Divaina - රිෂාඞ් අල්ලාගෙන ඇත්තේ ආධාරකරුවන් ලූහුබැඳ ගිහින්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

හේමන්ත රන්දුණු

 
රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දින හයක් තිස්සේ සැඟවී සිටි හිටපු ඇමැති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයාගෙන ඇත්තේ ඔහු වෙනුවෙන් අපේක්‍ෂිත ඇප අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ලිපි ලේඛනවලට අත්සන් කිරීම සඳහා ඔහු සැඟ වී සිටි ස්ථානය වෙත රැගෙන ගිය ආධාරකරුවන් පිරිසක් ලූහුබැඳ යෑමෙන් බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
 
 රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් තවත් ප‍්‍රබල පුද්ගලයන් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
 
 සැකකාර රිෂාඞ් බදියුදීන්ට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයන් අතර කිසිදු දේශපාලන සම්බන්ධයක් ඇති අයකු නොමැති බව පවසන පොලිසිය ඔහුට රැකවරණය දී ඇත්තේ ඔහුගේ සමීපතම මිතුරන් පිරිසක් විසින් බව ද සඳහන් කරයි.
 
 පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම ප‍්‍රදේශයේ අවතැන් වු මුස්ලිම් ජාතිකයන් පිරිසක් ඡන්දය පාවිච්චි කිරීම සඳහා මන්නාරමේ ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට රුපියල් ලක්‍ෂ 95 ක මුදලක් වැය කරමින් බස් රථ යොදා ගත් බවට හිටපු ඇමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles