නෝමන් පලිහවඩන
හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා ළඟදීම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ඒ සඳහා දැනට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්රිවරයකු ඉල්ලා අස්වීමට සූදානම් බවටත් දේශපාලන ක්ෂේත්රයේ පැතිර යන කථා බහ සම්බන්ධව කළ විමසීමේදී අග්රාමාත්යවරයා මේ බැව් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරයා මෙසේද පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස යළි පැමිණෙන ලෙස ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම මන්ත්රීවරුන් රැසක් ඉල්ලීම් කර තිබෙනවා. නමුත් ඔහු ඒ සම්බන්ධව තවම තීරණයක් ගෙන නැති බව පවසා තිබෙනවා.
- Hits: 262