Divaina - අන්තර්ජාල සාකච්ඡා පවත්වමින් විදෙස් සහාය ලබා ගන්නවා

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 
 
 පවතින කොරෝනා වසංගතය හමුවේ විදෙස් රාජ්‍ය නායකයන් හමුවීම සඳහා යෑමට නොහැකි වුවත් ඔවුන් සමග අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡුා පවත්වමින් රටේ සංවර්ධන කටයුතු සඳහා සහාය ලබා ගැනීමට පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 මෙවැනි සාකච්ඡුාවක් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පසුගියදා පැවැත්වූ බවත් එලෙස ඉදිරියේදී අනෙකුත් රටවල රාජ්‍ය නායකයන් සමග ද සාකච්ඡුා පවත්වන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
 
 කොරෝනා වසංගතය නිසා රටේ සංවර්ධන කටයුතු සඳහා යම් බලපෑමක් ඇතිවුවත් සියලූ දෙනා එක්ව මෙම වසංගතය පාලනය කරගතහොත් සංවර්ධන කටයුතු වේගවත් කළ හැකි බව ද අග‍්‍රාමාත්‍යවරයා කීවේය.
 
 නෝමන් පලිහවඩන

 

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles