Divaina - මෙවර අයවැයෙන් සීයයට 5ක ආර්ථික වර්ධන ඉලක්කයක්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
ලබන වර්ෂයේ (2021) අයවැය ලේඛනයෙන් 2021 වසරේ සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 7.8 කට අඩුකර ගැනීමට රජය ඉලක්ක කර ඇත.
 
 කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අහිතකර රාජ්‍ය මූල්‍ය තත්ත්වයකට මුහුණදීමට රජයට සිදුවීම නිසා මේ වසරේ (2020) සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 9.3 ක් දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
 
 එසේම මෙවර අයවැයෙන් ලබන වසරේ (2021) දී සියයට 5 ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ද ඉලක්ක කර තිබේ.
 
 ලබන වර්ෂය සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය මුදල් ඇමැති සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අනිද්දා ප. ව. 1.40 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.
 
 අයවැය කතාවෙන් පසු කථානායකතුමා විසින් පවත්වනු ලබන සාම්ප‍්‍රදායික තේ පැන් සංග‍්‍රහයද මෙවර නොපැවැත්වෙන අතර ඉතා සීමිත නිලධාරීන් පිරිසක් පමණක් මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී මහජන ගැලරියට කැඳවා ඇති බව ද මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ කීවේය.
 
 ආදායම් උත්පාදනය කර ගැනීමේ හැකියාව පවතින රාජ්‍ය ආයතන වෙනුවෙන් සැලකිය යුතු වැය බරක් භාණ්ඩාගාරය විසින් දරන බැවින් නිසි කළමනාකරණ උපාය මාර්ග මගින් එම ආයතන කාර්යක්ෂම හා ඵලදායී ආයතන බවට පරිවර්තනය කර ගැනීම අදාළ ආයතනවල කළමනාකාරිත්වයේ වගකීමක් බව මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා ජාතික අයවැය චක‍්‍රලේඛය මගින් පසුගිය සැප්තැම්බර් මාසයේදී අදාළ රාජ්‍ය ආයතනවලට උපදෙස් දෙනු ලැබීය.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles