Divaina - ගොඩගැසී ඇති නඩු විසඳන්න අලුත් විනිසුරු ධූරයක්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 


 සමන්ත ඉලේපෙරුම
 
දිවයින පුරා පිහිටි මහාධිකරණ සඳහා වාර්තාධිකාරී විනිශ්චයකාර යනුවෙන් නව විනිසුරු ධුරයක් ස්ථාපිත කොට ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මහාධිකරණයේ ගොනු කරනු ලබන අධිචෝදනා පත‍්‍ර විශ්ලේෂණය කර නඩු විභාගයන්ට දින වකවානු නියම කිරීම නව විනිසුරු ධුරය මගින් සිදුකරනු ලබයි.
 
 මේ සඳහා අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
 
 අධිකරණ ඇමැතිවරයාගේ කැබිනට් යෝජනාව අනුව පළමුව කොළඹ මහාධිකරණයේ නව විනිසුරු ධුරය ස්ථාපිත කිරීමට නියමිත අතර ක‍්‍රමක‍්‍රමයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණයන්හි ස්ථාපිත වනු ඇත.
 
 අපරාධ නඩු විධාන සංග‍්‍රහය පනත සහ දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව මගින් මහාධිකරණයට ‘වාර්තාධිකාරී විනිශ්චයකාරවරුන්’ පත් කිරීමට නිර්දේශ කර ඇති අතර ‘මහාධිකරණ පූර්ව නඩු විභාග සම්මේලන’ පැවැත්වීමත් එම නිර්දේශ අතර තිබේ.
 
 අධිකරණයේ පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් පූර්ව සහ පශ්චාත් නඩු විභාගයන්ට අදාළව වාර්තාධිකාරී විනිශ්චයකාරවරයකු පත්කිරීම අධිකරණ සංවිධාන පනත ප‍්‍රකාරව සිදුවිය යුතු වුවද, මෙතෙක් ඒ සඳහා පත්වීමක් සිදු නොවුණි. අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් සේවයේ යෙදී සිටින විනිසුරුවරයකු මේ සඳහා පත් කළ යුතුව ඇත.
 
 මහාධිකරණයේ ගොඩගැසී ඇති නඩු කටයුතු ඉතා ඉක්මනින් විභාග කර නීතියේ ආධිපත්‍යය පිළිබඳව ජනතා විශ්වාසයක් ඇති කිරීම නව විනිශ්චය ධුරය ස්ථාපිත කිරීම තුළින් බලාපොරොත්තු වන බව මේ පිළිබඳව අදහස් දැක්වු අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ‘දිවයින ඉරිදා’ සංග‍්‍රහයට පැවසීය.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles