස සඳහා අතරමැදියන්ගෙන් තොරව දේශීය නිෂ්පාදකයින්ගෙන් හා භාණ්ඩ ආනයන කරුවන්ගෙන් සෘජුව භාණ්ඩ මිලදී ගැනීමටත්, ඒ සඳහා නව සැපයුම්කරුවන් ලබන සතියේදී ලියාපදිංචි කිරීමටත් පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
 
 මෙම තීරණයත් සමග පාරිභෝගික ජනතාවට තත්ත්වයෙන් උසස් භාණ්ඩ සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
 
 අතරමැදියන් හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී කොමිස් ගැහිලි හේතුවෙන් 2015 සිට 2018 දක්වා ලංකා සතොස ආයතනය දිගටම රුපියල් බිලියන ගණනින් පාඩු ලබා ඇති බවත්, පාරිභෝගික ජනතාවට උසස් ප‍්‍රමිතියෙන් යුත් භාණ්ඩ ලැබී නොමැති බවත් සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 7.7 ක මුදලක් ගෙවීමට තිබෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
 
 අනුර බාලසූරිය

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles