Divaina - ඇප ලැබුණත් බන්ධනාගාර රැඳවියන් මුදාහරින්නේ පීසීආර් පරීක්‌ෂණයකින් පසුවයි - බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට අධිකරණ නියෝග මත ඇප ලබාදුන්නද ඔවුන් මුදා හරින්නේ පී. සී. ආර්. පරීක්‍ෂණයකට යොමු කර එහි වාර්තා ලැබීමෙන් පසුව බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දේණිය මහතා පැවසීය.
 
 මේ දිනවල මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ ශීඝ‍්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් මතුව තිබීම නිසා සෞඛ්‍ය උපදෙස් පරිදි මෙලෙස රැුඳවියන් ඇප මත මුදාහැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
 
 පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමෙන් පසු ඇප හිමිවූ කිසියම් රැුඳවියකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව අනාවරණය වුවහොත් ඔවුන් සමාජයට මුදා හැරීමක් සිදු නොකරන අතර ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගන්නා බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
 
 බන්ධනාගාර පද්ධතිය තුළට කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වීමත් සමග රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ඇප ලබා දිය හැකි පුද්ගලයන්ට කරුණු සොයා බලා ඇප ලබාදීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාටද උපදෙස් ලබාදී තිබිණි.
 
 සමන් ගමගේ

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles