Divaina - 2021 වසර සඳහා අයවැය විවාදය 17 වනිදා සිට

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 


 
 කුෂාන් සුබසිංහ
 
2021 වසර සඳහා වන අයවැය විවාදය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේදී ආරම්භ වේ. මෙම විවාදය දින 20ක් පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
 
 අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අය වැය ලේඛනය ලබන 17වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ වේ.
 
 ඉන් පසු නොවැම්බර් 23 වැනිදා සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා ය. එදින පස්වරු 5ට ඡන්ද විමසීම පැවැත්වේ.
 
 අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 9.30ට රැස්වීම් ආරම්භ කර සවස 5.30 දක්වා පැවැත්වේ. නොවැම්බර් 18 වැනිදා සිට 20 දක්වා පෙරවරු 9.30 සිට 10.30 දක්වා මන්ත‍්‍රීවරුන්ගේ වාචික ප‍්‍රශ්න විමසීම පැවැත්වෙන අතර නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පෙරවරු 9.30 සිට 10.00 දක්වා මන්ත‍්‍රීවරුන්ගේ වාචික ප‍්‍රශ්න විමසීමේ අවස්ථාව ක‍්‍රියාත්මක වේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles