Divaina - කොරෝනා පාලනයට සහාය දීමට සමගි ජන බලවේගය එක්වෙයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 කොවිඞ්-19 පාලනයට ආණ්ඩුව විසින් ගනු ලබන සියලූම සාධනීය පියවර සඳහා සහාය දීමට විපක්ෂය තීරණය කර ඇත.
 
 
 මේ මොහොතේදී ආණ්ඩුවේ ප‍්‍රමුඛතම කාර්යය විය යුත්තේ කොවිඞ් පාලනය සඳහා විධිමත් පියවර ගැනීම බවද ඒ සඳහා ආණ්ඩුවත් සමග එක්වී කි‍්‍රයාකිරීමට සූදානම් යැයිද ප‍්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය හි ජ්‍යෙෂ්ඨයකු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 කොවිඞ් පාලනය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය ආණ්ඩුව විසින් භාවිතා කළ යුතු බවත් නව ආසාදිතයින් සොයා ගැනීම සඳහා දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප‍්‍රමාණය ද වැඩි කළ යුතු යැයිද හෙතෙම ප‍්‍රකාශ කළේය.
 
 පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති ප‍්‍රදේශවල සිටින සියලූම ජනතාවට අත්‍යවශ්‍ය එදිනෙදා භාණ්ඩ ලබා ගැනීමට යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කළ යුතු සේම ඒවා මිලදී ගැනීමට මුදල් සහනාධාරයක් ලබා දීමටද පියවර ගැනීම සුදුසු යැයිද එම ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් කියා සිටියේය.
 
 අකිත පෙරේරා

 


 

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles