Divaina - රට යළි ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නැහැ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


haritaකොවිඞ් 19 වෛරස රෝගය පාලනය සඳහා නැවත වරක් රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි රජයේ වෛi.. නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛi හරිත අලූත්ගේ මහතා පවසයි.
 
 මෙම වෛරස රෝගය පාලනය සඳහා මුල් අවස්ථාවේ රටපුරා නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කිරීමට සිදු වූයේ ඒ මොහොතේ මෙම රෝගය පාලනය කිරීමට අවශ්‍ය නිසි පහසුකම් සෞඛ්‍ය අංශ තුළ නොතිබීමත් ජනතාව තුළ රෝගය පිළිබඳ නිසි අවබෝධයක් නොතිබීමත් බව සඳහන් කරන ඒ මහතා මේවන විට රෝගය පාලනය සඳහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය අංශ තුළ පැවතීමත් ජනතාව තුළ මෙම රෝගය පිළිබඳව යම් දැනුමක් පැවතීමත් නිසා මුළු රටටම ඇඳිරිනීතිය පනවා කොවිඞ් වෛරසය පැතිරීම පාලනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද සඳහන් කරයි.
 
 රෝගීන් හඳුනාගන්නා ප‍්‍රදේශවල සංචරණ සීමා පැනවීම සහ රෝගීන් නිරෝධායනයට යොමුකිරීම මගින් මෙය පාලනය කළ හැකි බව පවසන ඒ මහතා කොවිඞ් 19 වෛරසය ආසාදනයවීම වළක්වාගැනීමට අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක‍්‍රම හඳුන්වාදී ඇති නිසා ඒවා අනුගමනය කිරීම තම වගකීමක් ලෙස සිතා රටේ සියලූ දෙනා ක‍්‍රියා කළ යුතු යැයිද අවධාරණය කරයි.
 
 උපාලි ද සේරම්

 


 

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles