Divaina - ජනපති පළමු පදවිප්‍රාප්තිය චාම් අයුරින්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 
 
ශී‍්‍ර ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම්දී මෙම මස 18 වැනිදාට වසරක් සපිරේ.
2019 නොවැම්බර් මස 18 වැනිදා අනුරාධපුරය රුවන්වැලි මහ සෑය අභියසදී පෙරවරුවේ යෙදී තිබූ සුබ නැකතින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
 
 2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණින් තරග කළ අතර එහිදී ඡන්ද 6,924,255 ක් ලබා ගත්තේය.
 
 එය ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 52.25 කි.
 
 ජනාධිපතිවරයාගේ පළමු පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් උත්සව පැවැත්වීම හෝ සුබ පැතුම් පණිවිඩ සහිත සංවත්සර කලාප නිකුත් කිරීම සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී සිටී.
 
 එය ඉතා චාම් අයුරින් ආගමික වතාවත්වලට මුල්තැන දී සමරන බව ද සඳහන් කරයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles