Divaina - සී.අයි.ඩි ය සුද්ධ කරයි

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 

 


 හේමන්ත රන්දුණු
 
පසුගිය රජය සමයේ පක්ෂපාතී අන්දමින් පොලිස් විමර්ශන සිදු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දූෂිත නිලධාරීන් පිරිසක් වහාම එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
 
 මේ මස අවසන්වන විට මේ දූෂිත නිලධාරීන් සියලූ දෙනා ඉවත්කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ශුද්ධ කිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
 
 පසුගිය රජය සමයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අවශ්‍යතාවන් මත අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පක්‍ෂග‍්‍රාහී අන්දමින් සිදු කළ පහළ ශ්‍රේණිවල බොහෝ නිලධාරීන් තවමත් එම දෙපාර්තමේන්තුව තුළ සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
 මෙම නිලධාරීන් ඇතැම් විමර්ශන කටයුතු දේශපාලන අවශ්‍යතා මත ද ඇතැම් ඒවා මුදල් ලබාගෙන සහ වෙනත් වරදාන වරප‍්‍රසාද ලබාගෙන ඉතාම පක්‍ෂග‍්‍රාහී අන්දමින් සිදු කළ බවට චෝදනා එල්ලවී ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles