Divaina - නිරෝධායන පනතට බියවී ඇත්තේ නීති කඩන අයයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

shavendකොවිඞ් 19 රෝගය පාලනය කිරීම සඳහා ප‍්‍රකාශයට පත් කර තිබෙන නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත‍්‍රය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

රටේ ජනතාවගේ සෞඛ්‍යමය ආරක්‍ෂාවට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව අදාළ පනත ක‍්‍රියාත්මක වන බවත්, එම නිසා රටේ නීතියට ගරු කරන කිසිවකුත් මේ පිළිබඳව කලබල විය යුතු නැති බවත් යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම රජය මෙවැනි නීති ගෙන එන්නේ සමස්ත

ජනතාවගේම ආරක්‍ෂාවට බවත් සඳහන් කළ ශවේන්ද්‍ර සිල්වා මහතා අන් අයගේ සෞඛ්‍යමය ආරක්‍ෂාවට බාධාවක් වන ඕනෑම කෙනෙකුට මෙම නීතිය අදාළ වන බවත් සඳහන් කළේය.

මේ වන විට රටේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය යම් තරමකට පාලනය කරමින් සිටින බවත්, නමුත් යම් යම් අවස්ථාවලදී දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ආසාදිතයන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් හමුවීමේ ඉඩකඩක් පවතින බවත් යුද හමුදාපතිවරයා කීවේය. එම නිසා සියලූම දෙනාම කොවිඞ් ආසාදිතයකු නොවී තම පවුල, අසල්වැසියා, රැුකියා ස්ථානය ඇතුළු සමස්ත රට වැසියන්ම මේ රෝගයෙන් ආරක්‍ෂා කර

ගැනීමට අධිෂ්ඨානයක් ඇති කරගත යුතු බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ලසිත දුමින්ද

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles