Divaina - ලංකා පොහොර සමාගමේ කෝටි විස්සක වංචාවේ විමර්ශන ඉබි ගමනේ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 
 සිරිමන්ත රත්නසේකර, අරුණ බෝගහවත්ත
 
වත්තල හුණුපිටිය පිහිටි සීමාසහිත ලංකා පොහොර සමාගම මගින් 2015 වසරේදී දියර පොහොර ගෙන්වීමේදී රුපියල් කෝටි විස්සකට අධික මුදලක් (රුපියල් මිලියන 201) වංචා කර ඇතැයි කියන සිද්ධියේ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇත.
 
 2015 වසරේ දී සිදුව ඇති මෙම වංචාවේ පරීක්ෂණ කටයුතු මේ වෙන තෙක් නිසි පරිදි සිදු නොවන බවත් එබැවින් එම පරීක්ෂණ කටයුතු කඩිනම් කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදී සිදුව ඇති අලාභය රජයට අයකර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව ඇමැතිවරයා දැනුම්දී තිබේ.
 
 මෙම පරීක්ෂණවල ප‍්‍රගතිය පිළිබඳව ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා අමතා විමසා ඇති අතර එහිදී පරීක්ෂණ කටයුතු ප‍්‍රමාදය පිළිබඳව ද විමසා තිබේ.
 
 මේ වන විට කල් ඉකුත් වූ දියර පොහොර ලීටර් එක් ලක්ෂ දහ අට දහසක් ගබඩාවල තවමත් ඉතිරිව පවතින බවද කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කරයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles