Divaina - සතොස ලොකු ලූනු කිලෝ පනස් දහසක් මිලදී ගත්තා

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 
 දේශීය ගොවීන්ගෙන් ලොකු ලූනු කිලෝ පනස්දහසක් සතොස මගින් මිලදී ගෙන ඇතැයි සතොස සාමාන්‍යාධිකාරි (අධ්‍යක්‍ෂ සහ අලෙවි* මෙවන් ආදිහෙට්ටි මහතා පැවසීය.
 
 රජයේ සහන වැඩපිළිවෙළට සමගාමීව සතොස ශාඛා මගින් රුපියල් සියයක මිලකට ලොකු ලූනු කිලෝවක් අලෙවි කරන බවත්, දේශීය ගොවීන්ගෙන් සාධාරණ මිල ගණන් යටතේ දේශීය ලොකු ලූනු මිලදී ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.
 
 එසේම මේ වන විට දිවයින පුරා පිහිටි සියලූම සතොස ශාඛාවන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමට කටයුතු කරන තිබෙන බවත්, ඇතැම් අවස්ථාවලදී ප‍්‍රවාහනයේදී යම් යම් ප‍්‍රමාදයන් සිදුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
 
 රජය මගින් බදු අඩු කිරීමත් සමග සතොස ශාඛාවන්වල අලෙවි කරන ලොකු ලූනු, සැමන්, සීනි සහ පරිප්පු සඳහා ඉහළ ඉල්ලූමක් පවතින බවත්, පාරිභෝගික ජනතාවට අවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීමට ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන බවත් මෙවන් ආදිහෙට්ටි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 ලසිත දුමින්ද

 


 

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles