Divaina - මාළු කෑවාට කොරෝනා හැදෙන්නේ නැහැ - වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ඒමන්ති මාරඹේ
 
මෙම කොරෝනා වසංගත සමයේ හොඳින් සෝදා නියමිත උෂ්ණත්වයට පිස ගනු ලබන මාළු අනුභව කිරීමේ වරදක් නැතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.
 
 මේ පිළිබඳව අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂකවරයකු මෙන්ම වර්තමානයේ සෞඛ්‍ය හා සමාජ සේවාවන් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ද වන විශේෂඥ වසංගත රෝග වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා,
 
 මෙම දිනවල මාළු/මස් හෝ වෙනත් ඕනෑම ආහාරයක් /ද්‍රව්‍යයක්/භාණ්ඩයක් මිල දී ගැනීමේදී ඒවා මිලදී ගනු ලබන නැතහොත් නිවසට ගෙනවිත් බෙදා හරින පුද්ගලයාට සෘජුවම නිරාවරණය නොවීම මගින් කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකි බව කීවේය.
 
 එසේ ආහාර හෝ භාණ්ඩ මිලදී ගනු ලබන නැතහොත් බෙදා හරින තැනැත්තා කොරෝනා වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු විය හැකි නිසා සැම විටම ඔවුන් හා ගනුදෙනු කිරීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම වැනි ආරක්ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම හරහා සෘජුවම නිරාවරණය නොවීම වැදගත් බව හෙතෙම අවධාරණය කළේය.
 
 මේ අතර මෑතකදී සිංගප්පූරුවේ ඩියුක්-නුස් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ නව කොරෝනා වෛරසයට ශීත කරන ලද මාළු හා මස් මත සති තුනක් දක්වා වූ කාලයක් රැඳී සිටීමට හැකි බවයි. මෙම අධ්‍යයනයට පෙර චීන විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී ද හෙළි වී ඇත්තේ මාළු හා මස් මත ෆැරන්හයිට් අංශක 39.2 ක උෂ්ණත්වයක් යටතේ මෙන්ම සෘණ 4ක අඩු උෂ්ණත්වයක් යටතේද කොරෝනා වෛරසයට දින 21ක් කාලයක් නොනැසී පැවතිය හැකි බවයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles