Divaina - කහ ප‍්‍රති අපනයනය කළොත් වහ කන්න වෙයි - කහ ආනයනකරුවන්ගේ සංගමය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 ජගත් කණහැරආරච්චි
 
රේගුව මගින් රඳවාගෙන තිබෙන කහ තොග ඉන්දියාවට ප‍්‍රති අපනයනය කරන්නට රජය තීරණය කළහොත් තමන් ඒ සඳහා දරා ඇති වියදමට අමතරව තවත් රුපියල් කෝටි 13 ක් පමණ ඒ සඳහා වැයවන බැවින් තමන්ගේ ව්‍යාපාර කඩාවැටීමට ලක්වන බව කහ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
 එබැවින් ඕනෑම කොන්දේසියකට යටත්ව මෙම කහ තොගය පමණක් නිදහස් කර දෙන මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මින් පසු තම සංගමය මෙරටට කහ ආනයනය නවතා දමන බවත් එම සංගමය සඳහන් කරයි.
 
 මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ප‍්‍රධාන සංවිධායක ශිවලිංගම් අලිල්වෙන්දන් මහතා ප‍්‍රකාශ කරන්නේ ආනයනය කළ සියලූ කහ තොග සැබෑ තොරතුරු ඉදිරිපත් කර නීත්‍යනුකූලව මෙරටට ගෙන්වූ ඒවා බවයි.
 
 කහ කන්ටේනරයක් ආනයනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 42 ක් වැයවන බවත් ඒ සඳහා බදු වශයෙන් සාමාන්‍යයෙන් තමන් මේ දක්වා එක් කන්ටේනරයකට රුපියල් ලක්ෂ 18 බැගින් ගෙවන නමුත්, ප‍්‍රති අපනයන කළහොත් ඊට අමතරව එක කන්ටේනරයකට තවත් රුපියල් ලක්ෂ 26 ක් ගෙවීමට සිදුවන නිසා තමන්ට සිදුවන අති විශාල පාඩුව කවුරුනුත් ගණනය නොකිරීම අසාධාරණයක් බවත් ඒ මහතා සඳහන් කළේය.
 
 පසුගිය මැයි මාසයේදී තම සංගමයේ සාමාජිකයන් 20 දෙනකු විසින් සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල පදනමින් කන්ටේනර් 50 ක කහ කිලෝ ලක්ෂ 10 ක තොගයක් ඉන්දියානු සමාගම් හරහා මෙරටට ගෙන්වන ලද අතර එම කහ තොගය රටේ නිවාස ලක්ෂ 50 අතර බෙදී ගියහොත් එක් නිවසකට ග‍්‍රෑම් 250 බැගින් සති 2-3 කට පමණක් ප‍්‍රමාණවත් වන බව පෙන්වා දෙන එම සංගමය වැඩිදුරටත් පවසන්නේ දේශීය කහ අස්වනු එන තුරු පවතින හිඟය පියවීමට මෙම කහ තොගය විසඳුමක් වනු ඇති බවයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles